Sunday, May 8, 2016

කුමක් කරමුද ඔබේ මතකෙට?

 කුමක් කරමුද  ඔබේ මතකෙට? 



නෙතින් වෑහෙන කදුළු බිදුවක
අස්සෙ සැගවී ඉන්න මතකය
දමා වීසිකර පොළව මතටම
හිරුට දෙමු සිප ගන්න රහසෙම

හිරුට දුන්නත් මගේ මතකය
රශ්මියේ දවටා එවයි නම් මට
යලිත් සිප ගන්නවා මිස මම
පලා යන්නද දමා තනිකර

මතකයන් ටික හොදින් ගුලි කර
මුහුද වෙත ගොස් දමා එන්නද?
මුහුදෙ රැළි හා එක්ක සටනට
යන්න හැකිවෙද අපේ මතකෙට

රැගෙන ගොස් කදු මුදුනකට මම
තල්ලු කර දමා ආවොතින් හෙම
මිතුරු වී සැඩ සුලග  එක්කල
යලිත් ඒවි ද මා සොයා ගෙන

පවසන්න මට කුමක් කරමුද?
මාව පෙලනා ඔබේ මතකෙට
සූර සූරා මගේ හදවත
බොහෝ දුක් වේදනා දෙන විට

13 comments:

  1. ඒ වේදනාවනෙ පලා යන එක හරි අමාරුයි..

    ReplyDelete
  2. කීතු කරමින් කපා දැමුවද
    ගිරක මුදුනින් පහත හෙලුවද
    සිඳු පතුළ ලා වසා තැබුවද
    මතක මල් පොදි මකනු කෙලෙසද..

    ReplyDelete
    Replies
    1. "මතක මල් පොදි මකනු කෙලෙසද...."


      ඒක තමා ප්‍රශ්නෙ වැසී:p :p

      Delete
  3. ලස්සනයි පද පෙල.. ඔන්න නවතින්නම බලන් ආව මේ පැත්තෙ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ලේ පාට හීන. ඔයාව ආදරයෙන් පිළිගන්නවා.

      Delete
  4. ඔන්න අපිත් මේ පැත්තට ආවා ...

    හිතට දැනුනු පද පේලි ටිකක්.. අපූරුයි...

    ReplyDelete
    Replies
    1. ඔයාව ආදරයෙන් පිළිගන්නවා කුශී.

      එහෙමද? ස්තූතියි ඔයාට.......

      Delete
  5. ලස්සනයි. මාත් එක්ක තරහද?

    ReplyDelete