Friday, April 29, 2016

ඉතින් අද මම තනිවෙලා ඇත

ඉතින් අද මම තනිවෙලා ඇත

ගෙවී ගිය එක් දිනක
කලු පාට වූ අහස 
හඩනා වෙලාවක
බස් රියේ එක් කොනක
නුබේ පපුවට වාරු වී මම
හිටියලූ ප්‍රීතියෙන්

බලා වට පිට ඇසිල්ලෙන්
පහත් වී මගේ මුව මත
තැබුවලූ  තොල් මතින් නුබ
අපේ කුලුදුල්ම හාදුව

මතකයිද ඒ වැහි දවස
හිරිපොදත් මා තෙමනා වෙලාවක
තබා ඔය අත මගේ උර මත
රැකගත්ත හැටි හිරිකඩින් වුව

ඉතින් අද මා තනි වෙලා ඇත
මහා ගණදුර වෙලාගෙන ඇත
මතක පමනක් ඉතිරි කරගෙන
ජීවිතෙන් ඔබ උදුරස් වී ඇත

නුබේ හාදුවෙන් දැනුනු උණුහුම
නුබේ සෙනෙහසින් දැනුනු ජීවය
කඳුල පමනක් ඉතුරු කරගෙන
ඉතින් න් අද  තනිවෙලා ඇත


10 comments:

  1. සුළඟක් සේම
    දැනී හැඟී
    නිම්තෙර
    ඉතින් අප
    සමුගනිමු.

    ReplyDelete
  2. ඒවා එහෙම තමා..... හැබැයි ඒ තුළත් සුන්දරත්වයක් තියෙනවා...

    ReplyDelete
    Replies
    1. ඔවු සුන්දරත්වයක් ඇති :)

      Delete
  3. දැන් නැති උනාට මේ මතකය හරිම උණුසුම් , උණුසුම් මතක එකතු කරගත්තම සිතල මේ ලෝකේ උණුසුමින් ජිවත් වෙන්න පුලුවන්...උණුසුම්, සිතල මතක එකතු කරගෙන පරිස්සන් කරලා තිය ගන්න, ඕනේ තැනදී තමන්ටම පුළුවන් උණුසුමේදී සිතල මතක එක්කත්, සිතලදී උණුසුම් මතක එක්කත් යා වෙලා තනිකමට සමු දෙන්න...

    ReplyDelete
    Replies
    1. ඒකත් හොදම හොද අදහසක් :) :)

      Delete
  4. බලන් හැර දැස
    බොහෝ නෙත් හමුවේවි
    සෙමින් කව් ගී ඇසේවි
    වසන්තය ලංවේවි...

    ReplyDelete
  5. කඳුල, මතකය....මුන් දෙන්නව කවදාවත් වෙන්කරන්න බැරුව ඇති.මේ දෙන්නා එකතුවුනහම පුදුම විදිහට සෙල්ලම් කරනවා අපිත් එක්ක.
    කවිය ලස්සනයි ගොඩක්.ජයවේවා....

    ReplyDelete