Monday, January 18, 2016

එන්න මදනලේ

                               එන්න මදනලේ






සීතලම මදනලේ වේගයෙන් මෙහෙ එන්න
මතක පමනක් තියා සියලු දේ අරගන්න
ඔහු මුවෙන් පිටකෙරූ හාදුවක් තවරන්න
ඉකිබිදින හදවතේ වේදනා ගෙන යන්න

සීතලම මදනලේ හැකි ද මෙය කර දෙන්න
මගේ මිතුරා සොයා දුර ඈත ඇවිදින්න
සියලු දුක් දරා දැවෙනා හදත් සුව කරලන්න
පෙර මෙන්ම අපි තවත් මිතුරන්ද අහගන්න

ප්‍රීතියෙන් දිවි ගෙවන අය වෙතට ඔබ යන්න
හදවතේ වේදනා ඇති අයෙක් හමුවන්න
සිසිලසත් කැටි කරන් ආදරෙන් සිප ගන්න
ඔහු මගේ සුමිතුරා නොවේ දැයි දැනගන්න

බිදී විසිරුනු හදැති පෙම්වතුන් වෙතයන්න
ඉරි තැලුනු  හදක් ඇති අයෙක් වෙති හමුවන්න
පෙම්වතිය අතින් නොව මිතුරියක බිද දැම්ම
සියලු දේ ගැනම පසුතැවෙන බව දන්වන්න

හැකිතරම් ඉක්මනට මිතුදමින් ලන් වෙන්න
පෙර මෙන්ම ආයෙමත් එක්වෙලා හිනැහෙන්න
සතුටෙ පමනක්ම නොව දුකේදිත් ලගඉන්න
මම තවම මග බලන් ඉන්න බව දන්වන්න

13 comments:

  1. ස්වාභාවික දේට අමතා ලියවෙන කවි වල අමුතු ගතියක් තියෙනවා...
    ලස්සනයි වසන්තයට පෙර
    ජයවේ!

    ReplyDelete
  2. හරිම ලස්සනයි.... මේ වගේම ලියන්න.... දැන් ඔයා ගොඩක් දියුනු වෙලා.. මට මේ කවිය මතක් වුනා...
    දයාබර මඳනළේ
    හැකිතරම් දුර යන්න
    සිහිල් සුලඟක් මවා
    විඩා සිත් සනහන්න

    නළල් තල මත නැගෙන
    ඩා බිඳක් පිසලන්න
    කඳුළකට ඉඩ නොදී
    සුසුමක්ව ලඟ ඉන්න

    පාළු නිරුදක කතක
    පැතුම් ඉටු කරලන්න
    අනෝරා වැසි මවා
    පතොක් මල් පුබුදන්න

    මුව අගින් නික්මෙනා
    ඉකිබිඳුම් නවතන්න
    සිනාවක් වී ඇවිත්
    දෙතොල් අග පූදින්න

    මේකුළක් රැගෙනවිත්
    හිරු තාප අවුරන්න
    පිච්ච මලකින් හමන
    සුවඳ ලොව පතුරන්න

    හුදෙකලා හදවතක්
    තනිකමෙන් මුදවන්න
    පෙර දිනක මුදු මතක
    ඉතිරි කර නික්මෙන්න

    දයාබර මදනළේ
    හැකිතරම් දුර යන්න
    සිහිල් සුළඟක් වෙලා

    විඩා සිත් සනහන්න...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අන්ධකාර තාරකාව. ඇත්තටම ඔයාගෙ කවියත් ගොඩාක් ලස්සනයි

      Delete
  3. ලස්සන කවි පෙලක්.
    වසන්තයට පෙර...

    ReplyDelete
  4. Hmmmmmmmm.........niceee........he he.......lassanaiiii.....(teddy)

    ReplyDelete
  5. Hmmmmmmmm.........niceee........he he.......lassanaiiii.....(teddy)

    ReplyDelete
  6. ලස්සනයි.
    සමහර දේවල් වලට අපිට හුඟක් කල් මඟ බලාගෙන ඉන්න වෙනවා. ඉතින් ඉවසන් ඉමු.

    ReplyDelete
  7. ඔව් නේද? ඉවසගෙන මගබලාන ඉමු. ස්තූතියි දිනෙශ්

    ReplyDelete
  8. ඔව් නේද? ඉවසගෙන මගබලාන ඉමු. ස්තූතියි දිනෙශ්

    ReplyDelete