Sunday, November 1, 2020

මේ ඉතින් නොවැම්බර්


මේ ඉතින් නොවැම්බර් 


 


 හිම වලස් සුසුමකින්

සිසිලනය කළ සුලං 

මා ගතේ දැවෙටෙනා 

මේ ඉතින් නොවැම්බර් 


ග්‍රීස්මය නිමා කර

නව සෘතුවක්‍ පායන්න

මග එලි පෙහෙලි කළ

මේ ඉතින් නොවැම්බර් 


වසන්තය එන තෙක්ම

මග බලපු කාලයක

වසන්තය අරගෙනම

ආපු නුබ නොවැම්බර් 


මගහැරුනු සබදකම් 

යලි අලුත් කරනු වස්

සුබ පැතුම් ගෙන එනා

මේ ඉතින් නොවැම්බර්


ඇතැම් විට හද රැදුනු

උණුම උණුම කදුලකුත්

මගෙ ගතම පුලුස්සා 

බිම සිබින නොවැම්බර්