Tuesday, December 8, 2015

මග බලමි

මග බලමි

කතා කවුලුව අසල ඉඳගෙන 
මග බලමි මම අදත් පෙර ලෙස
වඩින තුරු කැටි කරන් සෙනෙහස
ගොතන්නට ස්නේහයේ  ගෙත්තම

පෙර දාක මා එක්ක ඔබ මැ වූ ඒ සිහින
මා නැතුව ඇය එක්ක ඔබ මවයි පෙර ලෙසම
හැමදාම ඔබෙ වෙන්න පතපු පැතුමන් එක්ක
මා ඉදියි පෙර මෙන්ම ඔබ වෙතම රැදී ගෙන

පෙර දාක රැකගත්තු අපි අපේ වූ මතක
සීතලම සුලන් රැලි ගෙන යාවි දුර ඈත 
සුදු පාට හිම පියලි ඔබේ ගත සිප ගන්න
මගේ තැන අරගත්ත නුඹටවත් නොදැනීම




17 comments:

  1. ලස්සනයි...........

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කුරුටු ගෑ ගී පවුර

      Delete
    2. ඔබ බලයි මා දෙසම කතා කව්ලුවෙන් එපිටත් මෙපිටත්....
      පෙර ලෙසම ඔබෙ මතක තිබුනත් ඒවයෙ නෙත පෙර මෙන් සුවඳක්...
      රූබර සිඳඟනක් අව්දින් මගෙ සිතට නැත නුඹ ගැන කිසිත් සැමරුම්...
      චපල වූ මගෙ සිතට කමාවනු මැන පෙර මතක නාමෙන්....

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. ආදරෙන් එක්වෙලා ආවනේ බෝ දුරක්
      හැමදාම ලන්වෙලා ඉන්නනේ පැතුවෙ මන්
      හදවතින් මගෙවෙලා හිටියනේ සෙනෙහසින්
      හැරදමා වෙන්වෙලා යන්නෙපා ඇගෙ ලෙසින්

      Delete
  2. සීතලම සුලන් රැලි රැගෙන යන දුර ඈත
    ඔබෙ මතක මට සමරුවකි හැමදාම
    ආතුර වු ඔබෙ සිතට වස්සානය නොවුනාට
    මට හැකිය දුර සිටන් ඔබ දිහා බලන්නට.........

    ReplyDelete
    Replies
    1. පෙර දාක ආදරේ ගෙන ආව සුලන් රැලි
      ගෙන ඒවි ඒ ලෙසම විරහවේ උණු කදුල
      එකින් එක එකතු කල මතක සැමරුම් එක්ක
      මන් ඉදී ආදරෙන් මග බලාගෙන

      Delete
  3. කවියක් කඩා
    වචන සෑදිය හැකි මුත්
    වචන ඈදා
    කවි සදන්නට බැරි බව
    මට කියන්නට අවසර

    ReplyDelete
    Replies
    1. පෙර දාක ආදරේ ගෙන ආව සුලන් රැලි
      හෙමි හෙමින් ගෙන එන්නෙ විරහවේ උණු කදුල
      ඔබ එක්ක ජීවිතේ මා දැක්ක ඒ හීන
      එකින් එක බොද වෙන්නෙ ඒ ගලන කදුලකට

      Delete