ඉතින් අද මම තනිවෙලා ඇත
ගෙවී ගිය එක් දිනක
කලු පාට වූ අහස
හඩනා වෙලාවක
බස් රියේ එක් කොනක
නුබේ පපුවට වාරු වී මම
හිටියලූ ප්‍රීතියෙන්
බලා වට පිට ඇසිල්ලෙන්
පහත් වී මගේ මුව මත
තැබුවලූ තොල් මතින් නුබ
අපේ කුලුදුල්ම හාදුව
මතකයිද ඒ වැහි දවස
හිරිපොදත් මා තෙමනා වෙලාවක
තබා ඔය අත මගේ උර මත
රැකගත්ත හැටි හිරිකඩින් වුව
ඉතින් අද මා තනි වෙලා ඇත
මහා ගණදුර වෙලාගෙන ඇත
මතක පමනක් ඉතිරි කරගෙන
ජීවිතෙන් ඔබ උදුරස් වී ඇත
නුබේ හාදුවෙන් දැනුනු උණුහුම
නුබේ සෙනෙහසින් දැනුනු ජීවය
කඳුල පමනක් ඉතුරු කරගෙන
ඉතින් මන් අද තනිවෙලා ඇත