Thursday, December 31, 2015

2015 ඉවර වෙලා


                                               2015 ඉවර වෙලා 





                                            2015 ඉවර වෙලා අලුත්ම අලුත් 2016 ලැබුවා. එත් අලුත් වුනේ 2015 අන්කය විතරයි. එකෙත් 5 ඉලක්කම විතරයි. මාස ටිකත් කලින් අවුරුද්දෙ වගේමයි. ඒ පිලිවෙලමයි. ජනවාරි, පෙබරවාරි, මාර්තු............... දෙසැම්බර්. ඊගාවට ආයෙත් ඒවි 2017. වෙනස තියෙන්නෙ අපි මේක බාර ගන්න විදියෙ. නව වර්ශයක් විදියට අපි මේක බාරගන්නවා. අවුරුද්දක් ගෙවිලා ගිහින් අලුත් අවුරුද්දක් එලබෙනවා. 

                                                හැම තැනම ඇවිදින හුරතල් වලාකුලු දගකාර සුලගත් එක්ක එකතු වෙලා අලුත් අවුරුදු ආසිරි හැමෝටම බෙද බෙද ඇවිදිනවා. එතකොට පුන්චි කුරුල්ලො අලුත්ම අලුත් තාලවලට ගැලපෙන්න හරිම මහන්සියෙන් මී මැස්සො හදපු සින්දු කිය කිය හැමෝගෙම හිත් සතුටින් පුරෝනවා. පුන්චි ගස් මහා රූස්ස ගස් කියලා වෙනසක් නැතිව හැම ගහක්ම වගේ අලුත්ම අලුත් නැවුම් හුලන් රැලි අපේ දිහාට විසිකරන්නෙ අපේ හිතේ අදුරුම අදුරු තැන වුනත් හැන්ගිලා තියන හැම දුකක්ම වේදනාවක්ම අපෙන් අයින් වෙලා ඈතට යයි කියන අහින්සක බලාපොරොත්තුවත් එක්ක. අපේම හොදට අපි දිහාට විසිකරන හුලගෙන් බේරෙන්න අපි එහාට පයිනකොට, රෑ නිදිමරාගෙන මී මැස්සො හදපු බොහොම ලොකු වෙහෙසක් දරලා කුරුල්ලො පුරුදු වුන සින්දු අපි අහන්නෙ නැත්ව දුවලා යනකොට එයාලට ගොඩාක් දුක හිතෙනවා ඇති. එත් එයාලා පොඩි අතපසුවීමක්වත් නොකර හරි අපූරුවට එයාලගෙ රාජකාරි කරන්නෙ අපිටත් ලොකුම ලොකු පාඩමක් කියලා දෙන ගමන්මයි.

                                            හැම මල් ගහක්ම මෙච්චර කාලෙකට නොපිපිච්ච ලස්සනම මල පුප්පවන හැටි ගැන හීන දකිනවා. එතකොට පලතුරු ගස් මෙච්චර කල් දුන්නු රසම රස පලතුරටත් වඩා රස පලතුරක් හදන හැටි ගැන හීන මවනවා. එතකොට ලස්සනම ලස්සන සමනල්ලු එයාල දලබුවො කාලේ ගස්වල කොල කාලා ගස් කැත කරපු එක ආයෙ කවදාවත් නොකරන්න එයාලටම පොරොන්දු වෙන ගමන්ම එයාල අතින් වුනු වැරදි හදාගන්න කියලා පරාගනය කරන්න උදවු දෙන්නත් හිතා ගන්වා. අලුත් හීනත් එක්ක, අලුත්ම අලුත් බලාපොරොත්තු එක්ක මේ වසරේ ජීවත් වෙන්න ජීවිතේ දිනන්න හැමෝම වගේ හීන දකිනවා. ගිය අවුරුද්දෙ සිද්ද වෙච්ච වැරදි අඩුපාඩු හදාගෙන අලුත් අවුරුද්දෙ ජීවත් වෙන්න, ජීවිතේට මුහුන දෙන්නයි හැමෝගෙම වගේ බලාපොරොත්තුව වෙන්නේ. ඒත් ඒත් කීයෙන් කී දෙනාටද වැරදි අඩුපාඩු හදාගෙන අලුත් අවුරුද්දෙ අලුතින් ජීවිතේ පටන් ගන්න පුලුවන් වෙන්නේ. සමහර අය අලුත් අවුරුද්දක් එනකන්ම මග බලන් ඉන්නවා අලුතින් පටන් ගන්න. එත් ගොඩක් වෙලාවට සතියකින් දෙකකින් හැම දෙයක්ම අමතක කරලා දානවා. එත් ඇත්තටම වෙන්න ඕන මේකද? අලුත් අවස්ථාවක්. අලුතින් පටන් ගන්න. ඉතින් මේ අවුරුද්දෙවත් අපි අලුතින් පටන් ගන්න දේ මොකක් වුනත් ඒක දිකටම කරගෙන යන්න උත්සහයක් දැරුවොත් අපිට බැරිවෙන එකක් නෑ. කඩා වැටුනු ජීවිතයක්, සිද්ද වෙච්ච අතපසුවීමක් හදා ගන්න සමහර වෙලාවට අපිට ඕන වෙන්නෙ පුන්චිම පුන්චි අවස්ථාවක් විතරයි. මේ නව වසරෙ අන්න ඒ අවස්ථාව අපේ ජීවිතවලට ලබලා දෙන්න අපිට පුලුවන් වුනොත් මෙච්චරකල් ලබපු ලස්සනම නව වසර 2016 නව වසර වේවි.


