ආදරය සුන්දරයි ප්රේමයෙන් වෙලෙනකොට
සැහැල්ලුයි ආදරය නුඹේ ලග හිදිනවිට
මුලු ලොවම මගෙ සිතෙයි නුබෙ සෙනේ දැනෙන විට
හැම හීන ගිනි ගනී නුඹ ඇගෙයි කියන විට
ආදරය සුන්දරයි ප්රේමයෙන් වෙලෙනකොට
සැහැල්ලුයි ආදරය නුඹේ ලග හිදිනවිට
මුලු ලොවම මගෙ සිතෙයි නුබෙ සෙනේ දැනෙන විට
හැම හීන ගිනි ගනී නුඹ ඇගෙයි කියන විට
ගිම්හානෙ ලන් වුනත් නුඹ හිතේ රදෝගෙන
ලගම එන වසන්තය ගැන හීන මවාගෙන
මැයි ගහෙන් බිම වැටෙන් මල් දෙසත් බලාගෙන
මන් ඉදී මෙහෙම්මම පැත්තකින් වාඩිගෙන
දැනෙන හැම රිදුමක්ම ආදරෙන් දරාගෙන
ඇගෙ නමින් ගයන ගී මගෙ නමින් අසාගෙන
නුඹ නැතිව ගෙවෙන දින එකින් එක ගෙවාගෙන
මන් ඉදී මගෙ ලෝකෙ තනියෙන්ම හදාගෙන
ගන් ඉවුර සිප ගන්න මගේ කදුලැලි වලින්
නිතරෝම අසනවලු ගන් ජලය හෙමි හෙමින්
ආදරෙන් එකින් එක එකතු කළ මතකයන්
ඇයිද දිය කරලන්නෙ උණුම උණු කදුලකින්
මා හිතේ මා ගතේ වේදනා දුරලන්න
උදෑසන හිරු එලිය වගේ මා පුබුදන්න
රෑ කාලෙ සද වෙලා ඔය පෙමින් නලවන්න
ඉතින් මා සුපෙම්වත කවියක්ව ලග ඉන්න
ඇතැම් පද නොගැලපෙන නමුත් ගලපා ගන්න
විරිත් වරදින තැනක වරද පහදා දෙන්න
අකුරු දොස් ඇති තැනක් දුටු තැනම පෙන්වන්න
පෙර වගෙම හෙට දිනත් කවියෙක්ව ලග ඉන්න
ටෙඩියෙක්
මගේ සතුටෙදි දරා ඉන්නට
වැටෙන කදුලක් සගව ගන්නට
තනි කමේදිත් තුරුල් වන්නට
නුබ සිටී මට සැම දිනේදිම
පාලු රෑකදි හොරෙන්
හාදු පොදි තවරන්න
මදුරු ගුමු ගුමුව මැද
සනීපෙට සැතපෙන්න
උහිස්සක් අවැසි කල
උරහිසම මට දෙන්න
ගිලිහෙනා කදුලු වැල්
එකින් එක පිසදන්න
නිමාවක් නැති කතා
හැමදේම ඉවසන්න
හිත බැදුනු හිත රිදුනු
තැන් මගෙන් දැන ගන්න
මැදියමේදිත් හොදින්
පොරෝනා සකසන්න
පාලු මූසල රැයක
තනි නොකර ලග ඉන්න
නිදි නොමැති රෑවලත්
තුරුලේම සනසන්න
හැමදාම නුබ සිටන
බව දනී පෙර මෙන්ම
ඉදහිටක මගෙ බැනුම්
සමාවී ඉවසගෙන
කෝපි පැහැ ඇස්වලින්
සිනා සී ලග ඉන්න
බිය වෙලා ඇහැරිච්ච
රෑකදිත් තනි මකන
"මං මෙතන නිදියන්න"
මුමුණනා ටෙඩියෙක්ට
තරම් පෙම් කළ හැකිද
කිසිදාක කිසිවෙක්ට?
