Thursday, December 10, 2015

විලෝ පෙල තවම මග බලගෙන

විලෝ පෙල තවම මග බලගෙන



සීරුවට මගෙ ගතේ දැවටෙනා මුදු සුලඟ
ගෙන ඇවිත් හුරු පුරුදු අරලියා මල් සුවඳ
විලෝ පෙල තවම මග බලගෙන  බව
පවසාවි අතීතය ගෙන අවිත් මතකයට


ඇහැල ගස් යට පොරකමින් මල් රේනු අහුලන්න
වැඩ නොකෙරු පොත් අමතක වු බව කියන්න
ගුරුවරුන් නොමැති විට පිට්ටනියට දුව යන්න
අපි ආයෙ නොයෙන බව විලෝ ගස් පෙලට දන්වන්න


පන්ති කාමරයට වඩා අපට හුරු සෙල්ලම් පිටිය
අපව පිලිගන්න පාවඩ එලූ අරලියා තුරු වදුල
පාසලේ ඇවිදිමින් අපි කෙරූ කෙලි කවට
මතක පමනක්ම බව විලෝ ගස් පෙලට දන්වන්න

8 comments:

  1. හරිම ලස්සනයි...... අායෙමත් අතීතයට ගියා..... සුන්දර නිර්මාණයක්..... ජයවේවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කුරුටු ගෑ ගී පවුර

      Delete
  2. "පාසලේ ඇවිදිමින් අපි කෙරූ කෙලි කවට
    මතක පමනක්ම බව විලෝ ගස් පෙලට දන්වන්න"
    මේ ටි්ක සුපිරි!

    මෙතන මොකක්හරි හොර වැඩක් වෙනවා! බ්ලෝග් දෙකක් ගෑණු ළමයි ලියනවා...දෙකේම එක වාගේ පෝස්ට් එකම දවසේ යනවා!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. අනේ කිසිම හොර වැඩක් නෑ

      Delete
  3. මතක පමනක්ම උවද
    අමතක නොවෙ කිසිදින........

    ReplyDelete