Thursday, March 31, 2016

පන්හිදට පුලුවන්ද ආදරේ වපුරන්න

පන්හිදට පුලුවන්ද ආදරේ වපුරන්න


හිතින් වෑහෙන මියුරු මතකය
එකින් එක සීරුවට එක්කර
ආදරේ මුදු හාදු වැල් මත
නුඹේ නාමෙට කවි ලියමි මම

කවිය විය නුඹ මගේ හද මත
තාලයයි ඔය හදේ රිද්මය
ජීවයයි මට ඔබේ සෙනෙහස
සිනාවක් වී ලගින් ඉනු මැන

නෙතින් වෑහෙන කදුලු වැල් ගෙන
අකුරු ලෙස එකිනෙකට ගලපා
නුඹේ හද මත සිතුවමක් අන්දා
නුඹෙම වී ඉන්නමයි පැතුවා

8 comments:

  1. හැමෝගෙම පැතුම.......................

    ReplyDelete
  2. හොද පාර්තනාවක්.

    ReplyDelete
  3. කවිය මරු.ඔය උඩහ තියෙන පින්තූරෙ ඔයාගෙද.. නැත්නම් නෙට් එකෙන්ද..??

    ReplyDelete
  4. mge nm newe wesi nango. net 1n ussapu ekak oka :)

    ReplyDelete
  5. ලස්සන කවිය..ඕ යෙස් පංහිදට තෙලි තුඩට පුළුවන් ආදරය වෛරය මෛත්‍රිය කරුනාව වපුරන්න

    ReplyDelete