Tuesday, May 17, 2016

හැමදාමත් මේ විදියට මගෙ ගාවට වෙලා ඉන්න

හැමදාමත් මේ විදියට මගෙ ගාවට වෙලා ඉන්න



ඇවිද ගියත් ඔබෙ අත ගෙන සයිබර් මාවත පුරාම
නොහැකි වෙලා මට පුදන්න නුබෙ ඔය බැල්මන් ආදර
එකතු වෙලා ඇවිද්ද දුර දැන් හොදටම වැඩියි නේද?
පවසන්න එපා මෙහෙම තවදුරටත් රිද්ද රිද්ද

එකතු වෙලා ආපු දුරේ මතක ගොන්න වැඩියි නේද?
ඒ හන්දා ඔබෙ මතකයෙ මන් නැවතිලා ඉදියි නේද?
මගෙ හදවත නගන ඉකිය ඔබෙ සවනට ඇසෙන් නැද්ද?
ඔහොම බලන් ඉන්නෙ මා තනිකර යන්න නොවෙද?

කොහොම ඇවිද යන්නද මන් තනියම මේ මාවතෙ?
පාර පුරා හැම තැනකම සයිබර් හොරු වැඩියි නේද?
මන් තනියම ගියොතින් හෙම මට කරදර කරයි නේද?
ඉතින් අනේ මගෙත් එක්ක ඉතුරු ටිකත් යන්න එන්න

ඔයාගෙ ඔය හදවත කවුද දන්නෙ මන් තරමට
නපුරුකමත් මන් දන්නවා හැන්ගිලා ඇති ඔයා ගාව
ඕනා නම් හැකිවේ මට පොතක් වුනත් ඔබ ගැන ලියන්න
හැමදාමත් මේ විදියට මගෙ ගාවට වෙලා ඉන්න


7 comments:

  1. අහිංසක බලාපොරොත්තුවක්

    ReplyDelete
  2. Replies
    1. ඔව් ඔව්. සයිබර් ලව් ගැන තමා ලියුවෙ

      Delete
  3. අමුතු ආදරය....අමුතු විරහව.....අහිංසක ප්‍රාර්තනාව....

    පොඩි දෙයක් කියන්න තියනවා මේ බ්ලොග ගැන.පුළුවන්නම් මේ ලිපිනයට මේල්ලුවක් එවන්න.
    dimuthusomnas8@gmail .com

    ReplyDelete
    Replies
    1. කටුසු අනේ ඔයා දුන්න email adrz එක හරිද? ඒක වැරදියි කියලා කියනවනෙ.

      Delete
    2. අහ් නැ නැ. ඒක හරි :)

      Delete