අපට අප කවියක්ද?
උදේ රෑ නිදි නැතිව
හීන ගෙත්තම් කෙරුවාම
මහන්සිය නොසලකා
ආදරෙන් ලන් කරන්
හාදු පොදි තැවරූව
දෙකොපුලට බර දිදී
කදුලු වැසි වැස්සාම
සීරුවට ලගට ගෙන
ජීවිතේ ගැන කීව
පොඩිම පොඩි දබරයක්
හිටි ගමන් වූ නමුත්
පෙරමෙන්ම මිතුරු වී
ආදරෙන් කල් ගෙවුව
මහම මහ දහවලක
හිටිගමන් අවදි වී
උදා වූ දිනයකට
මිතුදමින් සුබපැතුව
අපට අප කවියක්ද?
අරුත් සුන් ගීයක්ද?
තනුව නැති කවියක්ද?
වැරදිච්ච ගීයක්ද?
ආදරේ හැටි නෙව යාලු වෙනේක තරහ වෙනේක.
ReplyDeleteආදරේ කරන අයට නං අපිට අපි කවියක් වගෙ තමයි බූට් එක කෑවම
කවියක් විය ඔබ නං
කිය කිය හොටු පෙරනෙක නෙ කොරන්නෙ
කවිය ලස්සනයි ජයවේවා
අත්දැකීම් තියනවා වගේ මහේශ්. :) ආදරේ ටිකක් විතර බයානකයි නේද එහෙනම්? ස්තූතියි මහෙශ්
ReplyDeleteමිනිහට ගොඩක් අත්දැකීම් තියෙනවා සහෝදරී..බලාගෙන
Deleteහරි මහේශ්. පරිස්සම් වෙන්නම් :)
Deleteහරිම ලස්සනයි වසන්තයට පෙර
ReplyDeleteස්තූතියි අන්ධකාර තාරකාව
Deleteඔය මොකක් හරි ඒකක් තමා නේද???????
ReplyDeleteඔය මොකක් හරි ඒකක් තමා කුරුටු
Deleteබූට් එකක් කන්නම ඕන නේද මෙච්චර ලස්සන නිර්මාණයක් කරන්න.
ReplyDeleteලස්සනයි.)
එහෙමම ඕන නැහැ මහේශ්. බූට් නොකා මන් ලියන්නෙ.:) ස්තූතියි
Delete//මහම මහ දහවලක
ReplyDeleteහිටිගමන් අවදි වී
උදා වූ දිනයකට
මිතුදමින් සුබපැතුව//
මෙන්න මේ කවියගැන සෑහෙන්න හිතුවා.වෙන අදහසක් ඔළුවට ආවෙම නෑ.ආදරයක් බිඳුනට පස්සේ යාළුකමක් පවත්වාගනයනවා කියන්නෙම සෑහෙන්න කැපකිරීමක්.කවිය ලස්සනයි.
අක්ෂර වින්‍යාසයගැන ඩිංගිත්තක් සැලකිලිමත් වෙන්න.
ජය වේවා.....
එහෙම වෙන්න ඇති කටුසු,
Deleteහරි මන් අක්ෂර වින්‍යාසය ගැනත් හිතන්නම්කො. ස්තූතියි ඔයාට කටුසු
වැඩිය හිතන්න හොද නෑ.
ReplyDeleteඅරුත කොහොම උනත් සුන්දර පද පෙලක් කියලා හිත හදා ගන්න තියෙන්නේ.
ස්තූතියි දිනේශ්
Delete