Saturday, October 30, 2021

වැහි කදුලු


 

වැහි කදුලු





ඉතින් මේ හිස් ගුවන අඩන්නේ කුමකටද

මගෙ හදේ ඇති කදුලු අහස බිම දැම්මාද

පාලු නෑ නුඹ යන්න සිනාසී කීවාට

හදවතම දැවුනු බව අහස නුබ දැක්කාද


ඉදහිටක ඉකියකුත් මේඝයට හැරුනාද

හදවතම ගැස්සිලා ඔහු කොහේ සෙව්වාද

කමක් නෑ හෙට ඉදන් ඔහු මගෙයි සිතුවාද

ඔහු නොමැති මගෙ පාලු අහසටත් දැනුනාද


සුදු පාට වලාකුළු අලු පාට ගෙන මොකද

කෝපි මෙන් උණුසුමක් ඔහුගෙ ගත වැදුනාද

පොතක් මෙන් ඇගේ ගත ඒ නෙතේ රැදුනාද

මං නොමැති දින හොදින් ඈ එක්ක ගෙව්වාද


කදුලු කැට එකින් එක බිම සිබින්නේ මන්ද

ඔහු නොමැති පාලු දින මේ තරම් දිගු ඇයිද

සද නොමැති රෑකටම බය හිතෙන්නේ මන්ද

ඒ වතේ උණුසුමම හිත යදින්නේ මොකද

Tuesday, October 12, 2021

ඇය (නුඹ) මම

ඇය (නුඹ) මම




නුබ නමට මගේ කවි එකින් එක ලියවුනත්

අපි අපට අහිමි බව අපි අපෙන් හැංගුවත්

 නුබ මෙමට අයිති බව මා නුබට කියූවත්

ඔය සුරතෙ ඇති මුදුව ඔබ ඇගෙන් ලැබූවක්


මා නුබේ පෙම්වතිය බව ලොවට කියූවත්

ඔහු මෙමට පෙම් කරන බව ඇයට වැසූවත්

හැම දාම ලග ඉන්න හෙටක් ගැන පැතූවත්

නුබෙ ඇගේ අයිතියම නීතියෙන් පිදූවක්


ජීවිතේ හැම හීන කදුලු වී ගැලූවත්

අපි අපිට හැංගෙමින් රෑ පුරා හැඩූවත්

නිදි නොමැති රෑ ගණන් එකතු වී ගෙවූවත්

වසන්තය ඇවිත් යයි මේ ලෙසට වතාවක්


රෑ සිහිනවල හොදින් ජීවිතය මැවූවත්

හීනවල පන ලබා දින ගණන් ගෙවූවත්

ආදරේ නුබට මයි අපි අපට කියූවත්

අවදි වී යා යුතුය එයට ඇත වෙලාවක්