Sunday, February 28, 2016

හීනයක් තිබුනා

 හීනයක් තිබුනා



හදවතේ එක් කොනක
ගැහි ගැහී පන අදින
අතීතය මත ලියවෙච්ච
අහින්සක  හීනයක් තිබුනා

කවි කතා පොත් අතර
හොර හොරෙන් සගවාපු
වසන්තය ගැන ලියවිච්ච
ලස්සනම හීනයක් තිබුනා

ඔය මුවේ හිනාවෙන්
නුබ කියූ කතාවෙන්
හෙමි හෙමින් හුස්මගත්
සුන්දරම  හීනයක් තිබුනා

වැටෙනා හැම විටම
යලි යලිත් නැකිටින්න
මට බොහෝ උදවු දුන්
සතුට පිරි හීනයක් තිබුනා

අපි දෙන්න වෙන් වෙච්ච
දින ගැලු කදුලැල්වලට
යටවෙච්ච  හීනයක්
මියැදෙමින් තිබුනා

Sunday, February 21, 2016

ඇති නේද දුන්න දුක

ඇති නේද දුන්න දුක


සීතලෙන් සීත වුන
බස් නැවතුමේ කොනක
නුබ හිටිය මතකයිද
ආදරේ පුරෝගෙන

මන් බොහොම පෙම් බැන්ද
සුදු පාට අත් දිග කමිසෙ
සොයනවා මන් තවම
නුබ ඇතැයි සිතාගෙන

ඉද හිටක මට දැනෙන
නුබේ විලවුන් සුවද
ගස්සාලා මගේ සිත
දුවනවා මතක වෙත

පෙරදාක නුබ දුන්න
මතක පොදි මහ ගොන්න
තියනවා පෙර මෙන්න
හදවතේ එක් කොනක

හැර ගිහින් බෝ දුරක්
ඇති නේද දුන්න දුක
ලන්වෙලා ආයෙමත්
හිනැහෙමුද පෙර මෙන්ම

Friday, February 19, 2016

උගත් පාඩම් හා ප්‍රතිසන්විධාන

උගත් පාඩම් හා ප්‍රතිසන්විධාන




අවුරුදු 13ක පාසල් ජීවිතේකට ටටා බායි කියුවට පස්සෙ ඊගාව නැවතුම වුනේ විශ්ව විද්යාලය. අලුත් හැගීමක්, ආසාව බය එක්ක කැටිවෙච්ච අමුතුම හැගීමක් එක්ක විශ්ව විද්යාලයට පියමැන්න හැටි 1  වසරෙදි ඉස්කෝලෙට ඉස්සරලම ගිය දවස වගේ හිතේ තියේවි හැමදාටම.

දවස් තුන හතරකට වඩා ගෙදරින් පිට හිටියෙ නැති, ඊටත් වඩා දැන් දිගටම මෙහෙම තමා කියලා දැනෙද්දි ඇතිවෙන හැගීම මොකක්ද කියලා මන් තවම හොයනවා.කොච්චර ලොකු ආසාවක් හිතේ තිබ්බත් ඒ දවස ලන් වෙද්දි යන්න හිතුනෙම නෑ. ඒත් මොනා කරන්නද?හිත හදාගෙන යන්න වුණා.

FB 1 හදපු මාර්ක් අයියා හන්ද වි.වි. යන්න කලින්ම යාලුවො ටිකක් හොයාගන්න පුලුවන් වුණා.ගොඩාක් ලගින් හිටපු යාලුවො තුන්දෙනෙකුත් එක්ක වෙලාවක් කතාකරගෙන ටිකක් දවල් වෙලා ගියෙ උදේම ගිහින් මොනා කරන්ඩද කියලා හිතපු හන්දා.කවදාවත් හැබැහින් දැකලා නැති යාලුවොත් එක්ක එකට ඉන්න එකනම් අමුතුම අත්දැකීමක් වෙයි කියලා නොහිතුනාම නෙමේ.කොහොම හරි වෙලාවට එකතු වුන කට්ටියට එකම නේවාසිකාගාරයක එකම කාමරයක් බෙදාගෙන ඉන්න වාසනාව ලැබුනා තව අලුත් යාලුවෙක් එක්ක වුනත්.

