ගිම්හාන සුලන්
හමායයි ගිම්හාන සුලන් රැලි හෙමි හෙමින්
ලග ලගම එන ගිම්හානය ගැන මුමුන්මින්
වසන්තය නිමා වන බව ඉක්මනින්
පවසවි කනට කර සෙනෙහසින්
පෙරදාක පැතු හීන එකින් එක බොද වෙමින්
අපි අතර තිබු සෙනේ හෙමි හෙමින් දිය වෙමින්
අපි අපේ වූ ලෝකෙ ටිකෙන් ටික අඩු වෙමින්
ගලා යයි ජීවිතේ හනි හනික ඒ මැදින්
ශ්වේත සද හිනැහෙනා රෑ යාමෙ තරු මැදින්
සයිබර් මාවතේ එක්වෙලා ඇවිදිමින්
බෙදාගත් සිනා ආදරෙන් ලන් වෙමින්
වේද සොදුරුතම මතකයන් පමනක්
හරිම ලස්සනයි සිනේකා...
ReplyDeleteස්තූතියි අන්දකාර තාරකාව
ReplyDeleteසඳේ රැස් නිවෙන්නයි..
ReplyDeleteමලේ රොන් හිඳෙන්නයි..
බිඟුන් නද මැකෙන්නයි..
තවත් ඉතිරි මොහොතයි..
සඳේ පහන් බව
මලේ සුපුන් බව
බිඟු මිහිරි නද
මැකෙන්න තව මොහොතයි...
නුඹේ සිනාවක් නුඹේ කතාවක්
නැති අද සොබාසොඳුරිත්
යලි නොයෙන්න ගිහින් නුඹ වගේ...
woow dr
ReplyDeleteලස්සන කවියක්......... ලස්සන අවසන් කිරීමක්.....
ReplyDeleteස්තූතියි කුරුටු ගෑ ගී පවුර
Deleteසැබවින්ම ලස්සනයි සහ යටි පෙළ අරුත් දනවනසුලුයි
ReplyDeleteදිගටම ලියන්න
ජයවේ සිනේ!
ස්තූතියි වර්ණකුලසූරිය
Deleteනිම ව යන තෙක් ගිම් සමේ
ReplyDeleteඅපි ළං ව විඳගමු ආදරේ...
හෙමි හෙමි ඔබ යයිද වෙන් වෙලා ජීවිතෙන්
Deleteමතක පමනක්ම වෙද ඔබ පිදූ ආදරෙත්
ලස්සනයී........ සිනෙ......
ReplyDeleteස්තූතියි තශ්
Deleteබොහොම ලස්සනයි
ReplyDeleteස්තූතියි අජිත්. ආයෙත් ඇවිත් යන්න ප්ලුවන් වෙලාවට
Deleteලස්සනයි අපූරු කතාවක් හිත කොනිත්තන කවියක්
ReplyDeleteජයවේවා
ස්තූතියි මහේශ්. පුලුවන් වෙලාවට ආයෙත් ඇවිත් යන්න
Delete