Monday, April 2, 2018

රතු කියන්නෙත් පාටක් ද?

රතු කියන්නෙත් පාටක් ද?


හිම වගේ සුදු පාට 
කොතරම්ම සිත්කලු ද
ඒත් මේ රතු පාට 
ඒ තරම් ලස්සන ද

ගැබුරටම කිදා බැසි
මල්සරගෙ හී සැරය
ගැලවී වැටෙන විට
හදවතින් ගලා ගිය
උණු රුහිරු බිදු තුළින්
උපත ලද රත් පැහැය

හදවතේ ශෝකය
විරහවේ පාලුව
ප්‍රතිනිර්මාණය කරන්නට
වෙනත් පාටකට 
කොහෙද අයිතිය
රත් පැහැය ඉන්න විට


4to එක ඉස්සුවේ ජනිත් පීරිස්ගෙන් (👮😊😊)