Friday, May 20, 2016

ඔයා වැරදියි අල්තීනායි

ඔයා වැරදියි අල්තීනායි



ඔව් ඔයා වැරදියි අල්තීනායි
දැක්ක ගමන් දුල්ශෙයින්ට 
පිදුවට උබේ හදවත
උඹ වැරදියි

උණුසුම් කරන්න දුල්ශෙයින්ගෙ ඉස්කෝලෙ
වියලිච්ච ගොම ගෙනත් දීලා
ගෙදරින් දඩුවම් විදපු 
උඹයි වැරදි

කෙල්ලෙක්ගෙ සියුමැලි කකුලකට
දරන්න බැරි තරම් සීතල වතුරෙ බැහැගෙන
දුල්ශෙයින් එක්ක ඉස්කෝලෙට පාර හදපු
උඹයි මෙතන වැරදි

දුල්ශෙයින් උගන්නපු අකුරු
බොහොම හොදින් මතක තියාන
නගරෙට ගිහින් අකුරු අහුලපු
උඹයි වැරදි

දුල්ශෙයින්ගෙන් ආදරේ ඉල්ලලා
ලියුමක් යවපු උඹයි වැරදි
ඒකට උත්තර නොදීපු
දුල්ශෙයින් නෙමේ 
උඹයි වැරදි

මනුස්සයෙක්ට ආදරේ නොකර
දෙවියෙක්ට ආදරේ කරපු 
උඹයි මෙතන වරදි
දුල්ශෙයින් දෙවියෙක්
ඒත් මනුස්සයෙක් නෙමෙයි
දෙවියන්ට තේරෙන්න නෑ
ගැහැණියකට ආදරේ කරන්න 

5 comments:

  1. hmm....අන්තිමේ මමයි වැරදි..?

    ජයවේවා.

    බැක්ග්‍රවුන්ඩ් එක පේනව වැඩි නිසා කියවන්න අමාරුයි, ඩිස්ට්‍රෑක්ට් වෙනව කියල හිතෙන්නෙ මට විතරද මන්දා.
    සින්ඩි වල ඉන්නවද ඔයා? හොයල බලල දාගන්න මිත්‍රයා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හීන.
      අමාරුයිද කියවන්න? මන් ඒ ගැන බලන්නම්. සමහර සින්ඩිවල නම් ඉන්නවා. තවත් බලලා දාගන්නම් මන්. ස්තූතියි හීන මතක් කරාට ඒ ගැන

      Delete
  2. හැබැමයි..
    අල්තීනයි වැරදී....
    බුද්ඩියෙන් ආදරය දෙස බලන මිනිසුන්ට...
    හදවතින් ආදරය කරන හැම ගැහැනියක පරිද්දෙන්ම...

    ReplyDelete
    Replies
    1. අළු පිළිගන්නවා ඔයාව ගොඩාක් ආදරෙන් මේ පැත්තට.
      ඔයාගෙ පිළිතුරු කවියත් ලස්සනයි :)

      Delete
  3. බුද්ධියයි , හදවතයි එකතු වි සමබර වු ප්‍රාණින් ආදරය විඳිනවා, ජීවිතය විඳිනවා... අනිත් ප්‍රාණින් විඳවන අතරේ මෙලොව සදාතනිකව...නිර්මාණය ලස්සනයි...

    ReplyDelete