Thursday, February 4, 2016

නැවුම් බලාපොරොත්තුව

නැවුම් බලාපොරොත්තුව



1 වසරෙ ඉදන් 5 වසරට යනකන් කවමදාකවත් මන් පන්තියෙ පළවෙනියා වෙලා නෑ. දෙවෙනියා වෙලත් නෑ. හැබැයි තුන් වෙනියා වෙලත් නෑ. අඩුම තරමෙ පළවෙනි 5 දෙනා අතරවත් ඉදලා නෑ.7යි 10යි අතර ඉදලා තියනවා 5 වසරට යනකන්. ඒකත් ඉතින් ගනන් ගන්න බෑනේ. පොඩි කාලෙනෙ. 5 වසරෙ ශිෂ්යත්වෙනුත් මට ඕනකරපු ලකුණ හම්බුනේ නෑ මට ඕන කරපු ඉස්කෝලෙට යන්න.අපේ පැත්තෙ තියන ජනප්‍රියම ඉස්කෝලෙ. ලොකු තරගයක් තියෙන්නෙ. මගේ හීනෙ බොදවෙන්න ඔන්න මෙන්න තියලා සහෝදර පදනමේ පිහිටෙනුයි ආදිශිෂ්ය පදනමේ පිහිටෙනුයි දෙයියනේ කියලා රින්ග ගන්න පුලුවන් වුනා. 

මන් හිතන් හිටියෙ මේ ඉස්කෝලෙට යන ඕනම ළමයෙක්ට මැජික් එකකින් වගේ ඉගෙන ගන්න පුලුවන් වෙනවා කියලා. ඒක බොරුවක් කියලා තේරුම් ගන්න මට වාරයක් විතර ගියා.මට වඩා ගොඩාක් දක්ෂ අය එක්ක වාර විභාග ලීවම මට ඇතිවෙන සෝචනීය තත්වෙ ගැන කතා වැඩක් නෑනේ. 1-10 අතර හීනයකවත් හිටියෙ නෑ. 10-20 ඒත් නෑ. 20-30 එක පාරක් හිටියා. 30-40 අතරම තමා හිටියෙ. වෙලාවට පන්තියෙ ළමයි 45ක් හිටියා. :) අනිත් අයට තිබ්බ ප්‍රශ්නෙ වෙනියාගෙන් ඉස්සරහට යන හැටි. ඒත් මන් හිතුවෙ වෙනියා අරක්ශා කරගන්න හැටි.ඔහොම ඉදලා ඉදලා 2011 OL ලියුවා. හිතපු තරම් නෑ. ඒත් නරකම නෑ.

පොඩි කාලේ ඉදන් හීනයක් තිබ්බා ආසවක් තිබ්බා මාධ්ය පැත්තට. ඉතින් ඒ ආසාව හන්දා කලා තෝරගත්තා.අපේ ඉස්කෝලෙ 6 ඉදන් හිටපු කෙනෙක් කලා තොරගන්නවා කියෙන්නෙ සාමාන්යෙන් වෙන්නෙ නැති දෙයක්. කොහොම හරි අපේ පන්තියට අපේම ඉස්කෝලෙ හිටපු ළමයි 5ක් වත් හිටියෙ නැති තරම්. කලා අන්ශයටම 15ක් වත් හිටියෙ නැති තරම් අපේ ඉස්කෝලෙ හිටපු ළමයි. කලා අන්ශයෙ වැඩිපුරම ඉන්නෙ වෙන ඉස්කෝලවලින් ආව අය.අපේ ඉස්කෝලෙ කලින් හිටපු අයට වෙන ඉස්කෝලවලින් අව අය වැඩිය දිරවන්නෙ නෑ.ඒකට ප්‍රධානම හේතුව කෑ ගහන 1  වෙන්න අති.BIO 1, COMZ 1 දිහා වැඩි සද්දයක් නැති උනත් ARZ 1 නම් පොලකටත් එහා.ඒ හන්දා අපි ගොඩක් වෙලාවට පන්තියෙ හිටියෙ නෑ.කොහොම හරි පළවෙනි වාර විභාගෙ තිබ්බා. 2 වුනා. දෙවෙනියො දෙන්නයි.ලකුණු පොත දිහා බැලුවම තේරුනා තරගෙ තියෙන්නෙ අපේ ඉස්කෝලෙම අය එක්ක තුනෙන් පහල බහින්නෙ නෑ කියලා.දෙවෙනි වාරෙ 3.තුන්වෙනි වාරෙ 1.වැඩිය පාඩම් කරලත් නෙමේ.පාඩම් කරනවා කියලා කරේ ලොජික් ගණන් හදන 1.