සාමාන්යෙන් සිද්දවෙන විදියට කලින් යන අයට හොද දේවල් ලැබිලා පහුවෙලා යන අයට හම්බෙන්නෙ නරක දේවල්. එත් උදෙන්ම ගිය අයට හම්බෙච්ච කාමරවලට වඩා අපිට හම්බෙච්ච් කාමර ගොඩාක් හොදයි. අලුත්ම අලුත් කාමර. අලුත් බඩු.නොහිතපු තරම්ම ඉස්තරම්ම බවක් ඒ කාමරවල තිබ්බා.කලින් අදුරගෙන හිටපු යාලුවො ටිකක් හන්ද ඒ තරම් නුහුරු නුපුරුදු බවක් නම් දැනුනෙ නෑ..

අපි ඉරිදා නවතින්න ගියාට පටන් ගත්තෙ සදුදා.උදේ නැකිටලා පිට්ටනියට යන්න තිබ්බෙ 6ට.අලුත් පරිසරයක්.එච්චර හොදට නින්ද ගියෙ නැති තරම්.අපි ඔක්කොම් උදේ 3.30ට නැකිට්ටෙ ලෑස්ති වෙන්න වෙලා යයි කියලා හිතලා.පලවෙනි දවසෙ 3.30ට නැකිට්ට අපි දෙවෙනි දවසෙ 3.45ට නැකිටලා ලෑස්ති වෙලා 5.30ට පිට්ටනියට ගියා PTවලට.6.15ටයි ඉන්න කියලා තිබ්බේ.ඒත් අපි යද්දිත් ගොඩක් අය පිට්ටනියට ඇවිත් හිටියා.ඔහොම පටන් ගත්ත අපි සති 2 වෙද්දි 6ට නැකිටලා 6.30ට කාමරෙන් පිටත්වෙලා පිට්ටනියට යන්න පුරුදු වුනා.

කෑම ගැනත් මේ ටික දවසට ගොඩාක් දේවල් ඉගනගත්තා. 5 දෙනෙක්ට කෑම 4ක් ගත්ත අපිට 5 දෙනෙක්ට කෑම 3ක් වැඩිත් එක්ක කියලා තේරුම් ගන්න නම් දවස් දෙක තුනක් විතර ගියා. ගෙදරදි අපි කැමති විදියට කාපු අපිට ලුනු මිරිස් මොකුත් නැති කැන්ටින් බත් එක කද්දි ගෙදර එන්න නොහිතුනාම නෙමේ.ගත්ත කෑම එක කන්න බැරිව අතගාලා විසික් කරපු දවස් නොතිබුනාමත් නෙමේ.එක කැන්ටිමක ලුනු මිරිස් මොකුත් නොදා උයද්දි තව කැන්ටිමක මිරිස් ගමකට දාන්නෙ කනවා තියා කටේ තියන්නවත් බැරිව.ගෙවල් වලින් හදන් ආපු කෑමවලට පින් සිද්ද වෙන්න කොහොම හරි බත් ටිකක් කෑවා.පෝලින්වල ඉන්න බැරිව කෑම නොකා හිටපු වේල් නොතිබුනාම නෙමේ.

ගෙදර ඉද්දි රස කර කර කන නූඩ්ල්ස් එක වතුර රත් කරලා, උණු වතුරට දාලා තම්බලා වතුර ටික පෙරලා ඒකට රසකාරක ඉහන් කද්දි කවදාවත් වතුර එකටම දාලා නූඩ්ල්ස් තම්බද්දි එන රහ එන්නෙ නෑ.ඒ රහ ගෑ වෙන්නෙ වත් නෑ.

තවත් විස්තර ඇත. පසුවට කියන්නම්කො

Friday, February 5, 2016

හඳ ආදරේ ඉරටලු

හඳ ආදරේ ඉරටලු



කහ පැහැති රජනිකර
මහ නපුරු රෑ යාමෙ
තනිකමින් ඉන්න සද
පුන්චි තරු කැට එක්ක
ඔට්ටු සෙල්ලම් කෙරුවාට

