Wednesday, December 9, 2015

අලුපාට මතකයක

අලුපාට මතකයක

ලස්සන පාට පාට මතක අස්සෙ හැන්ගුන අලුපාට මතකයක් ගොඩක් කලෙකින් එලියට අවිත්. ඔවු ඒක අලුපාට මතකයක්. ඉස්සරම ඉස්සර ලස්සන පාටට තිබ්බ මතකයක්. කදුලු බින්දු වලටම හේදිලා ගිහින් දැන් අලු පාට වෙලා. ඒ මතකය එලියට අරන් දූවිලි ටිකක් ගසල දාලා ආදරෙන් හදවතට ලන් කරගත්තා. මගේ හිත පොඩ්ඩක් කොනිත්තගෙන මටම රිද්ද ගන්න කුරිරු ආසාවක් තිබ්බෙ නෑ කියන්නම බෑ. අලු පාට මතකයෙ පාට නැතිවෙලා අලු පාට වෙලා තිබ්බත් ඒ මතකයෙ හැන්ගිලා තිබ්බ හිනාවල් වගේම කඳුලුත් අපූරුවට තිබ්බා. ඉතින් මන් ඒ මතකය තුරුලු කරන් ඇස් දෙකම පියාගත්තෙ හිතේ හැටියට ඒ මතකය විදින්න. විදවන්න.

ලස්සනම ලස්සන අරලිය මලක් ඒ එක්කම කටකාර අරලියා මල් දෙකක්.තව සින්දු කියන අරලිය මලක්. අරලියා මල් හතරක්. මේ මල් හතර එකතු වෙලා හැදුන අහින්සක ලස්සන අරලිය පොකුරක්. මේ මල් හතර හැමදාම අදරෙන් සතුටින් එක පොකුරක් වෙලා ඉන්න හීන මවා ගෙන හිටියා. හිනාවල් අස්සෙ හැන්ගුන පොඩි පොඩි රණ්ඩු නොතිබ්බම නෙමෙයි. ඒත් ඒ රණ්ඩු වුනේ දගකාරකමකට මිසක් කිසිම තරහකට නෙමෙයි. දවස් එකින් එක ගෙවිලා ගියා. වසන්ත මාරුතත් එක්ක ගිම්හාන මාරුතත් ටික ටික හමන්න පටන් ගත්තා.

මේ මල්වලත් වසන්තය නිමා වුනා. පොකුරුරෙ තිබ්බ මල් වෙන් වුනා. නැත්තම් වෙන් කළා. ඇත්තටම මල්, පොකුරෙන් වෙන් වුනාද වෙන් කරාද කියන එක ඒ මල් වලටත් ප්‍රශ්නයක් වෙන්න අති. හැමදාම එකට ඉන්න ආදරෙන් ඉන්න හිතපු මල් වෙන් වෙන්න එච්චර කාලයක් ගියෙ නෑ. අන්තිමට මල් දෙකක් වෙන් වෙලම යන්න ගියා.ඉතිරි වුන මල් දෙක හැම වේදනාවක්ම දරාගෙන බලන් හිටියා.ටික කාලෙකින් වෙන් වෙලා ගිය එක මලක් අයෙත් අවා. පොකුර මල් තුනක් වුනා. එත් හතරවෙනි මලේ අඩුව මකන්න විදියක් තිබ්බෙ නෑ. ගිම්හනයත් ටික ටික ගෙවුනා. සරත් කාලයත් අවා. දැන් ඒකත් ගෙවිලා. සීතලම සීතලේ ඒ මල් තුන දුර ඈත බලන් ඉන්නෙ ආයෙත් වසන්තය අරන් හතරවෙනි මල එනකන්.................


9 comments:

  1. ශීත කාලය පැමිණේවි
    තද ශීත කුණාටු හමාවි
    හිම කැටි සහිත මහ නපුරු සුළි සුළං හමාවි
    එහෙත් වසන්තය එනවා සත්තයි…

    ReplyDelete
    Replies
    1. වසන්තය එවි කියන පුන්ච්ම පුන්චි බලාපොරොත්තුව එක්ක මග බලන් ඉදීවි

      Delete
  2. ගින්නක් නැතුව දුමක් නගින්නෙ නෑ වගේ එ මල් වලටත් වෙන්වෙන්න හේතුවක් තියෙන්න ඇති. එත් කවද හරි දවසක වසන්තය අරන් හතර වෙනි මල ආයෙත් එවි.එතකන් අනිත් මල් තුනට බලාපොරොත්තු දල්වාගෙන බලාගෙන ඉන්න වෙවි. ඒ මලට එන්න බැරි උනත් හිත් වලින් ඒ මල් හැම දාම එකට බැඩිලා ඉදීවි.

    ReplyDelete
    Replies
    1. ඔවු. ඒ හතරවෙනි මල ඉක්මනටම ඒවි වසන්තය ඉක්මනින් අයෙමත් ඒවි

      Delete
  3. ඒ ලස්සන අරලිය මලවල සුවඳ මතකද? එ අරලිය මල් හතරට එයාල නැතුව ඉන්න බැරි කාලයක් තිබුන නෙද..? ඒත් කාලෙ ගෙවෙද්දි ඒ මල්වල තිබුනු ලබැඳියවත් අඩු උනා කියල හිතුනා...ඒත් නැ මල් තුනක් ලං උනා වගේ අනිත් මලත් ලං වෙන්න ලඟයි වගේ....මට ඒක දැනෙනවා...

    ReplyDelete
    Replies
    1. ආයෙමත් ලන් වේවි. වසන්තය ඉක්මනට ඒවි

      Delete
  4. ඒ ලස්සන අරලිය මලවල සුවඳ මතකද? එ අරලිය මල් හතරට එයාල නැතුව ඉන්න බැරි කාලයක් තිබුන නෙද..? ඒත් කාලෙ ගෙවෙද්දි ඒ මල්වල තිබුනු ලබැඳියවත් අඩු උනා කියල හිතුනා...ඒත් නැ මල් තුනක් ලං උනා වගේ අනිත් මලත් ලං වෙන්න ලඟයි වගේ....මට ඒක දැනෙනවා...

    ReplyDelete