Sunday, June 5, 2016

පුන්චි කඳුලක්

පුන්චි කඳුලක්



විරහවේ මහ වේදනාවෙන්
දැවී ගිනිගත් හද පතුලෙ සිට
පැන නැගී එහෙ මෙහේ දුවනා
පිනි පාට වුණු පුන්චි කඳුලක්

නෙත අස්සෙ ඉගි පාන අතරම
තව තවත් ගිනි අවුල අවුලා
අලුත් කඳුලකට මගක් හොයනා
හදවතක් නැති පුන්චි කඳුලක්

හිනාවන් මහ දුරක පලවා
කඳුල පමණක් නෙතග රන්දා
දෙකොපුලත් මහ වැරෙන් සූරා
වේදනා තව තවත් ගෙනෙනා
අහින්සක නැති පුන්චි කඳුලක්

ආදරෙන් රැක ගත්තු සෙනෙහස
බිදී විසිරී සුලඟෙ යන විට
වහා දුවවිත් තුරුල් වන්නට
ලඟින් සිටිනා පුන්චි කඳුලක්

Friday, May 20, 2016

ඔයා වැරදියි අල්තීනායි

ඔයා වැරදියි අල්තීනායි



ඔව් ඔයා වැරදියි අල්තීනායි
දැක්ක ගමන් දුල්ශෙයින්ට 
පිදුවට උබේ හදවත
උඹ වැරදියි

උණුසුම් කරන්න දුල්ශෙයින්ගෙ ඉස්කෝලෙ
වියලිච්ච ගොම ගෙනත් දීලා
ගෙදරින් දඩුවම් විදපු 
උඹයි වැරදි

කෙල්ලෙක්ගෙ සියුමැලි කකුලකට
දරන්න බැරි තරම් සීතල වතුරෙ බැහැගෙන
දුල්ශෙයින් එක්ක ඉස්කෝලෙට පාර හදපු
උඹයි මෙතන වැරදි

දුල්ශෙයින් උගන්නපු අකුරු
බොහොම හොදින් මතක තියාන
නගරෙට ගිහින් අකුරු අහුලපු
උඹයි වැරදි

දුල්ශෙයින්ගෙන් ආදරේ ඉල්ලලා
ලියුමක් යවපු උඹයි වැරදි
ඒකට උත්තර නොදීපු
දුල්ශෙයින් නෙමේ 
උඹයි වැරදි

මනුස්සයෙක්ට ආදරේ නොකර
දෙවියෙක්ට ආදරේ කරපු 
උඹයි මෙතන වරදි
දුල්ශෙයින් දෙවියෙක්
ඒත් මනුස්සයෙක් නෙමෙයි
දෙවියන්ට තේරෙන්න නෑ
ගැහැණියකට ආදරේ කරන්න 

Tuesday, May 17, 2016

හැමදාමත් මේ විදියට මගෙ ගාවට වෙලා ඉන්න

හැමදාමත් මේ විදියට මගෙ ගාවට වෙලා ඉන්න



ඇවිද ගියත් ඔබෙ අත ගෙන සයිබර් මාවත පුරාම
නොහැකි වෙලා මට පුදන්න නුබෙ ඔය බැල්මන් ආදර
එකතු වෙලා ඇවිද්ද දුර දැන් හොදටම වැඩියි නේද?
පවසන්න එපා මෙහෙම තවදුරටත් රිද්ද රිද්ද

එකතු වෙලා ආපු දුරේ මතක ගොන්න වැඩියි නේද?
ඒ හන්දා ඔබෙ මතකයෙ මන් නැවතිලා ඉදියි නේද?
මගෙ හදවත නගන ඉකිය ඔබෙ සවනට ඇසෙන් නැද්ද?
ඔහොම බලන් ඉන්නෙ මා තනිකර යන්න නොවෙද?

කොහොම ඇවිද යන්නද මන් තනියම මේ මාවතෙ?
පාර පුරා හැම තැනකම සයිබර් හොරු වැඩියි නේද?
මන් තනියම ගියොතින් හෙම මට කරදර කරයි නේද?
ඉතින් අනේ මගෙත් එක්ක ඉතුරු ටිකත් යන්න එන්න

ඔයාගෙ ඔය හදවත කවුද දන්නෙ මන් තරමට
නපුරුකමත් මන් දන්නවා හැන්ගිලා ඇති ඔයා ගාව
ඕනා නම් හැකිවේ මට පොතක් වුනත් ඔබ ගැන ලියන්න
හැමදාමත් මේ විදියට මගෙ ගාවට වෙලා ඉන්න


Sunday, May 8, 2016

කුමක් කරමුද ඔබේ මතකෙට?

