රාත්‍රී මියදිලා තිබුනා
ප්‍රේමයේ කවි ඔහේ ලියවුන
ඔබේ ලග මා නිවී සැනසුන
ආදරේ සුව හිතේ තැවරුන
රාත්‍රී මියදිලා තිබුනා
පිපෙන මල් දෙස බලා හිනහුන
වැටෙන කොල මත විඩා තවරපු
හමන සුලගින් පවා සනසපු
වසත් කල අවසන්ව තිබුනා
ගිම්හාන හිරු රැසින් වේලුනු
සිසිරයේ සීතලෙන් ගල්වුනු
ප්‍රේමයේ කවි කිසිත් නොගැයුනු
හදවතක් පපු දෙකක තිබුනා
නුබ නොමැති මහ රෑක
නෙත් අගින් බිම වැටුනු
කදුලු බිදු කැට අතර
ලේ බිදිති එක දෙකක් තිබුනා
එළිබසින්නට බලාගෙන සිටි
ලොවෙන් සගවා සිටිය ඉකියක
අපට අප අත් හැරී යන ඉගි
මහ ගොඩක් ගැලපිලා තිබුනා
ජීවිතේ එක පාලු දවසක
මටත් නොදැනිම හෙලුන සුසුමක
නුබට නොකියම දරාගෙන සිටි
කතාවක් සැගවිලා තිබුනා
නුබට අමතක අපේ මතකය
කොහේදෝ එක අදුරු මුල්ලක
යන්තමින් තව හුස්ම අරගෙන
ජීවිතය අල්ලගෙන වුන්නා
+++++++
ReplyDelete