ඉස්සර මම කවි ලිව්වා. බ්ලොග් ලිව්වා. පොත් කියෙව්වා. ෆිල්ම්, ටීවී සීරීස් බැලුවා. පස්සෙ එක දවසක් නැකිටිද්දි හැමදේම අලුපාට වෙලා තිබ්බා. මිමෝසා ගස්වල කටු විතරක්ම පේන්න අරන් තිබ්බා. ට්‍රයිඩැක්ස් මල් ලෝකෙන්ම අතුරුදහන් වෙලා තිබ්බා, මිදි කොලවලට වඩා මේපල් පත්‍රවල හිතුවක්කාරකම ආසා කරපු මට මිදිකොල විතරක්ම පේන්න ගත්තා, රතු ඇපල් නොකෑවත් හලාහල විශ ශරීරගතවෙලා තිබ්බා, ඉදිකට්ටක් ඇගිල්ලෙ ඇනුනෙ නැති උනත් ඇදට ආදරේ හිතෙන්න ගත්තා, අකුරු අමතක වෙලා ගිහින් තිබ්බා, හිම ප්‍රහාරයකට මුහුණ නොදුන්නත් ඒ උදේ හමපු සීතලම සීතල හුලගට අහුවෙලා හදවත ගල් වෙන්න අරන් තිබුනා. රුසියන් සුරංගනා කතා එක්කම ලොකු උන ළමා කාලයක් තිබ්බ මට ඉංග්‍රීසි සුරංගනා කතා විතරක් ම මතක් වෙන්න ගත්තා. ඉතින් එච්චරය
No comments:
Post a Comment