Saturday, August 28, 2021

ආදරේ සමුගැන්ම

ආදරේ සමුගැන්ම




 නුබ ගියත් දුර ඈත

වෙලා මා තනිකමින්

සෙනෙහසින් මග බලා

හිටියනේ හුගක් කල්

 

හිත අස්සෙ ගුලි වෙච්ච

ආදරෙත් සමු අරන්

වෙන්වෙලා යමුද අපි


තවත් හිත් නොතලමින්

Tuesday, August 24, 2021

අමාවක කියන්නෙම දුක පිරුනු දවසකට

අමාවක කියන්නෙම දුක පිරුනු දවසකට






අමාවක කියන්නෙම දුක පිරුනු දවසකට

කදුලු බිදු හෙමි හෙමින් මුව සිබින් සවසකට

ප්‍රේමයේ චුම්බනය මට ඇවැසි මොහොතකම 

රාගයේ පහසින්ම ඈ නිවෙන රාත්‍රියට


අමාවක කියන්නෙම දුක පිරුනු දවසකට

නුබ ඇගෙද නුබ මගෙද නොදන්නා මොහොතකට

නිදි නැතිව ගෙවපු රෑ නිමාවන  දිනයකට

නුබ හොදින් දැයි මගෙන් නොවිමසන පැයවලට


අමාවක කියන්නෙම දුක පිරුනු දවසකට

මගෙ සුසුම් ඉද හිටක ඔහු සිබින දිනයකට

නුබෙ සිනා ඇගෙ මුවින් මට පේන මොහොතකට

සද අයිති අහසටම බව පේන රාත්‍රියට 


අමාවක කියන්නෙම මට රිදෙන දිනවලට

මගෙ කදුලුවල සැරෙන් නුබ දැවෙන පැයවලට

නුබේ තුරුලේම ඇය සැනසෙනා රෑවලට

හදවතම  සීරිලා ලේ ගල මොහොතකට

Friday, August 20, 2021

 

සුදු පාට මල් මතක මගේ ගත දවටගෙන

පිනි පාට කඳුලකින් මගේ නෙත තෙමාගෙන

හද දවන මේ දුකත් තනියෙන්ම දරාගෙන

හිදින්නම් පෙර මෙන් ම හෙටත් මග බලාගෙන




Wednesday, August 11, 2021



 ආදරය සුන්දරයි  ප්‍රේමයෙන් වෙලෙනකොට

සැහැල්ලුයි ආදරය නුඹේ ලග හිදිනවිට

මුලු ලොවම මගෙ සිතෙයි නුබෙ සෙනේ දැනෙන විට

හැම හීන ගිනි ගනී නුඹ ඇගෙයි කියන විට




Sunday, August 1, 2021

ON THIS DAY ........ years ago

 ON THIS DAY 
........ years ago 



නුබ නැතත් මා ගාව

කොනිත්තා හිනහෙන්න

මුහුනු පොත හැමදාම

මතක පොත පෙරලන්න


මතකයන් මත රැදුනු

සිනාවක් අර ගෙනම

කදුලකට සමුදෙන්න

මතක පොත පෙරලන්න


විඩාබර වූ දිනක සවසක

කවියකම එලිසමය ගලපන

ප්‍රේමයේ අකුරකුදු නොලියන

ඒ මහා කවියාට හිනහෙන්න


 නුබෙ නමට ලියූ කවි

ලියවුනේ කවදාද

හරියටම දැනගන්න

මතක පොත පෙරලන්න


ඉතින් ඒ හැමදේම 

අතීතය විතරමයි

කිය කියා හිත හදපු

මිතුරන්ට හිනහෙන්න 

මතක පොත පෙරලන්න