ඔයාලා හැමෝටම සුබම සුබ නව වසරක් වේවා!

Monday, December 28, 2015

ගිනි තියපු හැටි

ගිනි තියපු හැටි

                                                               
                                                               
                                                             පාසල් කාලය කියන්නෙ ගොඩක් ලස්සන මතකයන් හැන්ගිච්ච තැනක්. ජීවිතේ හොදම කාලය පාසල් කාලය කියලා කියන්නෙ කිසිම බරක්පතලක් නැතිව ගෙවපු කාලෙ හන්ද විතරක් වෙන්න බෑ. ඒ පාසල් කාලෙ අස්සෙ හැගිච්ච සුන්දර මතකයක් ගොඩාක් තියන හන්ද වෙන්න ඇති.මේකත් අන්න ඒ වගේ මතකයක්. 

                                                                  මේක වෙද්දි අපි හිටියෙ 11 වසරෙ. ටිකක් ලොකු අක්කලා. කනිෂ්ට අන්ශයෙ හිටපු ලොකුම කට්ටියනෙ ඉතින්. ඔන්න ඉතින් දවසක් දා අර කන කැස්බෑව විය සිදුරෙන් අහස බලපු වෙලාවකද කොහෙද දෙයියනේ කියලා අපිට හිස් පීරියඩ් එකක් හම්බුනා. ඉතින් ලද අවස්තාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න අපේ උදවිය එක එක වැඩ. කට්ටියක් සින්දු මුමුනනවා, කට්ටියක් නිදි, තව කට්ටියක් සෙල්ලම් කරනවා. තව කට්ටියක් කතා කරනවා. මේ වගේ. අපේ පන්තියෙ පෝලිමක ඩෙස් හතරයි තිබ්බෙ. අපි හිටපු පෝලිමේ ඉතින් හැම ගොන් වැඩකටම සහය දෙන මගේ හොදම යාලුවො තුන් දෙනයි මායි හිටියෙ. එදා කෙරෝලෙ හිටිය යාලුවා බටකොල ආච්චි එතකොට එයාට එහා පැත්තෙ හිටියෙ අස්ස කුලප්පු, එතකොට එයාට එහා පැත්තෙ හිටියෙ අහින්සක මමලු. (*-*) (ඊර්ෂාව නිසා ගසන මඩ බාර නොගන්නා බව සලකන්න} මට එහා පැත්තෙ හිටියේ කතා පෙට්ටිය.

                                                                     ඔන්න ඉතින් බටකොල ආච්චි පිටිපස්සෙ පෝලිමේ යාලුවො එක්ක බර කතාවක්. අපි තුන්දෙනා බලන් හිටියා හිටියා ඉවර වෙන පාටක්වත් නෑ. අපිත් ඉතින් අපි කාටවත් බාදා කරන අය නෙමේනෙ. අපි අපේ වැඩක් කරන්න ගත්තා. අපේ පන්තියෙ පහන තිබ්බෙ කතා පෙට්ටිය. ඒ හන්ද එයා ගාව හැමදාම වගේ ගිනි පෙට්ටියක් තිබ්බා. මොකක් හරි උවමනාවකට කතා පෙට්ටියගෙ පැන්සල් පර්ස් එක ගත්ත අස්ස කුලප්පුව මේ ගිනිපෙට්ටිය අරන් එයාගෙ අහින්සක කටහඩ දාල අහනවා කතා පෙට්ටියෙන් පොඩ්ඩකට ගිනි පෙට්ටිය ගන්නද කියලා. අනේ ඉතින් කතා පෙට්ටියෙ අවසරෙන් ගිනි පෙට්ටිය ගත්ත අස්ස කුලප්පුගෙ ඇස් යන්නෙ බටකොල ආච්චිගෙ ඩෙස් එකේ බක්කිය ඇතුලෙ තිබ්බ කොල ගොඩකට. අයෙත් ඔන්න අස්ස කුලප්පු අපේ දිහා හැරිලා බලපුවාහම අහන්නත් කලින් හා කියන්නෙ යලුවෙක්ගෙ ඕන දේකදි උදවු කරන එක හොද පුරුද්දක් කියලා අහල තිබ්බ හන්දා.

