Friday, February 5, 2016

හඳ ආදරේ ඉරටලු

හඳ ආදරේ ඉරටලු



කහ පැහැති රජනිකර
මහ නපුරු රෑ යාමෙ
තනිකමින් ඉන්න සද
පුන්චි තරු කැට එක්ක
ඔට්ටු සෙල්ලම් කෙරුවාට

කඩිමුඩියෙ ගමන් යන
කණාමැදිරි පැටියෙක්ට
පොඩිම පොඩි සරදමක්
ඉදහිටක කෙරුවාට

කප්පරක් බොරු ගොතා
එකින් එක ගලපවන
හෙන්දිරික්කාවකට
හිනාවක් නැගුවාට

සුදු පැහැති සඳ කිරණ
හෙමි හෙමින් ආදරෙන්
සුලගෙ පා කර ඇවිත්
සේපාලිකා මල්
ඇස් අරින හැටි 
ස්නේහයෙන් බැලුවාට

හිටියමුත් දුර ඈත
රතු පාට සහස්කර
ආදරෙන් පිච්චෙමින්
රජනිකර බබලන්න
ආලෝකෙ දුන්න හැටි
මතකයිලු පෙර මෙන්ම

16 comments:

  1. පහුවෙනිදම පෝස්ට් එකක්..
    ලස්සනයි වසන්තයට පෙර.

    ReplyDelete
  2. ස්තූතියි සි0හ.
    හෙට උදේම යනවනෙ.ආයෙ ටික දවසකින් තමයි එන්න වෙන්නෙ.ඒ හන්ද අලුතින් පෝස්ට් එකක් දැම්මා ඔන්න

    ReplyDelete
  3. ලස්සනයි වපෙ..
    මං හිතන්නෙ හෙටානිද්ද ගියපුවාම කැම්පස් පැත්තෙ සෑහෙන්න බිසී වෙයි හිහි
    රැග් කවිත් කියවන්න පුලුවංවෙයි හිහි..
    අපූරුයි මචෝ.
    ජයෙන් ජයම වේවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මහේශ් :)රැග් එක්ක බිසී වෙයි වගේ යන විදියට. බලමුකො බලමුකො :)

      Delete
  4. රජනිකර කිව්වේ හඳ ද?? ලස්සනයි කවිය..!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි වැසි. ඔව් හඳ තමා

      Delete
  5. ලස්සන යෙදුම් පිරුණු ලස්සන කවියක්
    ජයවේවා!

    ReplyDelete
  6. හරි ලස්සන බ්ලොග් එකක්. බ්ලොග් ලිස්ට් එකට දාන්නම් හොදේ

    ReplyDelete
  7. රජනිකර කියන වචනෙ හැදුනෙ ‍කොහොමද?

    ReplyDelete