Tuesday, February 22, 2022

මගෙ සුසුම් ඉදහිටක නුබ ගතේ වදිනවද

 මගෙ සුසුම් ඉදහිටක නුබ ගතේ වදිනවද



මගෙ සුසුම් ඉදහිටක නුබ ගතේ වදිනවද

ඒ සුසුම් මත රැදුනු ආදරේ දැනෙනවද

මුහුනු පොත් පිටු අතර මගෙ මතක තියනවද

නුබ හදේ කොනක හෝ මන් තවම ඉන්නවද



පෙරදාක මා ලියූ කවි තාම තියනවද

කවි අතර හන්ගාපු ආදරේ දකිනවද

නුබ දකින හීනවල මං  තවම ඉන්නවද

අප මතක හීනයන් යැයි ඔබට සිතෙනවද


ඔබේ මිතුරන් ඉතින් මගෙ ගැනත් අසනවද

නුබ එවිට පිළිතුරක් ලෙස කුමක් කියනවද

අපෙ මතක මතක් වී ඔය ඇසුත් තෙමෙනවද

දුරකතනෙ අස්සෙවත් මන් තවම ඉන්නවද

Tuesday, February 15, 2022

ඇය

ඇය

නුබේ ඇස තුළ දිලෙන ආදරේ ඇයටමයි

ඔය හදේ අයිතියත් දැන් ඉතින් ඇයගෙමයි

ඇගෙ පෙමේ අයිතියත් ඈ ලිවුවෙ ඔයාටයි

නමුත් මගෙ හදවතම පතන්නේ ඔයාවයි

Tuesday, February 8, 2022

 



 සුමිතුරේ අසනවද කතාවක් ඇත මට

කියන්නට ආසමුත් කියලාත් බැහැ නුබට

එක්කෝ නොකියාම රකින්නම් පන ලෙසට

මිතුරුබව වටින හැමදේටම වැඩියෙන් අපට


හිත රිදුන හැමතිස්සෙම හිත හැදුවෙ ඔයාමයි

අඩන්නට ඇසක් මට දුන්නෙ ඔයාමයි

ගෙවෙන හැම මොහොතකම ඇස් හෙව්වෙ ඔයාවයි

මගෙ හදේ පිපෙන මල් දැන් ඉතින් ඔයාටයි


මැදියමේ සිහිනවල ඔබමයි

ගෙවෙන හැම මොහොතකම සිත බැදුනේ ඔයාටයි

ලං වුනත් ලං නොවී දුර යන්නෙ ඔයාමයි

උදාවන වසන්තය දැන් අයිති ඔයාටයි

Tuesday, February 1, 2022




කවිකාර සුපෙම්වත සොරෙන් ඉගි බිගි පාන

ජීවිතේ මාවතේ  එහෙ මෙහේ ඇවිද යන

පෙම්වතා නොවේ මම හැකි විටක පෙම් කරන

සුමිතුරා පමනමය හැමදාම ලග රැදෙන