Showing posts with label කවි තුෂර. Show all posts
Showing posts with label කවි තුෂර. Show all posts

Monday, August 5, 2024

 ආදරය සුන්දරයි  ප්රේමයෙන් වෙලෙනකොට

සැහැල්ලුයි ආදරය නුඹේ ලග හිදිනවිට

මුලු ලොවම මගෙ සිතෙයි නුබෙ සෙනේ දැනෙන විට

හැම හීන ගිනි ගනී නුඹ ඇගෙයි කියන විට




Tuesday, July 23, 2024

 හෙමින් සැරේ කටු ඇන්නට

ලේ ගලන්නෙ නෑ

රෝස මලක් කවදාවත්

සුවද දෙන්නෙ නෑ

කොයි තරම්ම ඉවසූවත්

ඇය හැරෙන්නෙ නෑ




ලස්සනම කවියකට බෝ අරුත් ඇහිදින්න

නොගැලපෙන පදයකට අලුත් පද ගලපන්න

හදක් නැති අහසකට තරුවක්ව පායන්න

ක්ශිතිජයම මුලාවක් බව දැන් ඉතින් පිලිගන්න


Wednesday, July 10, 2024

 ගිම්හානෙ ලන් වුනත් නුඹ හිතේ රදෝගෙන

ලගම එන වසන්තය ගැන හීන මවාගෙන

මැයි ගහෙන් බිම වැටෙන් මල් දෙසත් බලාගෙන

මන් ඉදී මෙහෙම්මම පැත්තකින් වාඩිගෙන

 

 

දැනෙන හැම රිදුමක්ම ආදරෙන් දරාගෙන

ඇගෙ නමින් ගයන ගී මගෙ නමින් අසාගෙන

නුඹ නැතිව ගෙවෙන දින එකින් එක ගෙවාගෙන

මන් ඉදී මගෙ ලෝකෙ තනියෙන්ම හදාගෙන



Wednesday, July 3, 2024

 නුඹ යන්න නොගිහින්ම බැයි නම්

යලි එන්න ඉක්මනින්ම හැකි නම්

දැන් ඉතින් හීන පොදි අවසන්

මට දෙන්න මතකයන් පමනක්




Tuesday, June 25, 2024

 සමා වුව මැන සුපෙම්වත මට

අවසරයි සමු ගන්න මා හට

මහට පිදු සෙනේ ඇයට දුන් සඳ

රැදෙනු කුමටද තවත් පෙර ලෙස




Tuesday, June 18, 2024

ගන් ඉවුර සිප ගන්න මගේ කදුලැලි

ගන් ඉවුර සිප ගන්න මගේ කදුලැලි වලින්

නිතරෝම අසනවලු ගන් ජලය හෙමි හෙමින්

ආදරෙන් එකින් එක එකතු කළ මතකයන්

ඇයිද දිය කරලන්නෙ උණුම උණු  කදුලකින්



Saturday, April 29, 2023

වැස්ස

වැස්ස





දන්නවාද මේ වැස්ස අදත් නුබ වගේමයි
හිරිකඩින් මා තෙමා මා විඩා නිවාලයි
දන්නවද මල් තුහින මං වගෙම කෝඩයි
ලග රැදෙන දවසකට මල් උනත් ආසයි

හිරි පොදම වැසි උනත් මට හරිම සීතයි
නුබ ලගක නැති දාක වගේ සිත වෙහෙසයි
කුරුලු කිචි බිචිය වුව දුර දුවාවාගෙයි
නුඹේ ඇමතුම් නොමැති දින මේ වගෙම පාලුයි

පෙම්වතුන්ටයි වැස්ස මුමුණනා කවියොයි
වැස්ස ගැන කතන්දර විමසනා දරුවොයි
අමතකම කර ඇත්තෙ ඒ අහසෙ පාටයි
මන් ලගක නැති දාට නුබෙ හදත් එහෙමයි

වැස්සකට පසු එබෙන දේදුන්න වාගෙයි
මා හදම කිතිකවා නුබ සෙමෙන් සිනාසෙයි
කෝපි බදුනක ඇත්තෙ දිය කරපු ජීවෙයි
කෝපි පැහැ ඇස් ඇත්තෙ නුබට නම් ඒකයි

