විලෝ පෙල තවම මග බලගෙන
සීරුවට මගෙ ගතේ දැවටෙනා මුදු සුලඟ
ගෙන ඇවිත් හුරු පුරුදු අරලියා මල් සුවඳ
විලෝ පෙල තවම මග බලගෙන බව
පවසාවි අතීතය ගෙන අවිත් මතකයට
ඇහැල ගස් යට පොරකමින් මල් රේනු අහුලන්න
වැඩ නොකෙරු පොත් අමතක වු බව කියන්න
ගුරුවරුන් නොමැති විට පිට්ටනියට දුව යන්න
අපි ආයෙ නොයෙන බව විලෝ ගස් පෙලට දන්වන්න
පන්ති කාමරයට වඩා අපට හුරු සෙල්ලම් පිටිය
අපව පිලිගන්න පාවඩ එලූ අරලියා තුරු වදුල
පාසලේ ඇවිදිමින් අපි කෙරූ කෙලි කවට
මතක පමනක්ම බව විලෝ ගස් පෙලට දන්වන්න
හරිම ලස්සනයි...... අායෙමත් අතීතයට ගියා..... සුන්දර නිර්මාණයක්..... ජයවේවා
ReplyDeleteස්තූතියි කුරුටු ගෑ ගී පවුර
Deletenice one sineka.... keep it up
ReplyDeletethnks vish
Delete"පාසලේ ඇවිදිමින් අපි කෙරූ කෙලි කවට
ReplyDeleteමතක පමනක්ම බව විලෝ ගස් පෙලට දන්වන්න"
මේ ටි්ක සුපිරි!
මෙතන මොකක්හරි හොර වැඩක් වෙනවා! බ්ලෝග් දෙකක් ගෑණු ළමයි ලියනවා...දෙකේම එක වාගේ පෝස්ට් එකම දවසේ යනවා!
ස්තූතියි. අනේ කිසිම හොර වැඩක් නෑ
Deleteමතක පමනක්ම උවද
ReplyDeleteඅමතක නොවෙ කිසිදින........
ඔවු අමරනීය මතක.
Delete