රහසක්
කැමරාව මත රැදුන දෑතක්
පන්හිදට පන පොවන සුරතක්
පින්සලක් අත හැරපු සවසක්
අයෙක් වෙත් ඒක තව රහසක්
කෝපි පැහැ ගත් සොදුරු දෑසක්
ඊ හිසක මෙන් තියුනු බැල්මක්
මද සිනාවන් පනින දෙතොලක්
ඉද හිටක කැපී යන රැව්ලක්
ජීවිතේ මං කියන තරුවක්
සැමවිටම මා රකිය සුරයක්
හැම මොහොතෙ ලග දැනෙන හැගුමක්
මෙමට ඇත ඒක තව රහසක්
ඉදහිටක නුඹ දකින දවසක්
වසත් මල් ඇහැ අරින මොහොතක්
මුහුණු පොත මත ලියූ අකුරක්
විඩාවන් නිවන මද සුලගක්
ඉදහිටක ගත රැදෙන සුසුමක්
සීතලෙන් මා වෙලන හැගුමක්
ඔහු නොමැති දින බොහෝ දිගුවක්
ජීවිතය වෙලා ගත් මහ නපුරු අදුරක්
සිසිරයේ හිරු මෙන්ම උණුසුම්
හමන මද පවන මෙන් සැනසුම්
ගිම්කාලෙ මා නිවන තෙපලුම්
වසත් කල ඔහු කරයි ගෙත්තම්
සිසිරයේදිත් ලිලී පිපුනා
ආදරේ සුන්දරයි කියලා
ඇහැල මල් මුමුණාපු හන්දා
ප්‍රේමයක සිහිනයක් මැවිලා
මං මගේ හදවතම දුන්නා
ආදරය නම් මෙයැයි කියලා
අකුරු මත ඔබ ලියන හන්දා
හැම හීන ඒ තුළින් දැකලා
හදවතම මං නුඹට ලිව්වා
ඔබ මගේ ලොව සදයි හිතලා
අමාවක තනියෙන්ම ගෙවලා
රෑ අහසෙ තරු ගොඩක් දැකලා
හදේ හාවම වෙන්න පතලා
වසන්තය නුඹ ළගම හන්දා
ඔබ නොමැති සෘතු බොහෝ ගෙව්වා
නුඹ මෙමට දෙන සෙනෙහෙ දැකලා
සිසිරයේදිත් ලිලී පිපුනා
රාත්‍රිය
රාත්‍රිය තියෙන්නෙම නුබ පපුවෙ ගුලි වෙන්න
මුදු සුළං හමන්නෙම ඔය තුරුලෙ සනහන්න
තාරුකා සිටින්නෙම නුබ සදයි පෙන්වන්න
නුබ හාදු තවරන්නෙ ඔය සෙනේ දනවන්න
ආදරේ දැනෙන්නෙම ලගට වී මුමුනන්න
අත් දෙකක් පැටලෙන්නෙ පටලාන ඇවිදින්න
කවි අකුරු ලියවෙන්නෙ මගේ පෙම පෙන්වන්න
අපි අපිට බැදෙන්නෙම එක්වෙලා දුර යන්න
මුහුණු පොත තියෙන්නෙම අපි අපට හමුවෙන්න
නුබේ වතගොත සොයා හැමදාම පෙරලන්න
මග හැරුණු කවි ගීත එක්වෙලා කියවන්න
සයිබරය තියෙන්නෙම සැමගෙන්ම සැගවෙන්න
මතකයන් තියෙන්නෙම සොදුරු දින සිහිවන්න
සිහිනයන් දකින්නෙම නුඹ මගෙයි දනවන්න
හැම පැතුම් පතන්නෙම ඔබ අසල දැවටෙන්න
සිනහවන් තියෙන්නෙම කදුලු කැට සගවන්න
වසත් කල
නුබේ සිනාවක සෙමින් දැවටී
