Showing posts with label හිරු රශ්මියෙන් නැහැවුනු පන්ඩිත කතා. Show all posts
Showing posts with label හිරු රශ්මියෙන් නැහැවුනු පන්ඩිත කතා. Show all posts

Thursday, December 31, 2015

2015 ඉවර වෙලා


                                               2015 ඉවර වෙලා 





                                            2015 ඉවර වෙලා අලුත්ම අලුත් 2016 ලැබුවා. එත් අලුත් වුනේ 2015 අන්කය විතරයි. එකෙත් 5 ඉලක්කම විතරයි. මාස ටිකත් කලින් අවුරුද්දෙ වගේමයි. ඒ පිලිවෙලමයි. ජනවාරි, පෙබරවාරි, මාර්තු............... දෙසැම්බර්. ඊගාවට ආයෙත් ඒවි 2017. වෙනස තියෙන්නෙ අපි මේක බාර ගන්න විදියෙ. නව වර්ශයක් විදියට අපි මේක බාරගන්නවා. අවුරුද්දක් ගෙවිලා ගිහින් අලුත් අවුරුද්දක් එලබෙනවා. 

                                                හැම තැනම ඇවිදින හුරතල් වලාකුලු දගකාර සුලගත් එක්ක එකතු වෙලා අලුත් අවුරුදු ආසිරි හැමෝටම බෙද බෙද ඇවිදිනවා. එතකොට පුන්චි කුරුල්ලො අලුත්ම අලුත් තාලවලට ගැලපෙන්න හරිම මහන්සියෙන් මී මැස්සො හදපු සින්දු කිය කිය හැමෝගෙම හිත් සතුටින් පුරෝනවා. පුන්චි ගස් මහා රූස්ස ගස් කියලා වෙනසක් නැතිව හැම ගහක්ම වගේ අලුත්ම අලුත් නැවුම් හුලන් රැලි අපේ දිහාට විසිකරන්නෙ අපේ හිතේ අදුරුම අදුරු තැන වුනත් හැන්ගිලා තියන හැම දුකක්ම වේදනාවක්ම අපෙන් අයින් වෙලා ඈතට යයි කියන අහින්සක බලාපොරොත්තුවත් එක්ක. අපේම හොදට අපි දිහාට විසිකරන හුලගෙන් බේරෙන්න අපි එහාට පයිනකොට, රෑ නිදිමරාගෙන මී මැස්සො හදපු බොහොම ලොකු වෙහෙසක් දරලා කුරුල්ලො පුරුදු වුන සින්දු අපි අහන්නෙ නැත්ව දුවලා යනකොට එයාලට ගොඩාක් දුක හිතෙනවා ඇති. එත් එයාලා පොඩි අතපසුවීමක්වත් නොකර හරි අපූරුවට එයාලගෙ රාජකාරි කරන්නෙ අපිටත් ලොකුම ලොකු පාඩමක් කියලා දෙන ගමන්මයි.

                                            හැම මල් ගහක්ම මෙච්චර කාලෙකට නොපිපිච්ච ලස්සනම මල පුප්පවන හැටි ගැන හීන දකිනවා. එතකොට පලතුරු ගස් මෙච්චර කල් දුන්නු රසම රස පලතුරටත් වඩා රස පලතුරක් හදන හැටි ගැන හීන මවනවා. එතකොට ලස්සනම ලස්සන සමනල්ලු එයාල දලබුවො කාලේ ගස්වල කොල කාලා ගස් කැත කරපු එක ආයෙ කවදාවත් නොකරන්න එයාලටම පොරොන්දු වෙන ගමන්ම එයාල අතින් වුනු වැරදි හදාගන්න කියලා පරාගනය කරන්න උදවු දෙන්නත් හිතා ගන්වා. අලුත් හීනත් එක්ක, අලුත්ම අලුත් බලාපොරොත්තු එක්ක මේ වසරේ ජීවත් වෙන්න ජීවිතේ දිනන්න හැමෝම වගේ හීන දකිනවා. ගිය අවුරුද්දෙ සිද්ද වෙච්ච වැරදි අඩුපාඩු හදාගෙන අලුත් අවුරුද්දෙ ජීවත් වෙන්න, ජීවිතේට මුහුන දෙන්නයි හැමෝගෙම වගේ බලාපොරොත්තුව වෙන්නේ. ඒත් ඒත් කීයෙන් කී දෙනාටද වැරදි අඩුපාඩු හදාගෙන අලුත් අවුරුද්දෙ අලුතින් ජීවිතේ පටන් ගන්න පුලුවන් වෙන්නේ. සමහර අය අලුත් අවුරුද්දක් එනකන්ම මග බලන් ඉන්නවා අලුතින් පටන් ගන්න. එත් ගොඩක් වෙලාවට සතියකින් දෙකකින් හැම දෙයක්ම අමතක කරලා දානවා. එත් ඇත්තටම වෙන්න ඕන මේකද? අලුත් අවස්ථාවක්. අලුතින් පටන් ගන්න. ඉතින් මේ අවුරුද්දෙවත් අපි අලුතින් පටන් ගන්න දේ මොකක් වුනත් ඒක දිකටම කරගෙන යන්න උත්සහයක් දැරුවොත් අපිට බැරිවෙන එකක් නෑ. කඩා වැටුනු ජීවිතයක්, සිද්ද වෙච්ච අතපසුවීමක් හදා ගන්න සමහර වෙලාවට අපිට ඕන වෙන්නෙ පුන්චිම පුන්චි අවස්ථාවක් විතරයි. මේ නව වසරෙ අන්න ඒ අවස්ථාව අපේ ජීවිතවලට ලබලා දෙන්න අපිට පුලුවන් වුනොත් මෙච්චරකල් ලබපු ලස්සනම නව වසර 2016 නව වසර වේවි.