                                                                    ඔන්න අස්ස කුලප්පු අර ඩෙස් එක අස්සෙ තිබ්බ කොලවලට ගිනි තිබ්බට පස්සෙ හිටපු නැති විඩියට ගින්න ටිකක් සැරේට අවිලෙනවා. මෙච්චර වෙලා අනිත් පැත්ත හැරිලා කතාවක හිටපු බටකොල ආච්චිත් හැරිලා බලන්නෙ ගින්නක් ගින්නක් කියලා කෑ ගැහුවම. ඔන්න ඉතින් ඊට පස්සෙ හතර දෙනා එක්කම බෙරිහන් දෙනවා. අපේ පන්තියෙ ඉන්න අනෙක් මිත්තරයන්ට මේකට හිනා. ගින්න නිමන්න ඕන කියලා තීරනේ කරන පන්ති සගයො ටික වතුර බෝතල්වල තිබ්බ වතුර ටික ගහනවා අපේ ඇගට. අපේ ඇගට ගහපු වතුර වලින් ටිකක් වැරදිලා වගේ වැදිලා ගින්නත් නිමෙනවා. හැබැයි අපි හතරෙ දෙනා තෙමිච්ච පාත්තයො වගේ වතුර වේලෙනකන් ජීවත් වෙනවා. ඔන්න ඕකයි කතාව.

Sunday, December 20, 2015

ගිම්හාන සුලන්

ගිම්හාන සුලන්



හමායයි ගිම්හාන සුලන් රැලි හෙමි හෙමින්
ලග ලගම එන ගිම්හානය ගැන මුමුන්මින්
වසන්තය නිමා වන බව ඉක්මනින්
පවසවි කනට කර සෙනෙහසින්

පෙරදාක පැතු හීන එකින් එක බොද වෙමින්
අපි අතර තිබු සෙනේ හෙමි හෙමින් දිය වෙමින්
අපි අපේ වූ ලෝකෙ ටිකෙන් ටික අඩු වෙමින්
ගලා යයි ජීවිතේ හනි හනික ඒ මැදින්

ශ්වේත සද හිනැහෙනා රෑ යාමෙ තරු මැදින්
සයිබර් මාවතේ එක්වෙලා ඇවිදිමින්
බෙදාගත් සිනා ආදරෙන් ලන් වෙමින්
වේද සොදුරුතම මතකයන් පමනක්

Monday, December 14, 2015

ලස්සන හීන සහ නපුරු හීන


ලස්සන හීන සහ නපුරු හීන 

                                                                     


                                                                           මේ කියන්නෙත් හීන කුමාරිගෙ කෑම හදද්දි පිටවෙන දුම් අස්සෙ හැන්ගිලා පිටවෙන හීන ගැන කතාවක් ම තමයි. හීන ඉපදෙන්න හීන කුමාරිගෙ පෝරනුවෙ කෑම ජාති හදද්දි එන සුවදින් කියලා හොයා ගත්තට පස්සෙ මට දැනගන්න ඕන වුනේ ලස්සනම ලස්සන හීන, නපුරු හීන ගැන. නිතරම නොවුනත් ඉදහිට හරි හොරෙන් හොරෙන් ඇවිත් බය කරන නපුරු හීන ගැන දැන ගන්නයි ගොඩක්ම ඕන වුනේ. මේ වගේ ලස්සන තැනක හරිම අහින්සක හීන කුමාරි ඉන්න තැනින් කොහොමටවත්ම නපුරු හීන ඉපදින්න විදියක් නෑ කියලාමයි මට හිතුනෙ. ඊටත් වඩා මේ ලස්සන පාට පාට, සුවදට තියන කෑම වලින් නම් කොහොමටවත්ම නපුරු හීන පිටවෙන්න විහිදියක් නැහැ .මගේ හිතේ කොච්චර ප්‍රශ්න තිබ්බත් හීන කුමාරිගෙන් දැනගන්න ඉස්කොලෙන් කියලා දීලා තිබ්බ විදියට විනීතව කට පියාගෙන හිටියෙ හීන කුමාරිම කතාව පටන් ගන්නකන්. බලන් හිටියා බලන් හිටියා ඒත් හීන කුමාරි එයාගෙ පාඩුවෙ කෑම හදනවා... හරියට මම කියලා කෙනෙක් එතන නෑ වගේ. අන්තිමට එයාගෙ කෑම හැදිල්ල ඉවර වුනේ මට බලන් ඉන්න මගෙ ඉවසීම නැතිව යන්න පොඩ්ඩකට කලින්. *-*

