Sunday, February 21, 2016

ඇති නේද දුන්න දුක

ඇති නේද දුන්න දුක


සීතලෙන් සීත වුන
බස් නැවතුමේ කොනක
නුබ හිටිය මතකයිද
ආදරේ පුරෝගෙන

මන් බොහොම පෙම් බැන්ද
සුදු පාට අත් දිග කමිසෙ
සොයනවා මන් තවම
නුබ ඇතැයි සිතාගෙන

ඉද හිටක මට දැනෙන
නුබේ විලවුන් සුවද
ගස්සාලා මගේ සිත
දුවනවා මතක වෙත

පෙරදාක නුබ දුන්න
මතක පොදි මහ ගොන්න
තියනවා පෙර මෙන්න
හදවතේ එක් කොනක

හැර ගිහින් බෝ දුරක්
ඇති නේද දුන්න දුක
ලන්වෙලා ආයෙමත්
හිනැහෙමුද පෙර මෙන්ම

18 comments:

  1. අහිමි වෙලා ගිය දෙයක් ආයේ හිත ලගට ගේන්න හරිම අමාරුයි.

    ReplyDelete
  2. පෙර මතකයන් මිහිරි මෙන්ම අමිහිරියි..
    ලස්සනයි වසන්තයට පෙර...

    ReplyDelete
  3. Replies
    1. ස්තූතියි. සාදරෙන් පිලිගනවා

      Delete
  4. //ලන්වෙලා ආයෙමත්
    හිනැහෙමුද පෙර මෙන්ම//
    ලස්සනයි.

    ReplyDelete
  5. මතක කියන්නේ හීන ගොඩක්ම විතරයි.

    ReplyDelete
  6. අයියෝ කතා කරන්ඩ එපා ඔය ගැන.

    වෛරස් එකක් ආවම කම්පියුටරේ සෑහෙන කොටසක් ඩැමේජ් කරනව වගේ තමයි, ඔය මතක...

    ReplyDelete
    Replies
    1. අපි කොම්පියුටරේ ෆෝමැට් කරමු ඩ්‍රැකී

      Delete
    2. අපි කොම්පියුටරේ ෆෝමැට් කරමු ඩ්‍රැකී

      Delete
    3. වෛරස් එක හරියට තේරුම් අරං කොරන්ටයින් එකට දාල, අපි අපේ දෛනික වැඩකටයුතු ටික කරගෙන හිටියනං ඉවරයි. ෆෝමැට් කරනව කියන්නෙ මැරිල ඉපදෙනව වගේ වැඩක්.

      Delete
  7. පෝස්ට් එකක් දා ලා මකලා නේ....

    ReplyDelete