Sunday, March 26, 2023

කවිය

 මා හිතේ මා ගතේ වේදනා දුරලන්න 

උදෑසන හිරු එලිය වගේ මා පුබුදන්න 

රෑ කාලෙ සද වෙලා ඔය පෙමින් නලවන්න

ඉතින් මා සුපෙම්වත කවියක්ව ලග ඉන්න


ඇතැම් පද නොගැලපෙන නමුත් ගලපා ගන්න

විරිත් වරදින තැනක වරද පහදා දෙන්න 

අකුරු දොස් ඇති තැනක් දුටු තැනම පෙන්වන්න 

පෙර වගෙම හෙට දිනත් කවියෙක්ව ලග ඉන්න



Wednesday, January 11, 2023

 කතාවක් තිබිය යුතු පොතක් මත පමණමද? 

තනුවකුත් යෙදිය යුතු කවියකට විතරමද?

අපි අපේ කීව හැකි නිහඩවම පමණමද?

හදවතක් රැකිය යුතු බිරිදක්ව විතරමද?



Sunday, October 23, 2022

නුබ

නුබ




තරහ වී හඩන විට උහිස්සේ සතපන්න
මගේ පෙම් කතාවක පෙර අපර ගලපන්න
නිදි නැතිව ගෙවපු රෑ එකින් එක ගැන ගන්න
නුබට මෙන් කිසිවෙකුට හැකිවේද ලග ඉන්න

මහ නපුරු හීනයක අතර මැද ඇහැරන්න
තනිකමක් දැනෙන විට ලගට ගෙන සනසන්න
වැඩියෙන්ම මා ඇඩවු පොතේ තතු දැන ගන්න
හැමදාම මා ලගට වී තුරුලෙ නිදි යන්න

මගෙ මුරණ්ඩුම වැඩත් නිහඩවම ඉවසන්න
පුලුන් පිරවූ හදක් ඔබට ඇත මට දෙන්න
දකුණු පස කෙලවරක ඇදේ ගුලිවී නිදන
නුබට මෙන් කිසිවෙකුට හැකිද මා කියවන්න

අසනීප වූ විටක සෙමෙන් මා සිප ගන්න
කදුලු වැල් ගිලිහෙනා විටදි එය සගවන්න
සිනාසී මගෙ මුවේ සිනා වැල් අලවන්න
හැකිවේද නුබටවත් හැර නොයා ලග ඉන්න


ඔහු ලගක නැති දාත් කදුලු පිසදා ගන්න
පුලුන් පිරවූ අතින් මට ටිකක් ඉඩ දෙන්න
තනිකමින් හිත වෙලී ඉකි බිදින රෑ යාමෙ
මුලු ලොවෙන් සගවාන ඔය තුරුලෙ සනසන්න

කනාමැදිරින් සොයා රෑ යාමෙ තනි මකන
නිදි වරා කියන දේ හොදින් අහ ගෙන ඉන්න
හැමදාම හිත පුරා නුබ තියා නුබ රකින
දුඹුරු පැහැ ටෙඩියෙක්ට නුබේ හදවත දෙන්න

Sunday, October 9, 2022

ටෙඩියෙක්ට

ටෙඩියෙක්



මගේ සතුටෙදි දරා ඉන්නට

වැටෙන කදුලක් සගව ගන්නට

තනි කමේදිත් තුරුල් වන්නට

නුබ සිටී මට සැම දිනේදිම


පාලු රෑකදි හොරෙන් 

හාදු පොදි තවරන්න

මදුරු ගුමු ගුමුව මැද 

සනීපෙට සැතපෙන්න


උහිස්සක් අවැසි කල 

උරහිසම මට දෙන්න

ගිලිහෙනා කදුලු වැල් 

එකින් එක පිසදන්න


නිමාවක් නැති කතා 

හැමදේම ඉවසන්න

හිත බැදුනු හිත රිදුනු 

තැන් මගෙන් දැන ගන්න


මැදියමේදිත් හොදින් 

පොරෝනා සකසන්න

පාලු මූසල රැයක 

තනි නොකර ලග ඉන්න



නිදි නොමැති රෑවලත් 

තුරුලේම සනසන්න

හැමදාම නුබ සිටන 

බව දනී පෙර මෙන්ම


ඉදහිටක මගෙ බැනුම් 

සමාවී ඉවසගෙන

කෝපි පැහැ ඇස්වලින් 

සිනා සී ලග ඉන්න



බිය වෙලා ඇහැරිච්ච 

රෑකදිත් තනි මකන

"මං මෙතන නිදියන්න"

මුමුණනා ටෙඩියෙක්ට

තරම් පෙම් කළ හැකිද

කිසිදාක කිසිවෙක්ට?