 "මන් ඔයාව මීට කලින් දැකලා නැහැ. "
හීන කුමාරි හිනාවෙල කියුවා

"මම මේ ආවෙ හොද ලස්සන හීන එතකොට නපුරු හීන ඉපදින විදිය හොයාගෙන" කියලා මන් හීන කුමාරිට කියුවෙ ටිකක් විතර ආඩම්බරේකින්.

                                                                      "හොද අහින්සක හීන වගේම නපුරු දුශ්ට හීනත් ඉපදෙන්නෙ මෙන්න මෙතනින් මගේ කෑම ජාති හදද්දි එන සුවදින්. දන්නවද මෙතන කෑම හදද්දි බොහොම පරිස්සමටයි වැඩ කරන්න ඕන. මන් හදන කෑම හරියට හැදුනොත් ඒකෙ සුවදත් එක්ක පිටවෙන්නෙ ලස්සනම ලස්සන හීන. හැමොටම සතුට ගේන හීන. ඒත් එත් ............. බැරිවෙලා හරි මන් අතින් මේ කෑම රොස් වුනොත් ඒ එක්ක නපුරුම නපුරු හීන පිට වෙනවා. හැමෝටම දුක, බය ගෙනත් දෙන හීන. ඉතින් මේක ටිකක් ලොකු වගකීමක්"
හීන කුමාරි එහෙම කියුවෙ ටිකක් විතර බැරෑරුම් පෙනුමක් මවාගෙන

                                                                        ඒක ටිකක් නෙමේ ගොඩාක් ලොකු වගකීමක් කියලයි මට හිතුනේ. හැම ලස්සන හීනයක් පිටිපස්සෙම හීන කුමාරි කරපු ලොකු කැප කිරීමක් හැන්ගිලා තියනවා. ඒ විතරක් නෙමේ හීන කුමාරිගෙ සතුටත් එකෙ තියනවා. ඒත් අපි දකින හැම නරක හීනෙකම හීන කුමාරිගෙ කදුලකුත් තියෙනවා. නපුරු හීනයක් පිටවෙච්ච එක ගැන දුකින් එයාගෙම ඇස් වලින් පිටවුනු.

                                                                        ඒත් මේ ලෝකෙ තියන වාසනාවන්තම දේ තමයි හීන කුමාරි කරන්නෙ. ලස්සනම ලස්සන හීන හදන එක කොච්චර අපූරුද?

Sunday, December 13, 2015

බිම දමන මතක

 බිම දමන මතක




ඉකි බිදින විලෝ පත් බිම දමන මතකයන්
සමුදුරට පිය මනියි  වැහි දහර හා එක්ක
ඔබ නමින් මා හැඩුව අයුර ගැන මතකයන්
සේදි සේදී යාවි සයුර වෙත ඒ එක්ක 

නිරතුරුව රිදුම් දෙන හදවතත් සමග
මා ඉදි පෙර මෙන්ම තවත් මග බලාගෙන
ආදරෙන් එකතු කළ මතක සැමරුම් එක්ක
නුඹ යලිත් එවි යැයි හිත හදාගෙන

Friday, December 11, 2015

හීන කුමාරි....

                                           හීන  කුමාරි .... 





