Friday, December 11, 2015

හීන කුමාරි....

                                           හීන  කුමාරි .... 





                                                                හීන.... ඔවු ලස්සනම හීන.  හැම හීනයකටම ආවේනික වුනු පාටක් තියනවා. ගොඩක් ගැහැණු ළමයි දකින හීන රෝස පාටයි. එතකොට පිරිමි ළමයි දකින හීන නිල් පාටයි. ගොඩාක් රෑ වුනාම, ඒ කියුවෙ නිදාගන්න ලන් වුනාම මේ එක එක පාට පාට හීන ඇවිත් කොට්ටෙ යට එහෙමත් නැත්තන් ඇදන් යට හැන්ගෙනවා. එහෙම්මම කියුවට ඒ තැන් වලම විතරක් නෙමේ. එයාලට හැන්ගෙන්න පුලුවන් ඕනැම තැනක එයාලා හැන්ගෙනවා.

                                                                ඒ හැන්ගිච්ච්ච හීන පුන්චි ළමයි නින්දට යනකන් බලන් ඉන්නවා. ඒ අහින්සක පුන්චි ළමයි නිදාගත්තම හිමීට එයාලගෙ හදවතට ඇතුලු වෙනවා. ලස්සනම ලස්සන කතන්දර කියලා දෙනවා. ලස්සන කුමාරිකාවො ගැන, ගොඩාක් ඉස්සර හිටපු නිර්භීත කුමාරවරු ගැන කතා. කලාතුරකින් නපුරු මායකරියො ඉන්න කතා වුනත් කියලා දෙන්න පුලුවන්. ඒත් එහෙම වෙන්නෙ ගොඩාක් කලාතුරකින්. ඒත් මේ හීන එන්නෙ කොහෙන්ද?

                                                                දවසක් දෙකක් නෙමේ ගොඩාක් කල් මහන්සිවෙලා කොට්ටෙ යට හැන්ගිලා තිබ්බ හිනයක් අල්ලගත්තා. ඒ හීනෙත් එක්ක යලුවෙන්න මට ටිකක් වෙලා නම් ගියා තමයි. ඒත් බොහොම අමාරුවෙන් යලු කරගත්තෙ හීන එන තැන දැනගන්න මට තිබ්බ ආසාව හන්දා.

                                                                අන්තිමට ඒ ලස්සනම ලස්සන හීනෙත් එක්ක මට යන්න පුලුවන් වුනා හීන එන තැන, හීන ඉපදෙන තැන හොයාගෙන. සීතලම සීතල හුලගට කතා කරල වලාකුලක් ඉල්ලගත්තෙ පයින් යනවට වඩා වලාකුලක යන එක ඉක්මන් කියලා හිතුන හන්දා. වලාකුලේ නැගලා ගියේ ලෝකෙ කෙරෝලටම, අසයි පොලවයි ලන් වෙන තැනට.අපි එතනට යද්දි ඉර බහින්නත් ලන් වෙලා. ඈතට පෙවුනා හිම වලින් හදපු ලස්සන මාලිගාවක්. මගෙ පුන්චි යාලුව කියපු විදියට මෙතනයි හීන ඉපදෙන්නෙ. හීන කුමාරිගේ මාලිගාව

                                                                 ඒ මාලිගාවෙ දොරට තට්ටු කරද්දි හිතට බයක් නොදැනුනාම නෙමෙයි. ඒත් හීන ඉපදින තැන බලන්න තිබ්බ ආසාව ඊටත් වැඩියි. ඒ දොර ඇරන් එලියට ආවෙ ලස්සනම ලස්සන හීන කුමාරි. ටිකක් කලබලෙන් හැසිරුනා වුනත් එයා හරිම අහින්සක පාටයි. මන් ටිකක් වටපිට බලද්දි එයා මට අතුලට කතා කරලා වාලාකුලක් පෙන්නුවා වාඩිවෙන්න කියලා. ඒ එක්කම වගේ තමයි කුස්සිය පැත්තෙන් රොස්වෙන සුවදක් ආවෙ. ලස්සන හීන කුමාරි දුවලා ගියෙ හරිම කලබලෙන්.

                                                                  "අයියෝ ඒක පිච්චුනා" කුස්සිය දිහයින් ඇහුනු සද්දෙත් එක්කම ඒ පැත්තට අවිදගෙන ගියෙ නොදැනුවත්වමයි. එක එක ජාතියෙ කෑම මේසෙ උඩ තිබ්බ. තව පෝරනුවට දාන්න ලෑස්ති කරපුවත් තිබ්බා. ලස්සන හීන කුමාරි තවත් එක බන්දේසියක් පෝරනුවට දැම්ම. ඒක ඉදෙද්දි පිටවෙන සුවද අස්සෙ ලස්සන ලස්සන හීන හැන්ගිල තිබ්බ.

                                                                  හීන ඉපදිනතැන මන් හොයා ගත්ත. ඔවු මන් ඒක කරා.හීන ඉපදෙන්න හීන කුමාරිගෙ පෝරනුවෙ කෑම ජාති හදද්දි එන සුවදින්

15 comments:

  1. ඔයා කතා ලියන විදියට මම ආසයි. ඒ විදිය හරිම ලස්සනයි.
    මාවත් හීන කුමරිය ලගට එක්ක්න් යන්න බැරිද ඔයාට...........
    මටත් තියෙනවා ලස්සන හීනයක් ඉල්ලගන්න.

    ReplyDelete
  2. thanks sudu. ඔයාගෙ කොට්ටෙ යට, ඇද යට එහෙම නැත්තම් කබඩ් එක යට හරි කන්නාඩි මේසෙ යට හරි ඉන්න බැරි කමක් නෑ හැන්ගිච්ච හීනයක්. පොඩ්ඩක් බලලා අල්ලගත්ත නම් ඔයාටත් පුලුවන් වලාකුලක නැගලා හීන කුමාරි බලන්න යන්න

    ReplyDelete
  3. අහලා තියෙන විදිහට දිගම දිග හීනයක් අපිට පේන්නේ තත්පර නමයක විතර ප්‍රමාණයක්ලූ... ඒක පේන්නේ පොඩි පොඩි කෑලි විදිහට.. මැදින් මැදින් ලු.... අපි ඒවා සම්බන්ධ කරගෙන කතාව හදා ගන්නවාලු...... මේ හැම ඒකක් ම 'ලූ' හරිද?????

    ReplyDelete
    Replies
    1. මන් ඒක දැන ගෙන හිටියෙ නෑ. ස්තූතියි කුරුටු ගෑ ගී පවුර

      Delete
    2. බස්සී කිව්ව එක හරි නේද??  ඉතා කෙටි කලබල හීන

      Delete
    3. :) ඒක ඇත්තම ඇත්ත නේද එහෙනම්

      Delete
  4. හීන කුමාරි අවදි උණු දවසක උබේ මගේ ලෝකයාගේ අපි හැමෝගෙම ජිවිතවල මිරිගුවක්ව තිබු සතුට ජිවිත වලට එබිකම් කරයි.
    සුභ පැතුම්.

    ReplyDelete
    Replies
    1. ඔව් එහෙම වේවි. එතකන් බලන් ඉමු. ස්තූතියි කලන

      Delete
  5. මටත් හීනෙන් ගොඩක් පෙන්නේ කෑම තමා!!

    ReplyDelete
    Replies
    1. ඒකත් හොදයි ඒත් රෑට වැඩිය කන්න හොද නෑලු. ඒ හන්ද කන්න කලින් එකත් හිතන්න. හීනෙන් වුනත් කන්න හොද නැතිව ඇති :p

      Delete