ඔහොම යද්දි ජනවාරි මාසෙ මතක් වෙනවා තව ALවලට මාස 6යි කියලා.අනිත් අය පාඩම් කරන හැටි, පාඩම් කරලා තියන තරම් අහද්දි බයවෙන පාර උදේ රෑ නැතිව පාඩම් කරනවා.යන පන්තිවලට වඩා හොද පන්ති හොයාගෙන යනවා.ප්‍රශ්න පත්‍ර ලියනවා.සමහර දවස් තිබ්බා රෑ පාඩම් කරන්න ඉදගෙන නිදා ගන්නෙ නැතිව උදේ 8ට පන්ති ගිහින් 5ට ගෙදර ආවා.අලුත් ගුරුවරු හොයලා දෙන්න,ගුරුවරු එක්ක මගේ ගැන කතා කරන්න,පොඩි කාලෙ වගේ ප්‍රශ්නපත්‍ර කරවන්න හැමතිසෙම මගෙ තාත්තයි අම්මයි ලග හිටියා.පැටලිච්ච ගානක් ලෙහල දෙන්න, නණ ලළ කියල දෙන්න අයියා හිටියා.අක්කියො පාඩම් කරන්න අක්කියො පාඩම් කරන්න කිය කිය මතක් කරපු මල්ලියෙක් හිටියා.මගෙ දුර්වලකම් තේරුම් අරන් හදාගන්න ඕන ඒව කියලා දෙන්න හොද ගුරුවරු හිටියා.දානයක්, බණක්, මළගෙයක් තිබ්බොත් වැඩි වෙලා එතන ඉන්න නොදී පාඩම් කරන්න කියලා එලෝන නෑදෑයො හිටියා. ඕන වෙලේක නොතේරෙන දෙයක් අහගන්න,තරගෙට ගණන හදන්න,නින්ද ගියාම නැකිට්ටන්න,"නිදා ගන්නවා 3amවලට නැකිට්ටන්න එලාම් තියන්නෙ නෑ මන්" කියලා මාව ඇහැරෝලා තියාගත්ත යාලුවො මට හිටියා.

මේ හැම දේම එක්ක 2014 අගෝස්තුවල මන් ALලියුවා.නොහිතපු විදිහට පළවෙනි පාරම මට හොද ලකුණක් ඇවිත් තිබ්බා.විශ්ව විද්යාල තෝරද්දිත් මගේ වැඩි කැමැත්ත තිබ්බ කැලනිය වි.වි. ටම ඉල්ලුම් කරා.ඒකෙන්ම ලියුමත් ආවා.අන්තිමට ඒ දවස ලග ලගම එනවා.2016.02.07 වි.වි. නවතින්න එන්න කියලා ලියුමක් ආවා.2016.02.08 ඉදන් පටන් ගන්නවලු.හීතේ හැන්ගිච්ච අමුතුම හැගීමකින් තියනවා.ආසාවයි, බයයි දුකයි තව හැගීම් ගොඩාරියකුයි එකතු වෙච්ච මහ අමුතු හැගීමක්.ඒත් මන් ඒකට මූන දෙනවා.ජීවිතේ අලුත් පිටුවක්.මට පුලුවන් වේවි මගේ හීනය ඉටු කරගන්න.

16 comments:

  1. හරිම ලස්සනයි සිනේකා. ඇත්තමයි... ඒත් මට වුනේ හරියටම ඕකෙ අනිත් පැත්ත. 1 වසරෙ ඉදන් o/l කරපු කාලෙ තමයි මගෙ ජීවිතේ හොදම කාලෙ. කවදාවත් පන්තියෙ 10 න් පහලට ගියෙ නෑ. හැමසැරේම 3 වෙනියා. ඉදල හිටල 2, 1 ත් වෙල තියනව. o/l ලුත් හොදටම තිබුණ. ඒත් කවදාවත් මම පාඩම් කරේ නෑ. විභාගෙට කලින් දවසෙ පාඩම බලාගන්නව විතරයි. ඒ කොහොම වුණත් හොදට ලකුණු තියනව.A/l ලුත් ඒ වගෙ රිලැක්ස් එකේ කරන්න පුලුවන් වෙයි කියලා මම හිතන් හිටියෙ. ගෙදර හැමෝම බල කරපු නිසා බයෝ තෝරගත්තා. ඒත් පාඩම් කරෙ නෑ. අම්මා දහ සැරයක් විතර පාඩම් කරන්න කිව්වම පොතක් අරන් ඇදට යනව. ඊට පස්සෙ එහෙමම නිදා ගන්නව. ඉතින් අවුරුදු 5ක් විතර ඉදන් මම තාම කරනව.