                                                                හීන.... ඔවු ලස්සනම හීන.  හැම හීනයකටම ආවේනික වුනු පාටක් තියනවා. ගොඩක් ගැහැණු ළමයි දකින හීන රෝස පාටයි. එතකොට පිරිමි ළමයි දකින හීන නිල් පාටයි. ගොඩාක් රෑ වුනාම, ඒ කියුවෙ නිදාගන්න ලන් වුනාම මේ එක එක පාට පාට හීන ඇවිත් කොට්ටෙ යට එහෙමත් නැත්තන් ඇදන් යට හැන්ගෙනවා. එහෙම්මම කියුවට ඒ තැන් වලම විතරක් නෙමේ. එයාලට හැන්ගෙන්න පුලුවන් ඕනැම තැනක එයාලා හැන්ගෙනවා.

                                                                ඒ හැන්ගිච්ච්ච හීන පුන්චි ළමයි නින්දට යනකන් බලන් ඉන්නවා. ඒ අහින්සක පුන්චි ළමයි නිදාගත්තම හිමීට එයාලගෙ හදවතට ඇතුලු වෙනවා. ලස්සනම ලස්සන කතන්දර කියලා දෙනවා. ලස්සන කුමාරිකාවො ගැන, ගොඩාක් ඉස්සර හිටපු නිර්භීත කුමාරවරු ගැන කතා. කලාතුරකින් නපුරු මායකරියො ඉන්න කතා වුනත් කියලා දෙන්න පුලුවන්. ඒත් එහෙම වෙන්නෙ ගොඩාක් කලාතුරකින්. ඒත් මේ හීන එන්නෙ කොහෙන්ද?

                                                                දවසක් දෙකක් නෙමේ ගොඩාක් කල් මහන්සිවෙලා කොට්ටෙ යට හැන්ගිලා තිබ්බ හිනයක් අල්ලගත්තා. ඒ හීනෙත් එක්ක යලුවෙන්න මට ටිකක් වෙලා නම් ගියා තමයි. ඒත් බොහොම අමාරුවෙන් යලු කරගත්තෙ හීන එන තැන දැනගන්න මට තිබ්බ ආසාව හන්දා.

                                                                අන්තිමට ඒ ලස්සනම ලස්සන හීනෙත් එක්ක මට යන්න පුලුවන් වුනා හීන එන තැන, හීන ඉපදෙන තැන හොයාගෙන. සීතලම සීතල හුලගට කතා කරල වලාකුලක් ඉල්ලගත්තෙ පයින් යනවට වඩා වලාකුලක යන එක ඉක්මන් කියලා හිතුන හන්දා. වලාකුලේ නැගලා ගියේ ලෝකෙ කෙරෝලටම, අසයි පොලවයි ලන් වෙන තැනට.අපි එතනට යද්දි ඉර බහින්නත් ලන් වෙලා. ඈතට පෙවුනා හිම වලින් හදපු ලස්සන මාලිගාවක්. මගෙ පුන්චි යාලුව කියපු විදියට මෙතනයි හීන ඉපදෙන්නෙ. හීන කුමාරිගේ මාලිගාව

                                                                 ඒ මාලිගාවෙ දොරට තට්ටු කරද්දි හිතට බයක් නොදැනුනාම නෙමෙයි. ඒත් හීන ඉපදින තැන බලන්න තිබ්බ ආසාව ඊටත් වැඩියි. ඒ දොර ඇරන් එලියට ආවෙ ලස්සනම ලස්සන හීන කුමාරි. ටිකක් කලබලෙන් හැසිරුනා වුනත් එයා හරිම අහින්සක පාටයි. මන් ටිකක් වටපිට බලද්දි එයා මට අතුලට කතා කරලා වාලාකුලක් පෙන්නුවා වාඩිවෙන්න කියලා. ඒ එක්කම වගේ තමයි කුස්සිය පැත්තෙන් රොස්වෙන සුවදක් ආවෙ. ලස්සන හීන කුමාරි දුවලා ගියෙ හරිම කලබලෙන්.

                                                                  "අයියෝ ඒක පිච්චුනා" කුස්සිය දිහයින් ඇහුනු සද්දෙත් එක්කම ඒ පැත්තට අවිදගෙන ගියෙ නොදැනුවත්වමයි. එක එක ජාතියෙ කෑම මේසෙ උඩ තිබ්බ. තව පෝරනුවට දාන්න ලෑස්ති කරපුවත් තිබ්බා. ලස්සන හීන කුමාරි තවත් එක බන්දේසියක් පෝරනුවට දැම්ම. ඒක ඉදෙද්දි පිටවෙන සුවද අස්සෙ ලස්සන ලස්සන හීන හැන්ගිල තිබ්බ.

