සමුගැන්ම
හදවතේ අගිස්සක ප්‍රේම මල් පූදිද්දි
ජීවිතේ හැම හීන මල් වටා ඉපදෙද්දි
කුලුදුල්ම ආදරේ නුබෙ නමින් ලියවෙද්දි
නුබම පියවර තබා හදේ මල් පාගද්දි
උණුසුම්ම කදුලු බිදු මගේ මුව සිපගද්දි
ජීවිතේ දුටු හීන කදුලටම දියවෙද්දි
කදුලෙනුත් පන ලබා මගෙ සෙනේ දලුලද්දි
නුබේ හද තව තවත් සීතලෙන් ගල්වෙද්දි
හදවතේ ගැස්ම වුව ඔබේ නම මුමුනද්දි
සීතලම සුලන් රැලි මතක පොදි ගෙන එද්දි
දුර ඈත අතීතේ මිතුදමින් ලන්වෙද්දි
මේ ලෙසින් වෙන්වෙලා යන්න අපි නොසිතද්දි
ලස්සනයි
ReplyDeleteදුක්බරයි
පෙම්බරයි.
ස්තූතියි මහේශ්
Deleteලස්සනයි............... දුකත් විදීමට හැක කියලා හිතාගනිමු..........
ReplyDeleteඔව් නේද කුරුටු ගෑ ගී පවුර.දුකත් එක මිහිරක්
Deleteකොහේ හෝ හිඳී නුඹ
Deleteසොයමි තව සොයමි තව
රිදෙන හදවත පතුලේ
නුඹ හිඳී මිලානව..
ආතුරව හිඳි සිතට
පැන් පොදක් වැටෙන සඳ
කීරි යන වේදනා
මැකීයයි සීරුවට..
තව සොයමි තව සොයමි
කොහේ වෙද ඒ කඳුල
නුඹ හිඳී හදවතේ
ජීවයක් නැති ඉමක..
කොහේ හෝ හිඳී නුඹ
Deleteසොයමි තව සොයමි තව
රිදෙන හදවත පතුලේ
නුඹ හිඳී මිලානව..
ආතුරව හිඳි සිතට
පැන් පොදක් වැටෙන සඳ
කීරි යන වේදනා
මැකීයයි සීරුවට..
තව සොයමි තව සොයමි
කොහේ වෙද ඒ කඳුල
නුඹ හිඳී හදවතේ
ජීවයක් නැති ඉමක..
wooow really nice
Deleteඅනගියි!
ReplyDeleteජයවේ!
ස්තූතියි වර්ණකුලසූරිය
Delete