කඩිමුඩියෙ ගමන් යන
කණාමැදිරි පැටියෙක්ට
පොඩිම පොඩි සරදමක්
ඉදහිටක කෙරුවාට

කප්පරක් බොරු ගොතා
එකින් එක ගලපවන
හෙන්දිරික්කාවකට
හිනාවක් නැගුවාට

සුදු පැහැති සඳ කිරණ
හෙමි හෙමින් ආදරෙන්
සුලගෙ පා කර ඇවිත්
සේපාලිකා මල්
ඇස් අරින හැටි 
ස්නේහයෙන් බැලුවාට

හිටියමුත් දුර ඈත
රතු පාට සහස්කර
ආදරෙන් පිච්චෙමින්
රජනිකර බබලන්න
ආලෝකෙ දුන්න හැටි
මතකයිලු පෙර මෙන්ම

Thursday, February 4, 2016

නැවුම් බලාපොරොත්තුව

නැවුම් බලාපොරොත්තුව



1 වසරෙ ඉදන් 5 වසරට යනකන් කවමදාකවත් මන් පන්තියෙ පළවෙනියා වෙලා නෑ. දෙවෙනියා වෙලත් නෑ. හැබැයි තුන් වෙනියා වෙලත් නෑ. අඩුම තරමෙ පළවෙනි 5 දෙනා අතරවත් ඉදලා නෑ.7යි 10යි අතර ඉදලා තියනවා 5 වසරට යනකන්. ඒකත් ඉතින් ගනන් ගන්න බෑනේ. පොඩි කාලෙනෙ. 5 වසරෙ ශිෂ්යත්වෙනුත් මට ඕනකරපු ලකුණ හම්බුනේ නෑ මට ඕන කරපු ඉස්කෝලෙට යන්න.අපේ පැත්තෙ තියන ජනප්‍රියම ඉස්කෝලෙ. ලොකු තරගයක් තියෙන්නෙ. මගේ හීනෙ බොදවෙන්න ඔන්න මෙන්න තියලා සහෝදර පදනමේ පිහිටෙනුයි ආදිශිෂ්ය පදනමේ පිහිටෙනුයි දෙයියනේ කියලා රින්ග ගන්න පුලුවන් වුනා. 

මන් හිතන් හිටියෙ මේ ඉස්කෝලෙට යන ඕනම ළමයෙක්ට මැජික් එකකින් වගේ ඉගෙන ගන්න පුලුවන් වෙනවා කියලා. ඒක බොරුවක් කියලා තේරුම් ගන්න මට වාරයක් විතර ගියා.මට වඩා ගොඩාක් දක්ෂ අය එක්ක වාර විභාග ලීවම මට ඇතිවෙන සෝචනීය තත්වෙ ගැන කතා වැඩක් නෑනේ. 1-10 අතර හීනයකවත් හිටියෙ නෑ. 10-20 ඒත් නෑ. 20-30 එක පාරක් හිටියා. 30-40 අතරම තමා හිටියෙ. වෙලාවට පන්තියෙ ළමයි 45ක් හිටියා. :) අනිත් අයට තිබ්බ ප්‍රශ්නෙ වෙනියාගෙන් ඉස්සරහට යන හැටි. ඒත් මන් හිතුවෙ වෙනියා අරක්ශා කරගන්න හැටි.ඔහොම ඉදලා ඉදලා 2011 OL ලියුවා. හිතපු තරම් නෑ. ඒත් නරකම නෑ.

පොඩි කාලේ ඉදන් හීනයක් තිබ්බා ආසවක් තිබ්බා මාධ්ය පැත්තට. ඉතින් ඒ ආසාව හන්දා කලා තෝරගත්තා.අපේ ඉස්කෝලෙ 6 ඉදන් හිටපු කෙනෙක් කලා තොරගන්නවා කියෙන්නෙ සාමාන්යෙන් වෙන්නෙ නැති දෙයක්. කොහොම හරි අපේ පන්තියට අපේම ඉස්කෝලෙ හිටපු ළමයි 5ක් වත් හිටියෙ නැති තරම්. කලා අන්ශයටම 15ක් වත් හිටියෙ නැති තරම් අපේ ඉස්කෝලෙ හිටපු ළමයි. කලා අන්ශයෙ වැඩිපුරම ඉන්නෙ වෙන ඉස්කෝලවලින් ආව අය.අපේ ඉස්කෝලෙ කලින් හිටපු අයට වෙන ඉස්කෝලවලින් අව අය වැඩිය දිරවන්නෙ නෑ.ඒකට ප්‍රධානම හේතුව කෑ ගහන 1  වෙන්න අති.BIO 1, COMZ 1 දිහා වැඩි සද්දයක් නැති උනත් ARZ 1 නම් පොලකටත් එහා.ඒ හන්දා අපි ගොඩක් වෙලාවට පන්තියෙ හිටියෙ නෑ.කොහොම හරි පළවෙනි වාර විභාගෙ තිබ්බා. 2 වුනා. දෙවෙනියො දෙන්නයි.ලකුණු පොත දිහා බැලුවම තේරුනා තරගෙ තියෙන්නෙ අපේ ඉස්කෝලෙම අය එක්ක තුනෙන් පහල බහින්නෙ නෑ කියලා.දෙවෙනි වාරෙ 3.තුන්වෙනි වාරෙ 1.වැඩිය පාඩම් කරලත් නෙමේ.පාඩම් කරනවා කියලා කරේ ලොජික් ගණන් හදන 1.

