Saturday, October 30, 2021

වැහි කදුලු


 

වැහි කදුලු





ඉතින් මේ හිස් ගුවන අඩන්නේ කුමකටද

මගෙ හදේ ඇති කදුලු අහස බිම දැම්මාද

පාලු නෑ නුඹ යන්න සිනාසී කීවාට

හදවතම දැවුනු බව අහස නුබ දැක්කාද


ඉදහිටක ඉකියකුත් මේඝයට හැරුනාද

හදවතම ගැස්සිලා ඔහු කොහේ සෙව්වාද

කමක් නෑ හෙට ඉදන් ඔහු මගෙයි සිතුවාද

ඔහු නොමැති මගෙ පාලු අහසටත් දැනුනාද


සුදු පාට වලාකුළු අලු පාට ගෙන මොකද

කෝපි මෙන් උණුසුමක් ඔහුගෙ ගත වැදුනාද

පොතක් මෙන් ඇගේ ගත ඒ නෙතේ රැදුනාද

මං නොමැති දින හොදින් ඈ එක්ක ගෙව්වාද


කදුලු කැට එකින් එක බිම සිබින්නේ මන්ද

ඔහු නොමැති පාලු දින මේ තරම් දිගු ඇයිද

සද නොමැති රෑකටම බය හිතෙන්නේ මන්ද

ඒ වතේ උණුසුමම හිත යදින්නේ මොකද

3 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. ගිය කෙනා ගියාවෙන් නුඹ නඬාන්
    නැවත දිනක් මුව රැදෙයි සිනාවන්
    නුඹෙන් ඈත් වී යාවි කළු වළාවන්
    එතෙක් ඉදින් හිත හයිය කරන්

    ReplyDelete
  3. හ්ම්ම්ම් 😒😒😒❤️

    ReplyDelete