 කුමක් කරමුද  ඔබේ මතකෙට? 



නෙතින් වෑහෙන කදුළු බිදුවක
අස්සෙ සැගවී ඉන්න මතකය
දමා වීසිකර පොළව මතටම
හිරුට දෙමු සිප ගන්න රහසෙම

හිරුට දුන්නත් මගේ මතකය
රශ්මියේ දවටා එවයි නම් මට
යලිත් සිප ගන්නවා මිස මම
පලා යන්නද දමා තනිකර

මතකයන් ටික හොදින් ගුලි කර
මුහුද වෙත ගොස් දමා එන්නද?
මුහුදෙ රැළි හා එක්ක සටනට
යන්න හැකිවෙද අපේ මතකෙට

රැගෙන ගොස් කදු මුදුනකට මම
තල්ලු කර දමා ආවොතින් හෙම
මිතුරු වී සැඩ සුලග  එක්කල
යලිත් ඒවි ද මා සොයා ගෙන

පවසන්න මට කුමක් කරමුද?
මාව පෙලනා ඔබේ මතකෙට
සූර සූරා මගේ හදවත
බොහෝ දුක් වේදනා දෙන විට

Friday, April 29, 2016

ඉතින් අද මම තනිවෙලා ඇත

ඉතින් අද මම තනිවෙලා ඇත

ගෙවී ගිය එක් දිනක
කලු පාට වූ අහස 
හඩනා වෙලාවක
බස් රියේ එක් කොනක
නුබේ පපුවට වාරු වී මම
හිටියලූ ප්‍රීතියෙන්

බලා වට පිට ඇසිල්ලෙන්
පහත් වී මගේ මුව මත
තැබුවලූ  තොල් මතින් නුබ
අපේ කුලුදුල්ම හාදුව

මතකයිද ඒ වැහි දවස
හිරිපොදත් මා තෙමනා වෙලාවක
තබා ඔය අත මගේ උර මත
රැකගත්ත හැටි හිරිකඩින් වුව

ඉතින් අද මා තනි වෙලා ඇත
මහා ගණදුර වෙලාගෙන ඇත
මතක පමනක් ඉතිරි කරගෙන
ජීවිතෙන් ඔබ උදුරස් වී ඇත

නුබේ හාදුවෙන් දැනුනු උණුහුම
නුබේ සෙනෙහසින් දැනුනු ජීවය
කඳුල පමනක් ඉතුරු කරගෙන
ඉතින් න් අද  තනිවෙලා ඇත


Thursday, March 31, 2016

පන්හිදට පුලුවන්ද ආදරේ වපුරන්න

පන්හිදට පුලුවන්ද ආදරේ වපුරන්න


හිතින් වෑහෙන මියුරු මතකය
එකින් එක සීරුවට එක්කර
ආදරේ මුදු හාදු වැල් මත
නුඹේ නාමෙට කවි ලියමි මම

කවිය විය නුඹ මගේ හද මත
තාලයයි ඔය හදේ රිද්මය
ජීවයයි මට ඔබේ සෙනෙහස
සිනාවක් වී ලගින් ඉනු මැන

නෙතින් වෑහෙන කදුලු වැල් ගෙන
අකුරු ලෙස එකිනෙකට ගලපා
නුඹේ හද මත සිතුවමක් අන්දා
නුඹෙම වී ඉන්නමයි පැතුවා

Sunday, March 27, 2016

දැන් ඉතින් නික්මෙන්න

දැන් ඉතින් නික්මෙන්න



ශ්වේත පැහැ වළාකුලු 
නිල් අඹර හැර යන්න
විහගුනේ දැන් ඉතින්
මගෙ ගෙපැල හැර යන්න

හරිත පැහැ විලෝපත් 
දැන් ඉතින් වැලපෙන්න
චන්ඩ වූ හිරු කිරණ
මයෙ කදුළු වියලන්න

රොබරෝසි මල් පොකුරු
දැන් ඉති වෙන් වෙන්න
මගෙ පැතුම් ඒ එක්ක
වෙන් වෙලා විසිරෙන්න

මහ නපුරු ගිම්හානෙ 
දැන් ඉතින් ලන් වෙන්න
මල් පිපුනු වසන්තය
දැන් ඉතින් හැර යන්න

මින්දදගෙ හී සරය
හැකිද ගලවාලන්න
නුබේ සැනසුම සොයා
දැන් ඉතින් නික්මෙන්න