    ReplyDelete
    Replies
    1. ඔයාට පුලුවන් අන්ධකාර තාරකාව. ඔයාගෙ අක්කලා පාඩම් කරනවා ඔයා දැකලා ඇතිනේ.ඒ විදියට ටිකක් මහන්සි වෙන්න.ඔයාගෙ අක්කලාත් උදවු කරයි ඔයාට.මේ පාර ගොඩාක් හොද ප්‍රතිපලයක් ලැබෙන්න කියලා මන් ප්‍රාර්තනා කරනවා.

      Delete
  2. ඔබට සතුටින් ගෙවෙන සරසවි දිවියකට සුභ පැතුම්. ජීවිතේ ජය ගන්න යන ගමන් ඉණිමගේ පහලින් ඉන්න අයටත් ඉහලට එන්න අත දෙන්න. ඔබගේ පාසැලේ හෝ දන්නා ඊලඟ පාර AL ලියන අයට උදව් වෙන එකෙන් පටන් ගන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉයන්. මන් මට පුලුවන් විදියට සතුටින් උදවු කරන්නන්.ස්තූතියි අවවාදෙට

      Delete
  3. සෑහෙම්න හැපිලු අපිටත් ඔන්න...
    සතුටු වසන්තයක් වේවා සරසවි දිවියම..
    සිලු දේ සරුසාර වෙන්ට ඕන
    ජයෙන් ජයම වේවා

    ReplyDelete
  4. ඔබ ජය ගන්න පුලුවන් හොදම කඩ ඉම පසු කරලා. අනාගත බලාපොරොත්තු සඵල කරගන්න සරසවිය තෝතැන්නක් වේවා!
    මගේ මුළු හදවතින්ම සුභ පතනවා..වසන්තයට පෙර.

    ReplyDelete
    Replies
    1. 5.8න් පස්සේ ඔබ ගොඩක් කාර්‍ය බහුල වේවි.. ඊට කලින් හොද පෝස්ට් එකක් දාමු..සරසවි ජීවිතේ අත්දැකීමුත් පස්සේ ලියන්ට බැරියැ...

      Delete
    2. ස්තූතියි සි0හ. මන් උත්සහ කරන්නන්.යන්න තව දවස් දෙකයි හන්ද ටිකක් කාර්යබහුලයි

      Delete
    3. හප්පේ සොරි මං දැක්කේ පස්වෙනි මාසේ වගේ...

      Delete
    4. වැරදිලා ලියවිලා තිබ්බෙ එහෙම තමා කලින්. සොරි කියන්න එපා.ඒක මගෙ වැරද්දක්.සොරී

      Delete
  5. හරිම සන්තෝෂයි අක්කේ.. මාත් විශිෂ්ඨ සාමාර්ථ සහිත ව සාමාන්‍ය පෙළ සමත් වෙලා ලංකාවෙ ප්‍රසිද්ධම පාසලකට ගිහින් කලා විෂයන් තෝරාගත්තේ.තමන්ගේ මාවත තෝරා ගත යුත්තේ තමන්. ගොඩක් ආදරයෙන් සුබ පතනවා සරසවි ජීවිතයට..!!

    ReplyDelete
    Replies
    1. ඔයාටත් සුබ පතනවා වැසි න0ගි හොදට AL කරගන්න පුලුවන් වෙන්න කියලා.අපි වගේ විභාගෙ කට උඩට එනක්න ඉන්නෙ නැතිව පාඩම් කරොත් ගොඩාක් හොද ප්‍රතිපලයක් ගන්න පුලුවන් වේවි.ඒ හන්ද දැන්ම මහන්සි වෙන්න ගන්න එක තමා හොද

      Delete
  6. හොදට ඉගෙන ගන්න. මමත් බ්ලොග් එකක් ලියනවා, ඇවිත් ගියොත් සතුටුයි.
    kukulagekotuva.blogspot.com

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කුකුලු. ඇවිත් යන්න එන්නම්කො

      Delete