ගිනි තියපු හැටි
පාසල් කාලය කියන්නෙ ගොඩක් ලස්සන මතකයන් හැන්ගිච්ච තැනක්. ජීවිතේ හොදම කාලය පාසල් කාලය කියලා කියන්නෙ කිසිම බරක්පතලක් නැතිව ගෙවපු කාලෙ හන්ද විතරක් වෙන්න බෑ. ඒ පාසල් කාලෙ අස්සෙ හැගිච්ච සුන්දර මතකයක් ගොඩාක් තියන හන්ද වෙන්න ඇති.මේකත් අන්න ඒ වගේ මතකයක්.
මේක වෙද්දි අපි හිටියෙ 11 වසරෙ. ටිකක් ලොකු අක්කලා. කනිෂ්ට අන්ශයෙ හිටපු ලොකුම කට්ටියනෙ ඉතින්. ඔන්න ඉතින් දවසක් දා අර කන කැස්බෑව විය සිදුරෙන් අහස බලපු වෙලාවකද කොහෙද දෙයියනේ කියලා අපිට හිස් පීරියඩ් එකක් හම්බුනා. ඉතින් ලද අවස්තාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න අපේ උදවිය එක එක වැඩ. කට්ටියක් සින්දු මුමුනනවා, කට්ටියක් නිදි, තව කට්ටියක් සෙල්ලම් කරනවා. තව කට්ටියක් කතා කරනවා. මේ වගේ. අපේ පන්තියෙ පෝලිමක ඩෙස් හතරයි තිබ්බෙ. අපි හිටපු පෝලිමේ ඉතින් හැම ගොන් වැඩකටම සහය දෙන මගේ හොදම යාලුවො තුන් දෙනයි මායි හිටියෙ. එදා කෙරෝලෙ හිටිය යාලුවා බටකොල ආච්චි එතකොට එයාට එහා පැත්තෙ හිටියෙ අස්ස කුලප්පු, එතකොට එයාට එහා පැත්තෙ හිටියෙ අහින්සක මමලු. (*-*) (ඊර්ෂාව නිසා ගසන මඩ බාර නොගන්නා බව සලකන්න} මට එහා පැත්තෙ හිටියේ කතා පෙට්ටිය.
ඔන්න ඉතින් බටකොල ආච්චි පිටිපස්සෙ පෝලිමේ යාලුවො එක්ක බර කතාවක්. අපි තුන්දෙනා බලන් හිටියා හිටියා ඉවර වෙන පාටක්වත් නෑ. අපිත් ඉතින් අපි කාටවත් බාදා කරන අය නෙමේනෙ. අපි අපේ වැඩක් කරන්න ගත්තා. අපේ පන්තියෙ පහන තිබ්බෙ කතා පෙට්ටිය. ඒ හන්ද එයා ගාව හැමදාම වගේ ගිනි පෙට්ටියක් තිබ්බා. මොකක් හරි උවමනාවකට කතා පෙට්ටියගෙ පැන්සල් පර්ස් එක ගත්ත අස්ස කුලප්පුව මේ ගිනිපෙට්ටිය අරන් එයාගෙ අහින්සක කටහඩ දාල අහනවා කතා පෙට්ටියෙන් පොඩ්ඩකට ගිනි පෙට්ටිය ගන්නද කියලා. අනේ ඉතින් කතා පෙට්ටියෙ අවසරෙන් ගිනි පෙට්ටිය ගත්ත අස්ස කුලප්පුගෙ ඇස් යන්නෙ බටකොල ආච්චිගෙ ඩෙස් එකේ බක්කිය ඇතුලෙ තිබ්බ කොල ගොඩකට. අයෙත් ඔන්න අස්ස කුලප්පු අපේ දිහා හැරිලා බලපුවාහම අහන්නත් කලින් හා කියන්නෙ යලුවෙක්ගෙ ඕන දේකදි උදවු කරන එක හොද පුරුද්දක් කියලා අහල තිබ්බ හන්දා.
