Sunday, December 20, 2015

ගිම්හාන සුලන්

ගිම්හාන සුලන්



හමායයි ගිම්හාන සුලන් රැලි හෙමි හෙමින්
ලග ලගම එන ගිම්හානය ගැන මුමුන්මින්
වසන්තය නිමා වන බව ඉක්මනින්
පවසවි කනට කර සෙනෙහසින්

පෙරදාක පැතු හීන එකින් එක බොද වෙමින්
අපි අතර තිබු සෙනේ හෙමි හෙමින් දිය වෙමින්
අපි අපේ වූ ලෝකෙ ටිකෙන් ටික අඩු වෙමින්
ගලා යයි ජීවිතේ හනි හනික ඒ මැදින්

ශ්වේත සද හිනැහෙනා රෑ යාමෙ තරු මැදින්
සයිබර් මාවතේ එක්වෙලා ඇවිදිමින්
බෙදාගත් සිනා ආදරෙන් ලන් වෙමින්
වේද සොදුරුතම මතකයන් පමනක්

16 comments:

  1. හරිම ලස්සනයි සිනේකා...

    ReplyDelete
  2. ස්තූතියි අන්දකාර තාරකාව

    ReplyDelete
  3. සඳේ රැස් නිවෙන්නයි..
    මලේ රොන් හිඳෙන්නයි..
    බිඟුන් නද මැකෙන්නයි..
    තවත් ඉතිරි මොහොතයි..

    සඳේ පහන් බව
    මලේ සුපුන් බව
    බිඟු මිහිරි නද
    මැකෙන්න තව මොහොතයි...

    නුඹේ සිනාවක් නුඹේ කතාවක්
    නැති අද සොබාසොඳුරිත්
    යලි නොයෙන්න ගිහින් නුඹ වගේ...

    ReplyDelete
  4. ලස්සන කවියක්......... ලස්සන අවසන් කිරීමක්.....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කුරුටු ගෑ ගී පවුර

      Delete
  5. සැබවින්ම ලස්සනයි සහ යටි පෙළ අරුත් දනවනසුලුයි
    දිගටම ලියන්න
    ජයවේ සිනේ!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වර්ණකුලසූරිය

      Delete
  6. නිම ව යන තෙක් ගිම් සමේ
    අපි ළං ව විඳගමු ආදරේ...

    ReplyDelete
    Replies
    1. හෙමි හෙමි ඔබ යයිද වෙන් වෙලා ජීවිතෙන්
      මතක පමනක්ම වෙද ඔබ පිදූ ආදරෙත්

      Delete
  7. ලස්සනයී........ සිනෙ......

    ReplyDelete
  8. Replies
    1. ස්තූතියි අජිත්. ආයෙත් ඇවිත් යන්න ප්ලුවන් වෙලාවට

      Delete
  9. ලස්සනයි අපූරු කතාවක් හිත කොනිත්තන කවියක්
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මහේශ්. පුලුවන් වෙලාවට ආයෙත් ඇවිත් යන්න

      Delete