Wednesday, December 29, 2021

එතනිනුයි ආදරේ ලියවුනේ නුබ නමට


එතනිනුයි ආදරේ ලියවුනේ නුඹේ නමට



ඔබේ ඔය සිනාවල මගේ නම රැදෙන විට
ගයන හැම ගීකම මගේ ගැන ගැයෙන විට
කියන මං හැමදේම ඔබ හොදින් අසන විට
එතනිනුයි ආදරේ ලියවුනේ නුඹේ නමට

පරිගනක තිරය මත දුරකථනෙ පුරාවට
නුබ එවපු පනිවිඩම එහෙ මෙහෙ දුවන කොට
මගේ හිත එක් කොනක් නුඹේ නම සොයන කොට
එතනිනුයි ආදරේ ලියවුනේ නුඹ නමට

සුන්දරම හීනවල නුඹ සෙමින් රැදෙන කොට
කවිකාර සැදෑවල නුබ ගැනත් හිතෙන කොට
අපේ ගැන මතකයන් මට සිනා ගෙනෙන කොට
එතනිනුයි ආදරේ ලියවුනේ නුඹ නමට

හැම වැඩම මග ඇරන් මා වෙතම රැදෙන විට
සති අන්ත එකින් එක මගෙ නමට ලියන විට
වැටෙන වැහි බිදු වලින් නුබ මාව රකින විට
එතනිනුයි ආදරේ ලියවුනේ නුඹ නමට

Monday, December 13, 2021

Hello December

Hello December  

 



මගෙ දෙසැම්බර් රුචිය

ඔබ නිසාමයි සබද

නොමැති නම් නුබේ දින

මේ පාලු සීතලට

මං ප්‍රේම කරනු කිම


වැසි වැටෙන හැමදාම

මා හදත් ගිලන් වන

වැටෙන වැහි කෝඩුවට

නොතෙමීම සැගව යන


තොල ගාන කිරි කෝපි

රුචි නොවේ කිසිම දින

මැදි වෙච්ච සිගරට් දුමට

පෙම් බදින නුබට මිස

ඒවාට නැත රුචිය


ඉතින් මේ මං කැමති

මේ පාලු රාත්‍රියට

වසරකට වරක් හෝ

ගන්න හැකි ඇමතුමට