Monday, January 25, 2016

අපට අප කවියක්ද?

අපට අප කවියක්ද?



උදේ රෑ නිදි නැතිව
හීන ගෙත්තම් කෙරුවාම
මහන්සිය නොසලකා
ආදරෙන් ලන් කරන්
හාදු පොදි තැවරූව

දෙකොපුලට බර දිදී 
කදුලු වැසි වැස්සාම
සීරුවට ලගට ගෙන
ජීවිතේ ගැන කීව

පොඩිම පොඩි දබරයක්
හිටි ගමන් වූ නමුත්
පෙරමෙන්ම මිතුරු වී
ආදරෙන් කල් ගෙවුව

මහම මහ දහවලක
හිටිගමන් අවදි වී
උදා වූ දිනයකට
මිතුදමින් සුබපැතුව

අපට අප කවියක්ද?
අරුත් සුන් ගීයක්ද?
තනුව නැති කවියක්ද?
වැරදිච්ච ගීයක්ද?

14 comments:

  1. ආදරේ හැටි නෙව යාලු වෙනේක තරහ වෙනේක.
    ආදරේ කරන අයට නං අපිට අපි කවියක් වගෙ තමයි බූට් එක කෑවම
    කවියක් විය ඔබ නං
    කිය කිය හොටු පෙරනෙක නෙ කොරන්නෙ
    කවිය ලස්සනයි ජයවේවා

    ReplyDelete
  2. අත්දැකීම් තියනවා වගේ මහේශ්. :) ආදරේ ටිකක් විතර බයානකයි නේද එහෙනම්? ස්තූතියි මහෙශ්

    ReplyDelete
    Replies
    1. මිනිහට ගොඩක් අත්දැකීම් තියෙනවා සහෝදරී..බලාගෙන

      Delete
    2. හරි මහේශ්. පරිස්සම් වෙන්නම් :)

      Delete
  3. හරිම ලස්සනයි වසන්තයට පෙර

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අන්ධකාර තාරකාව

      Delete
  4. ඔය මොකක් හරි ඒකක් තමා නේද???????

    ReplyDelete
    Replies
    1. ඔය මොකක් හරි ඒකක් තමා කුරුටු

      Delete
  5. බූට් එකක් කන්නම ඕන නේද මෙච්චර ලස්සන නිර්මාණයක් කරන්න.
    ලස්සනයි.)

    ReplyDelete
    Replies
    1. එහෙමම ඕන නැහැ මහේශ්. බූට් නොකා මන් ලියන්නෙ.:) ස්තූතියි

      Delete
  6. //මහම මහ දහවලක
    හිටිගමන් අවදි වී
    උදා වූ දිනයකට
    මිතුදමින් සුබපැතුව//

    මෙන්න මේ කවියගැන සෑහෙන්න හිතුවා.වෙන අදහසක් ඔළුවට ආවෙම නෑ.ආදරයක් බිඳුනට පස්සේ යාළුකමක් පවත්වාගනයනවා කියන්නෙම සෑහෙන්න කැපකිරීමක්.කවිය ලස්සනයි.
    අක්ෂර වින්‍යාසයගැන ඩිංගිත්තක් සැලකිලිමත් වෙන්න.
    ජය වේවා.....

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්න ඇති කටුසු,
      හරි මන් අක්ෂර වින්‍යාසය ගැනත් හිතන්නම්කො. ස්තූතියි ඔයාට කටුසු

      Delete
  7. වැඩිය හිතන්න හොද නෑ.
    අරුත කොහොම උනත් සුන්දර පද පෙලක් කියලා හිත හදා ගන්න තියෙන්නේ.

    ReplyDelete