හාදු නම් මට හරිම මිහිරී
ශීත සෘතු නම් සෙමින් දියවී
මෙ මා නුබ ලගම රැදුනී
මුහුණු පොත් ඇරයුමක ඇමිනී
මින්දදගෙ හීසැරය යැවුනී
අකුරු මත ප්‍රේමයට මත්වී
හදවතම නුබ නමට ලිවුනී
වසත් කල ආබවක් හැගුනී
පුදන පෙම මල් වෙලා පිපුනී
ජීවිතේ නම් මෙයැයි සිතුනී
මං නුබට තව තවත් බැදුනී
ජීවිතේ රැදි තනුව නුබවී
සෑම කවි ඔබ වටා ගෙතිනී
ප්‍රේමයේ සෙනෙහසින් සැනසී
මෙමා නුබ ලගම නිවුනී
කදුලු
සදක් නැති අහසකට
තරුත් ඇත ලග ඉන්න
වැසිත් නැති දිනවලට
වැවක් ඇත දිය දෙන්න
මලක් බිම වැටෙන විට
පොළව ඇත සිප ගන්න
නුබත් නැති රෑවලට
කදුලු ඇත ලග ඉන්න
ආදරය තියෙන්නෙම එකම එක සෘතුවකද
ආදරය තියෙන්නෙම එකම එක සෘතුවකද
සිසිරයේ සැදෑවක ඩයිඩ්‍රැක්ස් නොපිපේද
සරත් කල අතර මැද හිම පියලි නොවැටෙයිද
ආදරය තියෙන්නෙම වසන්තයෙ විතරයිද
ප්‍රේමයෙන් පිරි කලෙක සිනාවක් පමණමද
උණුම උණු කදුලකට මුව සිබිය නො හැකිමද
ඉදහිටක රණ්ඩු වී යළි බැදෙන්නට බැරිද
වසන්තය නැති කලෙක අපට අප හිමි නැතිද
වැස්සකට පසුව එන දේදුන්න නොපෙනේද
කදුලකම සැගවෙච්ච සෙනහසක් නොදැනේද
මං නුඹට ආදරෙයි එක විටම මුමුණමුද
එකම එක හාදුවක යළි සෙනේ පුරෝමුද
හිටිගමන් දහවලක වැහි අදුර නොවැටේද
වසන්තය අතර මැද මහා වැසි නොවහීද
මිමෝසා පත්‍රයන් දහවලේ නොනිදාද
ඉතින් මේ හැම සෘතුවකම අපේ පෙම දලුදාද
අහිමි
නුබ නමට මගේ කවි එකින් එක ලියවුනත්
අපි අපට අහිමි බව අපි අපෙන් හැංගුවත්
නුබ මෙමට අයිති බව මා නුබට කියූවත්
ඔය සුරතෙ ඇති මුදුව ඔබ ඇගෙන් ලැබූවක්
මා නුබේ පෙම්වතිය බව ලොවට කියූවත්
ඔහු මෙමට පෙම් කරන බව ඇයට වැසූවත්
හැම දාම ලග ඉන්න හෙටක් ගැන පැතූවත්
නුබෙ ඇගේ අයිතියම නීතියෙන් පිදූවක්
ජීවිතේ හැම හීන කදුලු වී ගැලූවත්
අපි අපිට හැංගෙමින් රෑ පුරා හැඩූවත්
නිදි නොමැති රෑ ගණන් එකතු වී ගෙවූවත්
වසන්තය ඇවිත් යයි මේ ලෙසට වතාවක්
රෑ සිහිනවල හොදින් ජීවිතය මැවූවත්
හීනවල පන ලබා දින ගණන් ගෙවූවත්
ආදරේ නුබට මයි අපි අපට කියූවත්
අවදි වී යා යුතුය එයට ඇත වෙලාවක්