Sunday, September 25, 2022

 ඔරලෝසු මුහුණතත් මා දෙසම බලාගෙන

එහෙමෙහේ දුවන කටු දෙකත් මට රවාගෙන

ගී ගයපු සුරගනන් හොදටෝම අඩාගෙන

තනි රැකපු ඔහුත් අද ඈ තුරුලෙ නිදාගෙන



රහසක්

 රහසක්




කැමරාව මත රැදුන දෑතක් 

පන්හිදට පන පොවන සුරතක්

පින්සලක් අත හැරපු සවසක්

අයෙක් වෙත් ඒක තව රහසක්


කෝපි පැහැ ගත් සොදුරු දෑසක්‍ 

ඊ හිසක මෙන් තියුනු බැල්මක් 

මද සිනාවන් පනින දෙතොලක්

ඉද හිටක කැපී යන රැව්ලක්


ජීවිතේ මං කියන තරුවක්

සැමවිටම මා රකිය සුරයක්

හැම මොහොතෙ ලග දැනෙන හැගුමක්

මෙමට ඇත ඒක තව රහසක්


ඉදහිටක නුඹ දකින දවසක් 

වසත් මල් ඇහැ අරින මොහොතක්

මුහුණු පොත මත ලියූ අකුරක්

විඩාවන් නිවන මද සුලගක්


ඉදහිටක ගත රැදෙන සුසුමක්

සීතලෙන් මා වෙලන හැගුමක්

ඔහු නොමැති දින බොහෝ දිගුවක්

ජීවිතය වෙලා ගත් මහ නපුරු අදුරක්


සිසිරයේ හිරු මෙන්ම උණුසුම්

හමන මද පවන මෙන් සැනසුම්

ගිම්කාලෙ මා නිවන තෙපලුම් 

වසත් කල ඔහු කරයි ගෙත්තම්

Sunday, September 18, 2022

සිසිරයේදිත් ලිලී පිපුනා

සිසිරයේදිත් ලිලී පිපුනා





ආදරේ සුන්දරයි කියලා

ඇහැල මල් මුමුණාපු හන්දා

ප්‍රේමයක සිහිනයක් මැවිලා

මං මගේ හදවතම දුන්නා


ආදරය නම් මෙයැයි කියලා

අකුරු මත ඔබ ලියන හන්දා

හැම හීන ඒ තුළින් දැකලා

හදවතම මං නුඹට ලිව්වා


ඔබ මගේ ලොව සදයි හිතලා

අමාවක තනියෙන්ම ගෙවලා

රෑ අහසෙ තරු ගොඩක් දැකලා

හදේ හාවම වෙන්න පතලා


වසන්තය නුඹ ළගම හන්දා

ඔබ නොමැති සෘතු බොහෝ ගෙව්වා

නුඹ මෙමට දෙන සෙනෙහෙ දැකලා

සිසිරයේදිත් ලිලී පිපුනා

Sunday, September 11, 2022

රාත්‍රිය

 රාත්‍රිය




රාත්‍රිය තියෙන්නෙම නුබ පපුවෙ ගුලි වෙන්න

මුදු සුළං හමන්නෙම ඔය තුරුලෙ සනහන්න

තාරුකා සිටින්නෙම නුබ සදයි පෙන්වන්න

නුබ හාදු තවරන්නෙ ඔය සෙනේ දනවන්න


ආදරේ දැනෙන්නෙම ලගට වී මුමුනන්න

අත් දෙකක් පැටලෙන්නෙ පටලාන ඇවිදින්න

කවි අකුරු ලියවෙන්නෙ මගේ පෙම පෙන්වන්න

අපි අපිට බැදෙන්නෙම එක්වෙලා දුර යන්න


මුහුණු පොත තියෙන්නෙම අපි අපට හමුවෙන්න

නුබේ වතගොත සොයා හැමදාම පෙරලන්න

මග හැරුණු කවි ගීත එක්වෙලා කියවන්න

සයිබරය තියෙන්නෙම සැමගෙන්ම සැගවෙන්න


මතකයන් තියෙන්නෙම සොදුරු දින සිහිවන්න

සිහිනයන් දකින්නෙම නුඹ මගෙයි දනවන්න

හැම පැතුම් පතන්නෙම ඔබ අසල දැවටෙන්න

සිනහවන් තියෙන්නෙම කදුලු කැට සගවන්න