                                                                  හීන ඉපදිනතැන මන් හොයා ගත්ත. ඔවු මන් ඒක කරා.හීන ඉපදෙන්න හීන කුමාරිගෙ පෝරනුවෙ කෑම ජාති හදද්දි එන සුවදින්

Thursday, December 10, 2015

විලෝ පෙල තවම මග බලගෙන

විලෝ පෙල තවම මග බලගෙන



සීරුවට මගෙ ගතේ දැවටෙනා මුදු සුලඟ
ගෙන ඇවිත් හුරු පුරුදු අරලියා මල් සුවඳ
විලෝ පෙල තවම මග බලගෙන  බව
පවසාවි අතීතය ගෙන අවිත් මතකයට


ඇහැල ගස් යට පොරකමින් මල් රේනු අහුලන්න
වැඩ නොකෙරු පොත් අමතක වු බව කියන්න
ගුරුවරුන් නොමැති විට පිට්ටනියට දුව යන්න
අපි ආයෙ නොයෙන බව විලෝ ගස් පෙලට දන්වන්න


පන්ති කාමරයට වඩා අපට හුරු සෙල්ලම් පිටිය
අපව පිලිගන්න පාවඩ එලූ අරලියා තුරු වදුල
පාසලේ ඇවිදිමින් අපි කෙරූ කෙලි කවට
මතක පමනක්ම බව විලෝ ගස් පෙලට දන්වන්න

Wednesday, December 9, 2015

අලුපාට මතකයක

අලුපාට මතකයක

ලස්සන පාට පාට මතක අස්සෙ හැන්ගුන අලුපාට මතකයක් ගොඩක් කලෙකින් එලියට අවිත්. ඔවු ඒක අලුපාට මතකයක්. ඉස්සරම ඉස්සර ලස්සන පාටට තිබ්බ මතකයක්. කදුලු බින්දු වලටම හේදිලා ගිහින් දැන් අලු පාට වෙලා. ඒ මතකය එලියට අරන් දූවිලි ටිකක් ගසල දාලා ආදරෙන් හදවතට ලන් කරගත්තා. මගේ හිත පොඩ්ඩක් කොනිත්තගෙන මටම රිද්ද ගන්න කුරිරු ආසාවක් තිබ්බෙ නෑ කියන්නම බෑ. අලු පාට මතකයෙ පාට නැතිවෙලා අලු පාට වෙලා තිබ්බත් ඒ මතකයෙ හැන්ගිලා තිබ්බ හිනාවල් වගේම කඳුලුත් අපූරුවට තිබ්බා. ඉතින් මන් ඒ මතකය තුරුලු කරන් ඇස් දෙකම පියාගත්තෙ හිතේ හැටියට ඒ මතකය විදින්න. විදවන්න.

ලස්සනම ලස්සන අරලිය මලක් ඒ එක්කම කටකාර අරලියා මල් දෙකක්.තව සින්දු කියන අරලිය මලක්. අරලියා මල් හතරක්. මේ මල් හතර එකතු වෙලා හැදුන අහින්සක ලස්සන අරලිය පොකුරක්. මේ මල් හතර හැමදාම අදරෙන් සතුටින් එක පොකුරක් වෙලා ඉන්න හීන මවා ගෙන හිටියා. හිනාවල් අස්සෙ හැන්ගුන පොඩි පොඩි රණ්ඩු නොතිබ්බම නෙමෙයි. ඒත් ඒ රණ්ඩු වුනේ දගකාරකමකට මිසක් කිසිම තරහකට නෙමෙයි. දවස් එකින් එක ගෙවිලා ගියා. වසන්ත මාරුතත් එක්ක ගිම්හාන මාරුතත් ටික ටික හමන්න පටන් ගත්තා.

මේ මල්වලත් වසන්තය නිමා වුනා. පොකුරුරෙ තිබ්බ මල් වෙන් වුනා. නැත්තම් වෙන් කළා. ඇත්තටම මල්, පොකුරෙන් වෙන් වුනාද වෙන් කරාද කියන එක ඒ මල් වලටත් ප්‍රශ්නයක් වෙන්න අති. හැමදාම එකට ඉන්න ආදරෙන් ඉන්න හිතපු මල් වෙන් වෙන්න එච්චර කාලයක් ගියෙ නෑ. අන්තිමට මල් දෙකක් වෙන් වෙලම යන්න ගියා.ඉතිරි වුන මල් දෙක හැම වේදනාවක්ම දරාගෙන බලන් හිටියා.ටික කාලෙකින් වෙන් වෙලා ගිය එක මලක් අයෙත් අවා. පොකුර මල් තුනක් වුනා. එත් හතරවෙනි මලේ අඩුව මකන්න විදියක් තිබ්බෙ නෑ. ගිම්හනයත් ටික ටික ගෙවුනා. සරත් කාලයත් අවා. දැන් ඒකත් ගෙවිලා. සීතලම සීතලේ ඒ මල් තුන දුර ඈත බලන් ඉන්නෙ ආයෙත් වසන්තය අරන් හතරවෙනි මල එනකන්.................


