Friday, January 15, 2016

සමුගැන්ම

සමුගැන්ම



හදවතේ අගිස්සක ප්‍රේම මල් පූදිද්දි
ජීවිතේ හැම හීන මල් වටා ඉපදෙද්දි
කුලුදුල්ම ආදරේ නුබෙ නමින් ලියවෙද්දි
නුබම පියවර තබා හදේ මල් පාගද්දි

උණුසුම්ම කදුලු  බිදු මගේ මුව සිපගද්දි
ජීවිතේ දුටු හීන කදුලටම දියවෙද්දි
කදුලෙනුත් පන ලබා මගෙ සෙනේ දලුලද්දි
නුබේ හද තව තවත් සීතලෙන් ගල්වෙද්දි

හදවතේ ගැස්ම වුව ඔබේ නම මුමුනද්දි
සීතලම සුලන් රැලි මතක පොදි ගෙන එද්දි
දුර ඈත අතීතේ මිතුදමින් ලන්වෙද්දි 
මේ ලෙසින් වෙන්වෙලා යන්න අපි නොසිතද්දි

9 comments:

  1. ලස්සනයි
    දුක්බරයි
    පෙම්බරයි.

    ReplyDelete
  2. ලස්සනයි............... දුකත් විදීමට හැක කියලා හිතාගනිමු..........

    ReplyDelete
    Replies
    1. ඔව් නේද කුරුටු ගෑ ගී පවුර.දුකත් එක මිහිරක්

      Delete
    2. කොහේ හෝ හිඳී නුඹ
      සොයමි තව සොයමි තව
      රිදෙන හදවත පතුලේ
      නුඹ හිඳී මිලානව..

      ආතුරව හිඳි සිතට
      පැන් පොදක් වැටෙන සඳ
      කීරි යන වේදනා
      මැකීයයි සීරුවට..

      තව සොයමි තව සොයමි
      කොහේ වෙද ඒ කඳුල
      නුඹ හිඳී හදවතේ
      ජීවයක් නැති ඉමක..

      Delete
    3. කොහේ හෝ හිඳී නුඹ
      සොයමි තව සොයමි තව
      රිදෙන හදවත පතුලේ
      නුඹ හිඳී මිලානව..

      ආතුරව හිඳි සිතට
      පැන් පොදක් වැටෙන සඳ
      කීරි යන වේදනා
      මැකීයයි සීරුවට..

      තව සොයමි තව සොයමි
      කොහේ වෙද ඒ කඳුල
      නුඹ හිඳී හදවතේ
      ජීවයක් නැති ඉමක..

      Delete
  3. අනගියි!
    ජයවේ!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වර්ණකුලසූරිය

      Delete