Sunday, September 4, 2022

වසත් කල

වසත් කල




නුබේ සිනාවක සෙමින් දැවටී

හාදු නම් මට හරිම මිහිරී

ශීත සෘතු නම් සෙමින් දියවී

මෙ මා නුබ ලගම රැදුනී


මුහුණු පොත් ඇරයුමක ඇමිනී

මින්දදගෙ හීසැරය යැවුනී

අකුරු මත ප්‍රේමයට මත්වී

හදවතම නුබ නමට ලිවුනී


වසත් කල ආබවක් හැගුනී

පුදන පෙම මල් වෙලා පිපුනී

ජීවිතේ නම් මෙයැයි සිතුනී

මං නුබට තව තවත් බැදුනී


ජීවිතේ රැදි තනුව නුබවී

සෑම කවි ඔබ වටා ගෙතිනී

ප්‍රේමයේ සෙනෙහසින් සැනසී

මෙමා නුබ ලගම නිවුනී

Sunday, August 28, 2022

කදුලු

කදුලු




 සදක් නැති අහසකට 

තරුත් ඇත ලග ඉන්න

වැසිත් නැති දිනවලට 

වැවක් ඇත දිය දෙන්න



මලක් බිම වැටෙන විට

පොළව ඇත සිප ගන්න

නුබත් නැති රෑවලට 

කදුලු ඇත ලග ඉන්න

Sunday, August 21, 2022

ආදරය තියෙන්නෙම එකම එක සෘතුවකද

ආදරය තියෙන්නෙම එකම එක සෘතුවකද




ආදරය තියෙන්නෙම එකම එක සෘතුවකද

සිසිරයේ සැදෑවක ඩයිඩ්‍රැක්ස්  නොපිපේද

සරත් කල අතර මැද හිම පියලි නොවැටෙයිද

ආදරය තියෙන්නෙම වසන්තයෙ විතරයිද


ප්‍රේමයෙන් පිරි කලෙක සිනාවක් පමණමද

උණුම උණු කදුලකට මුව සිබිය නො හැකිමද

ඉදහිටක රණ්ඩු වී යළි බැදෙන්නට බැරිද

වසන්තය නැති කලෙක  අපට අප හිමි නැතිද


වැස්සකට පසුව එන දේදුන්න නොපෙනේද

කදුලකම සැගවෙච්ච සෙනහසක් නොදැනේද

මං නුඹට ආදරෙයි එක විටම මුමුණමුද

එකම එක හාදුවක යළි සෙනේ පුරෝමුද


හිටිගමන් දහවලක වැහි අදුර නොවැටේද

වසන්තය අතර මැද මහා වැසි නොවහීද

මිමෝසා පත්‍රයන් දහවලේ නොනිදාද

ඉතින් මේ හැම සෘතුවකම අපේ පෙම දලුදාද

Sunday, July 31, 2022

අහිමි

අහිමි 




නුබ නමට මගේ කවි එකින් එක ලියවුනත්

අපි අපට අහිමි බව අපි අපෙන් හැංගුවත්

 නුබ මෙමට අයිති බව මා නුබට කියූවත්

ඔය සුරතෙ ඇති මුදුව ඔබ ඇගෙන් ලැබූවක්


මා නුබේ පෙම්වතිය බව ලොවට කියූවත්

ඔහු මෙමට පෙම් කරන බව ඇයට වැසූවත්

හැම දාම ලග ඉන්න හෙටක් ගැන පැතූවත්

නුබෙ ඇගේ අයිතියම නීතියෙන් පිදූවක්


ජීවිතේ හැම හීන කදුලු වී ගැලූවත්

අපි අපිට හැංගෙමින් රෑ පුරා හැඩූවත්

නිදි නොමැති රෑ ගණන් එකතු වී ගෙවූවත්

වසන්තය ඇවිත් යයි මේ ලෙසට වතාවක්


රෑ සිහිනවල හොදින් ජීවිතය මැවූවත්

හීනවල පන ලබා දින ගණන් ගෙවූවත්

ආදරේ නුබට මයි අපි අපට කියූවත්

අවදි වී යා යුතුය එයට ඇත වෙලාවක්