Tuesday, December 8, 2015

මග බලමි

මග බලමි

කතා කවුලුව අසල ඉඳගෙන 
මග බලමි මම අදත් පෙර ලෙස
වඩින තුරු කැටි කරන් සෙනෙහස
ගොතන්නට ස්නේහයේ  ගෙත්තම

පෙර දාක මා එක්ක ඔබ මැ වූ ඒ සිහින
මා නැතුව ඇය එක්ක ඔබ මවයි පෙර ලෙසම
හැමදාම ඔබෙ වෙන්න පතපු පැතුමන් එක්ක
මා ඉදියි පෙර මෙන්ම ඔබ වෙතම රැදී ගෙන

පෙර දාක රැකගත්තු අපි අපේ වූ මතක
සීතලම සුලන් රැලි ගෙන යාවි දුර ඈත 
සුදු පාට හිම පියලි ඔබේ ගත සිප ගන්න
මගේ තැන අරගත්ත නුඹටවත් නොදැනීම




Monday, December 7, 2015

හීන..........

                                                              හීන..........



                                                                             



                                                              හීන.......... හීන එක එක පාටයි. සුදු, රතු,රෝස ඒ වගේම දම්, නිල් විතරක්ම නෙමේ අපි කැමති ඕනම පාටකින් ඕන විදියට පාට කර ගන්න පුලුවන්. ඒ හීනෙ හැඩෙත් අපිටම තිරනේ කරන්න පුලුවන්. අපි කැමති හීන අපි කැමති විදියට හදාන අපි කැමති පාට ගාගෙන අපේම හීන දැක්කොත් ඒ හීන අපේම වේවි. නැත්තම් අපිට වෙන්නෙ තව කෙනෙක්ගෙ හීන අපේ කරගෙන ජීවත් වෙන්න.

                                                                මාත් දකිනවා හීනයක්. මගේම හීනයක්. ඒ හීනෙ හීනයක් විතරක්ම වෙලා යවිද සැබෑ වෙයිද කියන්න මන් දන්නෙ නෑ. ඒත් ඒකයි මගෙ හීනේ. මමත් ලස්සන දිග පැන්සලක් එක්ක පාට පෙට්ටියකුත් අරන් බිම වාඩි වුනේ ඒ හීනෙ අදින්න. ඒ හීනෙ අදින ගමන්ම ඒක පාට කරන්නත් ඕන කියලා හිතුනා මට. චිත්‍රයක් අදිනවා වගේ නෙමේ හීනයක් අදින එක. අපිට ඒ හීනෙ අදින ගමන් පාට කරන් යන්න පුලුවන්. චිත්‍රයක් වුනත් ඇදල ඉවර වෙල පාට කරන්න ඕන කියලත් නීතියක් නම් නෑ තමා.

                                                              "වසන්තය"  පාට පාට මල් පිපිලා, සීතලම සීතල හුලන් ඇගේ වදින, කුරුල්ලො සින්දු කියන වසන්තය. රූස්ස ගහක් පාමුල ගල් බන්කුවක ඉදගෙන එනකන් බලන් ඉන්න වසන්තය. ඒකයි මගේ හීනය. "වසන්තය" . හිම පියලි කොච්චර ආදරෙන් සිප ගත්තත් වසන්තයේ තියන උණුහුම මුසු වෙච්ච සිසිල දෙන්න බෑ ඒ හිම පියලි වලට. ගිම්හානයටත් බෑ වසන්තය වගේ වෙන්න. හිරු රැස්වල උණුහුමට මුලු සිරුරම පිච්චෙනවා. සරත් කාලෙටත් බෑ වසන්තය නැති අඩුව පුරවන්න. වසන්තයෙ හුලගත් එක්ක මුහුවෙලා එන ඒ මල් සුවද දෙන්න. ඉතින් මන් වසන්තය එනකන් මග බලන ඉන්නවා. හිතේ කොනක හැන්ගිච්ච පුන්චිම පුන්චි බලාපොරොත්තුවක් එක්ක.

