Monday, December 7, 2015

හීන..........

                                                              හීන..........



                                                                             



                                                              හීන.......... හීන එක එක පාටයි. සුදු, රතු,රෝස ඒ වගේම දම්, නිල් විතරක්ම නෙමේ අපි කැමති ඕනම පාටකින් ඕන විදියට පාට කර ගන්න පුලුවන්. ඒ හීනෙ හැඩෙත් අපිටම තිරනේ කරන්න පුලුවන්. අපි කැමති හීන අපි කැමති විදියට හදාන අපි කැමති පාට ගාගෙන අපේම හීන දැක්කොත් ඒ හීන අපේම වේවි. නැත්තම් අපිට වෙන්නෙ තව කෙනෙක්ගෙ හීන අපේ කරගෙන ජීවත් වෙන්න.

                                                                මාත් දකිනවා හීනයක්. මගේම හීනයක්. ඒ හීනෙ හීනයක් විතරක්ම වෙලා යවිද සැබෑ වෙයිද කියන්න මන් දන්නෙ නෑ. ඒත් ඒකයි මගෙ හීනේ. මමත් ලස්සන දිග පැන්සලක් එක්ක පාට පෙට්ටියකුත් අරන් බිම වාඩි වුනේ ඒ හීනෙ අදින්න. ඒ හීනෙ අදින ගමන්ම ඒක පාට කරන්නත් ඕන කියලා හිතුනා මට. චිත්‍රයක් අදිනවා වගේ නෙමේ හීනයක් අදින එක. අපිට ඒ හීනෙ අදින ගමන් පාට කරන් යන්න පුලුවන්. චිත්‍රයක් වුනත් ඇදල ඉවර වෙල පාට කරන්න ඕන කියලත් නීතියක් නම් නෑ තමා.

                                                              "වසන්තය"  පාට පාට මල් පිපිලා, සීතලම සීතල හුලන් ඇගේ වදින, කුරුල්ලො සින්දු කියන වසන්තය. රූස්ස ගහක් පාමුල ගල් බන්කුවක ඉදගෙන එනකන් බලන් ඉන්න වසන්තය. ඒකයි මගේ හීනය. "වසන්තය" . හිම පියලි කොච්චර ආදරෙන් සිප ගත්තත් වසන්තයේ තියන උණුහුම මුසු වෙච්ච සිසිල දෙන්න බෑ ඒ හිම පියලි වලට. ගිම්හානයටත් බෑ වසන්තය වගේ වෙන්න. හිරු රැස්වල උණුහුමට මුලු සිරුරම පිච්චෙනවා. සරත් කාලෙටත් බෑ වසන්තය නැති අඩුව පුරවන්න. වසන්තයෙ හුලගත් එක්ක මුහුවෙලා එන ඒ මල් සුවද දෙන්න. ඉතින් මන් වසන්තය එනකන් මග බලන ඉන්නවා. හිතේ කොනක හැන්ගිච්ච පුන්චිම පුන්චි බලාපොරොත්තුවක් එක්ක.

7 comments:

  1. ඔබේ බ්ලොගයේ තෙවැනි පෝස්ටුව වෙද්දිම හොයාගෙන ඒන්න ලැබීම ගැන සතුටු වෙනවා.... බ්ලොග් ලිවීමට සාදරයෙන් පිළිගන්නවා.. දිගට ම ලියමු.... හැකි හැම වෙලාවෙම ලියන්න... අනික් බ්ලොග් කරුවන්ගේ බ්ලොග් වලට යන්න බලන්න.... දැනුම, දුක සතුට බෙදාගන්න බලන්න...

    අපේ බ්ලොග් සින්ඩියට අපි ඔබේ බ්ලොගයත් දාගත්තා.... ඒ වගේ ම අනික් සින්ඩි වලටත් යන්න... ඒවායේ ලියාපදිංචි වෙන්න.... හොද සාර්ථක ගමනක් යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.....

    අපේ සින්ඩිය..
    http://kurutugegeepawra1.blogspot.com/

    පාර හොයාගත්තේ විශ්ගෙන්...

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි කුරුලු ගෑ ගී පවුර

      Delete
  2. oyage e lassana heene mtath denenawa....

    ReplyDelete