ඔන්න අස්ස කුලප්පු අර ඩෙස් එක අස්සෙ තිබ්බ කොලවලට ගිනි තිබ්බට පස්සෙ හිටපු නැති විඩියට ගින්න ටිකක් සැරේට අවිලෙනවා. මෙච්චර වෙලා අනිත් පැත්ත හැරිලා කතාවක හිටපු බටකොල ආච්චිත් හැරිලා බලන්නෙ ගින්නක් ගින්නක් කියලා කෑ ගැහුවම. ඔන්න ඉතින් ඊට පස්සෙ හතර දෙනා එක්කම බෙරිහන් දෙනවා. අපේ පන්තියෙ ඉන්න අනෙක් මිත්තරයන්ට මේකට හිනා. ගින්න නිමන්න ඕන කියලා තීරනේ කරන පන්ති සගයො ටික වතුර බෝතල්වල තිබ්බ වතුර ටික ගහනවා අපේ ඇගට. අපේ ඇගට ගහපු වතුර වලින් ටිකක් වැරදිලා වගේ වැදිලා ගින්නත් නිමෙනවා. හැබැයි අපි හතරෙ දෙනා තෙමිච්ච පාත්තයො වගේ වතුර වේලෙනකන් ජීවත් වෙනවා. ඔන්න ඕකයි කතාව.
වපෙ මේක නං හරිම සෝචනීය අත්දැකීමක් ඔව් ඉදගෙන
ReplyDeleteඑකත්තෙකටම ලෝඩීස් කොලේජ් කටුවක් වෙන්න ඕන.. හිහි..
යකෝ පොල්ලෙං ගහන්නැහෙ ඉවර නොකර තව ටිකක් පොලිස් කොල්ල කාරිය එහෙම ලියන්න බලාං.. මේ විදිය නරකත් නෑ ඒත් ආරළු බූරළු එක්ක ලීවම ගතියක් තියෙයි
ජයවේවා
අපේ ඉස්කෝලෙ ලෙඩීස් ස්කූල් එකක් නෙමේ. ඒක මිශ්‍ර ඉස්කෝලයක්. හරි මහේශ් තව ටිකක් උත්සහ කරල බලන්නම්. ස්තූතියි
Deleteඅපේ ඉස්කෝලෙ ලෙඩීස් ස්කූල් එකක් නෙමේ. ඒක මිශ්‍ර ඉස්කෝලයක්. හරි මහේශ් තව ටිකක් උත්සහ කරල බලන්නම්. ස්තූතියි
Deleteකාලෙකින් පෝස්ට් එකක් දාලා. හරිම ලස්සනයි. මට මතක් වුනේම අපි යාලුවො සෙට් එකක් ඉස්කෝලෙ ඔසු උයනට ගිනි තිබ්බ දවස. ඔය විදිහම තමයි එදත්. හැබැයි ඒ ගින්න නම් අක්කරයක් විතර පැතිරුනා. :)
ReplyDeleteඔයාගෙ කතාවත් ලියන්න අන්දකාර තාරකාව ස්තූතියි
Deleteහාපෝ!!! ලේඩීස් ස්කෝල වල ඉන්නෙත් ගිනි බෝම්බ නේ?
ReplyDeleteඅපේ ඉස්කෝලෙ ලේඩීස් එකක් නෙමේ රූපෙ
Deleteබලාගෙන යද්දී අපි හොදයිනේ.
ReplyDeleteපොඩි පොඩි දග වැඩ කරාට අපිත් ඉතින් හොදයි දිනේශ්
DeleteHari shok
ReplyDeletethnks
Deleteපාසල් කාලේ කරපුවා මාර සුන්දරයි.... අාය ඉතින් යන්නයෑ.......
ReplyDeleteඔව්. ඒ කාලේ මතක් වෙද්දි අයේමත් යන්න හිතෙනවා
Deleteමම නම් ඉතින් ඔය කතාව දන්නවො.....................
ReplyDeleteඔයා නොදැන ඉන්න විදියක් නෑනේ :p
Deleteමාත් ඔය කතාවෙ කොටසක් නේද...???
ReplyDeleteඑහෙම වෙන්නම ඕන නේද.......................................
Deleteකෙල්ලොත් ඉදලා ඉදලා මාර වැඩ තමයි කරන්නේ..
ReplyDeleteහිතුවට වඩා දඟයිනෙ
ReplyDelete