ඉහිරුනු මතක
අවුරුද්දක් දෙකක් නෙමේ. අවුරුදු 13ක්.අම්මගෙ අතේ එල්ලිලා ඉස්සරලාම ඉස්කෝලෙ ගිය දවස දැනට අවුරුදු 15කට විතර කලින් වුනත් ඒ මතකෙ එහෙම්මම හැන්ගිලා තියනවා. පුන්චිකාලෙ ඉස්කෝලෙ ගිහින් කරපු දග වැඩ, එතකොට ලොකු පන්ති වලදි කරපු දග වැඩ හදවතේ ගැබුරුම තැනක හැන්ගිලා මතකයන් අතර සැරි සරනවා. අවුරුදු 13ක් හුරුවෙලා හිටපු සුදු ගවුමට සමුදීලා දැන් අවුරුදු 1 1/2ක් වෙන්නත් ලගයි. උසස්පෙල ප්‍රවේශපත්‍ර ගන්න දවසෙදි දැනුන දුක, එකට හිටපු යාලුවො ආයෙ හම්බවෙන්නෙ නෑ කියලා දැනෙද්දි ඇතිවුන දුකත් එක්ක හැමදාම යලුවො විදියට ඉන්නවා කියල දුන්නු පොරොන්දු දැන් නිකන්ම නිකන් බොලද වචන වෙලා. හැමෝටම වගේ අමතක වෙලා. පාරකදි, බස් එකේදි දැක්කත් කවමදාකවත් දැනගෙන හිටියෙ නෑ වගේ හැසිරෙන්න කරන උත්සාහය ගොඩක් අයට පොදු වෙලා.
එක පන්තියෙ එකට හිටපු සමහර යලුවො රස්සා කරනවා. සමහර අය උසස් පෙල දෙවෙනි පාර කරන්න පන්ති යනවා. තවත් අය ගෙදරට වෙලා ඉන්න්වා.තවත් අය කැම්පස් යන්න බලන් ඉන්නවා. කවදවත් නොහිතපු විදියට එකම පන්තියෙ එකම කෑම එක බෙදාගෙන එකට අකුරු අහුලපු අයගෙ ජීවිත නොහිතපු විදියට විසිරිලා ගිහින්..........................
මේ විසිරුන ජීවිත අයෙමත් එක පන්තියක එකට වාඩිකෙරෙවුවට කවමදාකවත් කලින් තිබුන සහෝදරත්වය එවි කියල හිතන්න අමරුයි. ඒ ජීවිත විසිරිලා. අයෙත් එක්කහු කරන්න බැරි තරම් තැන් තැන්වලට. නමුත් සුන්දර, අසුන්දර මතකයන් විතරක් ඉතිරි කරලා.... අපිට පුලුවන් ඒ මතකයන් දිගේ ඇවිදින්න විතරයි............විතරමයි....................
woow niyamai
ReplyDeletethnks dr
ReplyDeleteekama pantiye eka laga idagena gathakarapu e davas kohoma amathaka karannda, e mathaka hamadama ape hith thula pavathivi. eth me de venas novevi, Best Friends for ever....
ReplyDeleteyap my BFF <3
DeleteAththama thamai
ReplyDeleteou nda?
Delete