කුමක් කරමුද ඔබේ මතකෙට?
නෙතින් වෑහෙන කදුළු බිදුවක
අස්සෙ සැගවී ඉන්න මතකය
දමා වීසිකර පොළව මතටම
හිරුට දෙමු සිප ගන්න රහසෙම
හිරුට දුන්නත් මගේ මතකය
රශ්මියේ දවටා එවයි නම් මට
යලිත් සිප ගන්නවා මිස මම
පලා යන්නද දමා තනිකර
මතකයන් ටික හොදින් ගුලි කර
මුහුද වෙත ගොස් දමා එන්නද?
මුහුදෙ රැළි හා එක්ක සටනට
යන්න හැකිවෙද අපේ මතකෙට
රැගෙන ගොස් කදු මුදුනකට මම
තල්ලු කර දමා ආවොතින් හෙම
මිතුරු වී සැඩ සුලග එක්කල
යලිත් ඒවි ද මා සොයා ගෙන
පවසන්න මට කුමක් කරමුද?
මාව පෙලනා ඔබේ මතකෙට
සූර සූරා මගේ හදවත
බොහෝ දුක් වේදනා දෙන විට
ඒ වේදනාවනෙ පලා යන එක හරි අමාරුයි..
ReplyDeleteඒක නම් ඇත්ත දිනේශ්
Deleteලස්සනයි
ReplyDeleteස්තූතියි කුරුටු :)
Deleteකීතු කරමින් කපා දැමුවද
ReplyDeleteගිරක මුදුනින් පහත හෙලුවද
සිඳු පතුළ ලා වසා තැබුවද
මතක මල් පොදි මකනු කෙලෙසද..
"මතක මල් පොදි මකනු කෙලෙසද...."
Deleteඒක තමා ප්‍රශ්නෙ වැසී:p :p
නියමයි....
ReplyDeleteස්තූතියි කටූ :)
Deleteලස්සනයි පද පෙල.. ඔන්න නවතින්නම බලන් ආව මේ පැත්තෙ.
ReplyDeleteස්තූතියි ලේ පාට හීන. ඔයාව ආදරයෙන් පිළිගන්නවා.
Deleteඔන්න අපිත් මේ පැත්තට ආවා ...
ReplyDeleteහිතට දැනුනු පද පේලි ටිකක්.. අපූරුයි...
ඔයාව ආදරයෙන් පිළිගන්නවා කුශී.
Deleteඑහෙමද? ස්තූතියි ඔයාට.......
ලස්සනයි. මාත් එක්ක තරහද?
ReplyDelete