ලස්සන හීන සහ නපුරු හීන
මේ කියන්නෙත් හීන කුමාරිගෙ කෑම හදද්දි පිටවෙන දුම් අස්සෙ හැන්ගිලා පිටවෙන හීන ගැන කතාවක් ම තමයි. හීන ඉපදෙන්න හීන කුමාරිගෙ පෝරනුවෙ කෑම ජාති හදද්දි එන සුවදින් කියලා හොයා ගත්තට පස්සෙ මට දැනගන්න ඕන වුනේ ලස්සනම ලස්සන හීන, නපුරු හීන ගැන. නිතරම නොවුනත් ඉදහිට හරි හොරෙන් හොරෙන් ඇවිත් බය කරන නපුරු හීන ගැන දැන ගන්නයි ගොඩක්ම ඕන වුනේ. මේ වගේ ලස්සන තැනක හරිම අහින්සක හීන කුමාරි ඉන්න තැනින් කොහොමටවත්ම නපුරු හීන ඉපදින්න විදියක් නෑ කියලාමයි මට හිතුනෙ. ඊටත් වඩා මේ ලස්සන පාට පාට, සුවදට තියන කෑම වලින් නම් කොහොමටවත්ම නපුරු හීන පිටවෙන්න විහිදියක් නැහැ .මගේ හිතේ කොච්චර ප්‍රශ්න තිබ්බත් හීන කුමාරිගෙන් දැනගන්න ඉස්කොලෙන් කියලා දීලා තිබ්බ විදියට විනීතව කට පියාගෙන හිටියෙ හීන කුමාරිම කතාව පටන් ගන්නකන්. බලන් හිටියා බලන් හිටියා ඒත් හීන කුමාරි එයාගෙ පාඩුවෙ කෑම හදනවා... හරියට මම කියලා කෙනෙක් එතන නෑ වගේ. අන්තිමට එයාගෙ කෑම හැදිල්ල ඉවර වුනේ මට බලන් ඉන්න මගෙ ඉවසීම නැතිව යන්න පොඩ්ඩකට කලින්. *-*
"මන් ඔයාව මීට කලින් දැකලා නැහැ. "
හීන කුමාරි හිනාවෙල කියුවා
"මම මේ ආවෙ හොද ලස්සන හීන එතකොට නපුරු හීන ඉපදින විදිය හොයාගෙන" කියලා මන් හීන කුමාරිට කියුවෙ ටිකක් විතර ආඩම්බරේකින්.
"හොද අහින්සක හීන වගේම නපුරු දුශ්ට හීනත් ඉපදෙන්නෙ මෙන්න මෙතනින් මගේ කෑම ජාති හදද්දි එන සුවදින්. දන්නවද මෙතන කෑම හදද්දි බොහොම පරිස්සමටයි වැඩ කරන්න ඕන. මන් හදන කෑම හරියට හැදුනොත් ඒකෙ සුවදත් එක්ක පිටවෙන්නෙ ලස්සනම ලස්සන හීන. හැමොටම සතුට ගේන හීන. ඒත් එත් ............. බැරිවෙලා හරි මන් අතින් මේ කෑම රොස් වුනොත් ඒ එක්ක නපුරුම නපුරු හීන පිට වෙනවා. හැමෝටම දුක, බය ගෙනත් දෙන හීන. ඉතින් මේක ටිකක් ලොකු වගකීමක්"
හීන කුමාරි එහෙම කියුවෙ ටිකක් විතර බැරෑරුම් පෙනුමක් මවාගෙන
ඒක ටිකක් නෙමේ ගොඩාක් ලොකු වගකීමක් කියලයි මට හිතුනේ. හැම ලස්සන හීනයක් පිටිපස්සෙම හීන කුමාරි කරපු ලොකු කැප කිරීමක් හැන්ගිලා තියනවා. ඒ විතරක් නෙමේ හීන කුමාරිගෙ සතුටත් එකෙ තියනවා. ඒත් අපි දකින හැම නරක හීනෙකම හීන කුමාරිගෙ කදුලකුත් තියෙනවා. නපුරු හීනයක් පිටවෙච්ච එක ගැන දුකින් එයාගෙම ඇස් වලින් පිටවුනු.
ඒත් මේ ලෝකෙ තියන වාසනාවන්තම දේ තමයි හීන කුමාරි කරන්නෙ. ලස්සනම ලස්සන හීන හදන එක කොච්චර අපූරුද?