ඔයාලා හැමෝටම සුබම සුබ නව වසරක් වේවා!

Monday, December 7, 2015

හීන..........

                                                              හීන..........



                                                                             



                                                              හීන.......... හීන එක එක පාටයි. සුදු, රතු,රෝස ඒ වගේම දම්, නිල් විතරක්ම නෙමේ අපි කැමති ඕනම පාටකින් ඕන විදියට පාට කර ගන්න පුලුවන්. ඒ හීනෙ හැඩෙත් අපිටම තිරනේ කරන්න පුලුවන්. අපි කැමති හීන අපි කැමති විදියට හදාන අපි කැමති පාට ගාගෙන අපේම හීන දැක්කොත් ඒ හීන අපේම වේවි. නැත්තම් අපිට වෙන්නෙ තව කෙනෙක්ගෙ හීන අපේ කරගෙන ජීවත් වෙන්න.

                                                                මාත් දකිනවා හීනයක්. මගේම හීනයක්. ඒ හීනෙ හීනයක් විතරක්ම වෙලා යවිද සැබෑ වෙයිද කියන්න මන් දන්නෙ නෑ. ඒත් ඒකයි මගෙ හීනේ. මමත් ලස්සන දිග පැන්සලක් එක්ක පාට පෙට්ටියකුත් අරන් බිම වාඩි වුනේ ඒ හීනෙ අදින්න. ඒ හීනෙ අදින ගමන්ම ඒක පාට කරන්නත් ඕන කියලා හිතුනා මට. චිත්‍රයක් අදිනවා වගේ නෙමේ හීනයක් අදින එක. අපිට ඒ හීනෙ අදින ගමන් පාට කරන් යන්න පුලුවන්. චිත්‍රයක් වුනත් ඇදල ඉවර වෙල පාට කරන්න ඕන කියලත් නීතියක් නම් නෑ තමා.

                                                              "වසන්තය"  පාට පාට මල් පිපිලා, සීතලම සීතල හුලන් ඇගේ වදින, කුරුල්ලො සින්දු කියන වසන්තය. රූස්ස ගහක් පාමුල ගල් බන්කුවක ඉදගෙන එනකන් බලන් ඉන්න වසන්තය. ඒකයි මගේ හීනය. "වසන්තය" . හිම පියලි කොච්චර ආදරෙන් සිප ගත්තත් වසන්තයේ තියන උණුහුම මුසු වෙච්ච සිසිල දෙන්න බෑ ඒ හිම පියලි වලට. ගිම්හානයටත් බෑ වසන්තය වගේ වෙන්න. හිරු රැස්වල උණුහුමට මුලු සිරුරම පිච්චෙනවා. සරත් කාලෙටත් බෑ වසන්තය නැති අඩුව පුරවන්න. වසන්තයෙ හුලගත් එක්ක මුහුවෙලා එන ඒ මල් සුවද දෙන්න. ඉතින් මන් වසන්තය එනකන් මග බලන ඉන්නවා. හිතේ කොනක හැන්ගිච්ච පුන්චිම පුන්චි බලාපොරොත්තුවක් එක්ක.