අමාවක කියන්නෙම දුක පිරුනු දවසකට
අමාවක කියන්නෙම දුක පිරුනු දවසකට
කදුලු බිදු හෙමි හෙමින් මුව සිබින් සවසකට
ප්‍රේමයේ චුම්බනය මට ඇවැසි මොහොතකම
රාගයේ පහසින්ම ඈ නිවෙන රාත්‍රියට
අමාවක කියන්නෙම දුක පිරුනු දවසකට
නුබ ඇගෙද නුබ මගෙද නොදන්නා මොහොතකට
නිදි නැතිව ගෙවපු රෑ නිමාවන දිනයකට
නුබ හොදින් දැයි මගෙන් නොවිමසන පැයවලට
අමාවක කියන්නෙම දුක පිරුනු දවසකට
මගෙ සුසුම් ඉද හිටක ඔහු සිබින දිනයකට
නුබෙ සිනා ඇගෙ මුවින් මට පේන මොහොතකට
සද අයිති අහසටම බව පේන රාත්‍රියට
අමාවක කියන්නෙම මට රිදෙන දිනවලට
මගෙ කදුලුවල සැරෙන් නුබ දැවෙන පැයවලට
නුබේ තුරුලේම ඇය සැනසෙනා රෑවලට
හදවතම සීරිලා ලේ ගල මොහොතකට
අමාවක කියන්නෙම හිත රිදෙන දින වලට
ReplyDeleteඒක පට්ට