අපට අප කවියක්ද?
උදේ රෑ නිදි නැතිව
හීන ගෙත්තම් කෙරුවාම
මහන්සිය නොසලකා
ආදරෙන් ලන් කරන්
හාදු පොදි තැවරූව
දෙකොපුලට බර දිදී
කදුලු වැසි වැස්සාම
සීරුවට ලගට ගෙන
ජීවිතේ ගැන කීව
පොඩිම පොඩි දබරයක්
හිටි ගමන් වූ නමුත්
පෙරමෙන්ම මිතුරු වී
ආදරෙන් කල් ගෙවුව
මහම මහ දහවලක
හිටිගමන් අවදි වී
උදා වූ දිනයකට
මිතුදමින් සුබපැතුව
අපට අප කවියක්ද?
අරුත් සුන් ගීයක්ද?
තනුව නැති කවියක්ද?
වැරදිච්ච ගීයක්ද?