Monday, January 25, 2016

අපට අප කවියක්ද?

අපට අප කවියක්ද?



උදේ රෑ නිදි නැතිව
හීන ගෙත්තම් කෙරුවාම
මහන්සිය නොසලකා
ආදරෙන් ලන් කරන්
හාදු පොදි තැවරූව

දෙකොපුලට බර දිදී 
කදුලු වැසි වැස්සාම
සීරුවට ලගට ගෙන
ජීවිතේ ගැන කීව

පොඩිම පොඩි දබරයක්
හිටි ගමන් වූ නමුත්
පෙරමෙන්ම මිතුරු වී
ආදරෙන් කල් ගෙවුව

මහම මහ දහවලක
හිටිගමන් අවදි වී
උදා වූ දිනයකට
මිතුදමින් සුබපැතුව

අපට අප කවියක්ද?
අරුත් සුන් ගීයක්ද?
තනුව නැති කවියක්ද?
වැරදිච්ච ගීයක්ද?

Wednesday, January 20, 2016

වැහි බින්දු හරි නපුරුයිලු

 වැහි බින්දු හරි නපුරුයිලු


රක්ත පැහැ බාසුරුව
අදුරු පැහැ මේඝයක්
සීරුවට ලන් වෙමින්
වසා ගන්නාවිටදි
හරිත පැහැ ගත්ත ගස්
මහ හඩින් සිනා සෙනවාලු

ගුරු පැහැති මහ පොලව
ඒ සිනා හඬ අසා
මහ දුකින් කම්පිතව
වේගයෙන් ඉකිලනවාලු


සීතලම වැහි බින්දු
හරිත පැහැ ගස් අතර
ඔච්චමට දුවන විට
ඒ මහා ගස් දරා ඇති
දුක් වේදනා පොදි බදිනවාලු

හැමතැනම දුව දුවා
පොදි බැන්ද වේදනා
සීරුවට ලන් වෙමින්
මේ මහා පොලව මත දමනවාලු

මහා දුක් දරාගෙන
මහ නපුරු වැහි බින්දු
ආදරෙන් ලන් කරන්
අහස වෙත යන පාර
හැමදාම කියා දෙනවාලු

බිම වැටුනු වැහි බිදති
එකින් එක එක් වෙමින්
මහ පොළව සූරාන
ආයෙමත් පල්ලම් බහිනවාලු

වල ගොඩැලි හා සමග
රලු බොරලු වූ පසත්
පමනක්ම හද දරා
මහ පොලව අයෙමත් 
හිනැහෙන්න බලනවාලු 

Monday, January 18, 2016

එන්න මදනලේ

                               එන්න මදනලේ






සීතලම මදනලේ වේගයෙන් මෙහෙ එන්න
මතක පමනක් තියා සියලු දේ අරගන්න
ඔහු මුවෙන් පිටකෙරූ හාදුවක් තවරන්න
ඉකිබිදින හදවතේ වේදනා ගෙන යන්න

සීතලම මදනලේ හැකි ද මෙය කර දෙන්න
මගේ මිතුරා සොයා දුර ඈත ඇවිදින්න
සියලු දුක් දරා දැවෙනා හදත් සුව කරලන්න
පෙර මෙන්ම අපි තවත් මිතුරන්ද අහගන්න

ප්‍රීතියෙන් දිවි ගෙවන අය වෙතට ඔබ යන්න
හදවතේ වේදනා ඇති අයෙක් හමුවන්න
සිසිලසත් කැටි කරන් ආදරෙන් සිප ගන්න
ඔහු මගේ සුමිතුරා නොවේ දැයි දැනගන්න

බිදී විසිරුනු හදැති පෙම්වතුන් වෙතයන්න
ඉරි තැලුනු  හදක් ඇති අයෙක් වෙති හමුවන්න
පෙම්වතිය අතින් නොව මිතුරියක බිද දැම්ම
සියලු දේ ගැනම පසුතැවෙන බව දන්වන්න

හැකිතරම් ඉක්මනට මිතුදමින් ලන් වෙන්න
පෙර මෙන්ම ආයෙමත් එක්වෙලා හිනැහෙන්න
සතුටෙ පමනක්ම නොව දුකේදිත් ලගඉන්න
මම තවම මග බලන් ඉන්න බව දන්වන්න

Friday, January 15, 2016

සමුගැන්ම

සමුගැන්ම



හදවතේ අගිස්සක ප්‍රේම මල් පූදිද්දි
ජීවිතේ හැම හීන මල් වටා ඉපදෙද්දි
කුලුදුල්ම ආදරේ නුබෙ නමින් ලියවෙද්දි
නුබම පියවර තබා හදේ මල් පාගද්දි

උණුසුම්ම කදුලු  බිදු මගේ මුව සිපගද්දි
ජීවිතේ දුටු හීන කදුලටම දියවෙද්දි
කදුලෙනුත් පන ලබා මගෙ සෙනේ දලුලද්දි
නුබේ හද තව තවත් සීතලෙන් ගල්වෙද්දි

හදවතේ ගැස්ම වුව ඔබේ නම මුමුනද්දි
සීතලම සුලන් රැලි මතක පොදි ගෙන එද්දි
දුර ඈත අතීතේ මිතුදමින් ලන්වෙද්දි 
මේ ලෙසින් වෙන්වෙලා යන්න අපි නොසිතද්දි