Sunday, December 6, 2015

ඉහිරුනු මතක

                                                                ඉහිරුනු මතක





                                                    අවුරුද්දක් දෙකක් නෙමේ. අවුරුදු 13ක්.අම්මගෙ  අතේ  එල්ලිලා ඉස්සරලාම ඉස්කෝලෙ   ගිය දවස දැනට අවුරුදු 15කට විතර කලින් වුනත් ඒ මතකෙ එහෙම්මම  හැන්ගිලා තියනවා. පුන්චිකාලෙ   ඉස්කෝලෙ ගිහින් කරපු දග වැඩ, එතකොට ලොකු පන්ති වලදි කරපු දග වැඩ හදවතේ ගැබුරුම තැනක හැන්ගිලා මතකයන් අතර සැරි සරනවා. අවුරුදු 13ක් හුරුවෙලා හිටපු සුදු ගවුමට සමුදීලා දැන් අවුරුදු 1 1/2ක් වෙන්නත් ලගයි. උසස්පෙල ප්‍රවේශපත්‍ර ගන්න දවසෙදි දැනුන දුක, එකට හිටපු යාලුවො ආයෙ හම්බවෙන්නෙ නෑ කියලා දැනෙද්දි ඇතිවුන දුකත් එක්ක හැමදාම යලුවො විදියට ඉන්නවා කියල දුන්නු පොරොන්දු දැන් නිකන්ම නිකන් බොලද වචන වෙලා. හැමෝටම වගේ අමතක වෙලා. පාරකදි, බස් එකේදි දැක්කත් කවමදාකවත් දැනගෙන හිටියෙ නෑ වගේ හැසිරෙන්න කරන උත්සාහය ගොඩක් අයට පොදු වෙලා. 
                                                  

                                                      එක පන්තියෙ එකට හිටපු සමහර යලුවො රස්සා කරනවා. සමහර අය උසස් පෙල දෙවෙනි පාර කරන්න පන්ති යනවා. තවත් අය ගෙදරට වෙලා ඉන්න්වා.තවත් අය කැම්පස් යන්න බලන් ඉන්නවා. කවදවත් නොහිතපු විදියට එකම පන්තියෙ එකම කෑම එක බෙදාගෙන එකට අකුරු අහුලපු අයගෙ ජීවිත නොහිතපු විදියට විසිරිලා ගිහින්.......................... 

                                                  

                                                       මේ විසිරුන ජීවිත අයෙමත් එක පන්තියක එකට වාඩිකෙරෙවුවට කවමදාකවත් කලින් තිබුන සහෝදරත්වය එවි කියල හිතන්න අමරුයි.  ඒ ජීවිත විසිරිලා. අයෙත් එක්කහු කරන්න බැරි තරම් තැන් තැන්වලට. නමුත් සුන්දර, අසුන්දර මතකයන් විතරක් ඉතිරි කරලා.... අපිට පුලුවන් ඒ මතකයන් දිගේ ඇවිදින්න විතරයි............විතරමයි....................

Friday, December 4, 2015

මිදොරිය


මිදොරිය

ඔබ සමඟ අවිද ගිය මන් මාවත් දිගේ
අවිද යමි මිදොරියට ඔබ නැතිව පෙර ලෙසේ
දිනක අනුරාගයෙන් පිරවු නුබෙ සකේ බඳුන
සොයමි අන් බඳුන් පෙරල පෙරලා නිතර

අවැසිමය හමුවන්න අසකුසාවල නිලිය
කුමට මයෙ පෙම්වතා සමඟ අගෙ ගණුදෙණුව
නිශාචර දිවිය තුළ ඔහු මාව අත්හලද
දැනගන්න අවැසිමය අගෙන් මේ සියල්ලම

නුඹෙ දෙතොල ලස්සනයි තවම සායම් නැතිව
නිතරෝම ඇහෙනවා රෑ යාමෙ මයෙ හිතට
ඔබ කියන ලෙස මරුනු අය අතර ඉඳගෙනම
නුඹෙ තනිය මකන්නට මම එමිය හනි හනික

ලගදීම පැමින ඔබ අසල මා වැතිරෙන්න
ඉඩක් හෙම තියනවා නොවෙද වම් අත අසල
තමබොචිය තුළදිවත් මට වෙන්න පතිනියක
ගන්න දැන් අවසරය මා පියාණන් වෙතින