ඔහොම යද්දි ජනවාරි මාසෙ මතක් වෙනවා තව ALවලට මාස 6යි කියලා.අනිත් අය පාඩම් කරන හැටි, පාඩම් කරලා තියන තරම් අහද්දි බයවෙන පාර උදේ රෑ නැතිව පාඩම් කරනවා.යන පන්තිවලට වඩා හොද පන්ති හොයාගෙන යනවා.ප්‍රශ්න පත්‍ර ලියනවා.සමහර දවස් තිබ්බා රෑ පාඩම් කරන්න ඉදගෙන නිදා ගන්නෙ නැතිව උදේ 8ට පන්ති ගිහින් 5ට ගෙදර ආවා.අලුත් ගුරුවරු හොයලා දෙන්න,ගුරුවරු එක්ක මගේ ගැන කතා කරන්න,පොඩි කාලෙ වගේ ප්‍රශ්නපත්‍ර කරවන්න හැමතිසෙම මගෙ තාත්තයි අම්මයි ලග හිටියා.පැටලිච්ච ගානක් ලෙහල දෙන්න, නණ ලළ කියල දෙන්න අයියා හිටියා.අක්කියො පාඩම් කරන්න අක්කියො පාඩම් කරන්න කිය කිය මතක් කරපු මල්ලියෙක් හිටියා.මගෙ දුර්වලකම් තේරුම් අරන් හදාගන්න ඕන ඒව කියලා දෙන්න හොද ගුරුවරු හිටියා.දානයක්, බණක්, මළගෙයක් තිබ්බොත් වැඩි වෙලා එතන ඉන්න නොදී පාඩම් කරන්න කියලා එලෝන නෑදෑයො හිටියා. ඕන වෙලේක නොතේරෙන දෙයක් අහගන්න,තරගෙට ගණන හදන්න,නින්ද ගියාම නැකිට්ටන්න,"නිදා ගන්නවා 3amවලට නැකිට්ටන්න එලාම් තියන්නෙ නෑ මන්" කියලා මාව ඇහැරෝලා තියාගත්ත යාලුවො මට හිටියා.

මේ හැම දේම එක්ක 2014 අගෝස්තුවල මන් ALලියුවා.නොහිතපු විදිහට පළවෙනි පාරම මට හොද ලකුණක් ඇවිත් තිබ්බා.විශ්ව විද්යාල තෝරද්දිත් මගේ වැඩි කැමැත්ත තිබ්බ කැලනිය වි.වි. ටම ඉල්ලුම් කරා.ඒකෙන්ම ලියුමත් ආවා.අන්තිමට ඒ දවස ලග ලගම එනවා.2016.02.07 වි.වි. නවතින්න එන්න කියලා ලියුමක් ආවා.2016.02.08 ඉදන් පටන් ගන්නවලු.හීතේ හැන්ගිච්ච අමුතුම හැගීමකින් තියනවා.ආසාවයි, බයයි දුකයි තව හැගීම් ගොඩාරියකුයි එකතු වෙච්ච මහ අමුතු හැගීමක්.ඒත් මන් ඒකට මූන දෙනවා.ජීවිතේ අලුත් පිටුවක්.මට පුලුවන් වේවි මගේ හීනය ඉටු කරගන්න.