Tuesday, March 22, 2022

රාත්‍රී මියදිලා තිබුනා



රාත්‍රී මියදිලා තිබුනා





ප්‍රේමයේ කවි ඔහේ ලියවුන

ඔබේ ලග මා නිවී සැනසුන

ආදරේ සුව හිතේ තැවරුන

රාත්‍රී මියදිලා තිබුනා


පිපෙන මල් දෙස බලා හිනහුන

වැටෙන කොල මත විඩා තවරපු

හමන සුලගින් පවා සනසපු

වසත් කල අවසන්ව තිබුනා


ගිම්හාන හිරු රැසින් වේලුනු

සිසිරයේ සීතලෙන් ගල්වුනු

ප්‍රේමයේ කවි කිසිත් නොගැයුනු

හදවතක් පපු දෙකක තිබුනා


නුබ නොමැති මහ රෑක

නෙත් අගින් බිම වැටුනු

කදුලු බිදු කැට අතර

ලේ බිදිති එක දෙකක් තිබුනා


එළිබසින්නට බලාගෙන සිටි

ලොවෙන් සගවා සිටිය ඉකියක

අපට අප අත් හැරී යන ඉගි

මහ ගොඩක් ගැලපිලා තිබුනා


ජීවිතේ එක පාලු දවසක

මටත් නොදැනිම හෙලුන සුසුමක

නුබට නොකියම දරාගෙන සිටි

කතාවක් සැගවිලා තිබුනා


නුබට අමතක අපේ මතකය

කොහේදෝ එක අදුරු මුල්ලක

යන්තමින් තව හුස්ම අරගෙන

ජීවිතය අල්ලගෙන වුන්නා

Tuesday, March 15, 2022

හිටිය හැටි මතකයිද හැමදේම බෙදාගෙන




හිටිය හැටි මතකයිද හැමදේම බෙදාගෙන


ඉස්සරත් මේ වගේ උදේ රෑ නිදි නැතිව

අපි අපිම හීනයන් මහ ගොඩක් මවාගෙන

ආදරේ මහ ගොඩක් හදවතේ රදෝගෙන

හිටිය හැටි මතකයිද හැමදේම බෙදාගෙන


නුබ අනේ ගියෙ කොයිද ඉක්මනින් එන්නැද්ද

ප්‍රශ්නයන් මහ ගොඩකි තනිව විසදාගම්ද

දැන් ඉතින් නිදාගමු හෙටත් ලෙක්චස් නේද

ඉතින් මේ හැමදේම අතීතය විතරයිද


මගේ තැන අරගත්ත කෙනෙක් දැන් නුබට ඇති

මට කියපු හැමදේම ඇයට දැන් කියනවැති

හිටිගමන් මතකයක මගේ නම රැදෙනවැති

ම‍තක්වී අපේ ගැන ඔය හදත් රිදෙනවැති


Tuesday, March 8, 2022

හැකිවෙයිද වරක්වත් ඉඩ දෙන්න

 




හැකිවෙයිද වරක්වත් ඉඩ දෙන්න



හැකිවෙයිද වරක්වත් ඉඩ දෙන්න
මුහුණුපොත් පිටු අතර සැග වෙන්න
මියගියපු අතීතය ගොඩ ගන්න
හැරගියපු පෙම්වතා දැකගන්න

කවිකාර ඇස් අස්සෙ තනි වෙන්නන
මං නැතුව ගෙව්ව දින ගැන ගන්න
මා නොවන ඔහුගෙ සද දැක ගන්න
සිනාවක් පමණක්ම මට ගන්න

මියදිච්ච මතකයන් පරිසරේ හැම තැනම
ඔහු තනපු හීනයන් හදවතේ ඇත තවම
මා නුබට දුන්න හිතෙ අයිතියත් ඔහු සතුය
මං දකින හීනවල රැදෙන්නෙත් ඒ රුවය


Tuesday, March 1, 2022

සිනා සෙන්නම් මමත් ඉදහිට

සිනා සෙන්නම් මමත් ඉදහිට
නුබට නොව මා බැන්ද ප්‍රේමෙට


අසයිමන්ට් මත දින ගෙවන කොට
නින්ද ඇවිදින් ඉගි කරන කොට
සයිබරය තුළ සොයා ගෙන නුබ
ඕපයක් දොඩවන්න හැක මට

ගිම්කාලෙ හද දවන තනිකම
වසත්කල මල් දරන අතු ගැන
හැමදේම රස කර කියන්නට
පෙම්වතෙක් නොව සුමිතුරෙක් ඇත

ජීවිතේ අප නැගූ පිය මග
එක්ව ආ මුත් එක් නොවූ අප
බැදුනු අත් හෙට එහෙම්මම බැද
ඉදිමු ඈතින් හෙටත් මේ ලෙස

සැමට හොරහින් මගේ සෙනෙහස
වීසි කර හදවතේ කොනකට
සිනා සෙන්නම් මමත් ඉදහිට
නුබට නොව මා බැන්ද ප්‍රේමෙට