Wednesday, January 20, 2016

වැහි බින්දු හරි නපුරුයිලු

 වැහි බින්දු හරි නපුරුයිලු


රක්ත පැහැ බාසුරුව
අදුරු පැහැ මේඝයක්
සීරුවට ලන් වෙමින්
වසා ගන්නාවිටදි
හරිත පැහැ ගත්ත ගස්
මහ හඩින් සිනා සෙනවාලු

ගුරු පැහැති මහ පොලව
ඒ සිනා හඬ අසා
මහ දුකින් කම්පිතව
වේගයෙන් ඉකිලනවාලු


සීතලම වැහි බින්දු
හරිත පැහැ ගස් අතර
ඔච්චමට දුවන විට
ඒ මහා ගස් දරා ඇති
දුක් වේදනා පොදි බදිනවාලු

හැමතැනම දුව දුවා
පොදි බැන්ද වේදනා
සීරුවට ලන් වෙමින්
මේ මහා පොලව මත දමනවාලු

මහා දුක් දරාගෙන
මහ නපුරු වැහි බින්දු
ආදරෙන් ලන් කරන්
අහස වෙත යන පාර
හැමදාම කියා දෙනවාලු

බිම වැටුනු වැහි බිදති
එකින් එක එක් වෙමින්
මහ පොළව සූරාන
ආයෙමත් පල්ලම් බහිනවාලු

වල ගොඩැලි හා සමග
රලු බොරලු වූ පසත්
පමනක්ම හද දරා
මහ පොලව අයෙමත් 
හිනැහෙන්න බලනවාලු 

6 comments:

  1. වැහි බින්දු මෙතරම් නපුරුද.
    ලස්සනයි)

    ReplyDelete
  2. ඔවු හරිම නපුරුයි මහේශ්

    ReplyDelete
  3. ලස්සනයි.

    වැහි බිංදු නපුරු කෙසේ වෙතත් මම නම් වැස්සට මාර ආසයි.

    ReplyDelete
  4. මාත් වැස්සට හරිම ආසයි දිනේශ්

    ReplyDelete