Sunday, March 13, 2016

ඉකිබිදින හදවතට එක් වරක් ඉඩ දෙන්න


ඉකිබිදින හදවතට එක් වරක් ඉඩ දෙන්න









කුලුදුල්ම ප්‍රේමයට නුබේ ඔය නම දෙන්න
ඔය හදට තුරුල් වී හදේ රිද්මය ගන්න
ස්නේහනයෙන් ලන් වෙලා හැමදාම ලග ඉන්න
ඉකිබිදින හදවතට එක් වරක් ඉඩ දෙන්න

රොබරෝසි මල් වැටුනු මාවත්වල ඇවිදින්න
රස වැඩිම හිමකිරිම සොය සොයා පොරකන්න
පිනි වැටෙන රෑ යාමෙ ඔබ එක්ක කියවන්න
ඉකිබිදින් හදවතට එක් වරක් ඉඩ දෙන්න

මුහුණු පොත මත ඔබ සොයා ඇවිදින්න
රන්ඩු වී යලි ආදරෙන් ලන් වෙන්න
කොතරම්ද ආදරේ යලි යලිත් දැනගන්න
ඉකි බිදින හදවතට එක් වරක් ඉඩ දෙන්න

11 comments:

  1. එක් වරක් ප්‍රේමයෙන් ඇස් බැලුම් කියවන්න
    සිනාවක් අද්දරින් ඉකි බිඳුම් නවතන්න..

    ReplyDelete
    Replies
    1. හැකි වුනොත් ඉකිබිදින හදවතට කන් දෙන්න
      එය වුවත් ඇතිවේවි ඉතින් මට සැනසෙන්න

      Delete
  2. ලස්සන රූ මැවෙන කවියක්....සුභපැතුම්.

    වරදවා වටහා නොගන්නේනම් කවියේ රිද්මය රැකෙන්නට මගේ යෙදුම්-

    මාවතේ ඇවිදින්න
    මත ඔබේ රූ සොයා ඇවිදින්න
    රණ්ඩු වී ආයෙමත්

    හිතට දැනුන දෙයක් විතරයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කටුසු.

      ඔවු ඒ යෙදුම් දැම්මම රිද්මය නොකැඩී තියනවා
      ස්තූතියි උදවුවට

      Delete
  3. සිරාවටම ලස්සනයි මේකනම්

    ReplyDelete
    Replies
    1. සිරාවට නොවී ලස්සන ඒවත් තියනවද දිනේශ් :p
      ස්තූතියි

      Delete
  4. හීනයක් වගේ චිත්‍රයක් හිතේ ඇදෙනවා.....

    ReplyDelete
  5. අපූරුයි වපෙ..
    ලස්සන කවියක්

    ReplyDelete