ඔයා වැරදියි අල්තීනායි
ඔව් ඔයා වැරදියි අල්තීනායි
දැක්ක ගමන් දුල්ශෙයින්ට
පිදුවට උබේ හදවත
උඹ වැරදියි
උණුසුම් කරන්න දුල්ශෙයින්ගෙ ඉස්කෝලෙ
වියලිච්ච ගොම ගෙනත් දීලා
ගෙදරින් දඩුවම් විදපු
උඹයි වැරදි
කෙල්ලෙක්ගෙ සියුමැලි කකුලකට
දරන්න බැරි තරම් සීතල වතුරෙ බැහැගෙන
දුල්ශෙයින් එක්ක ඉස්කෝලෙට පාර හදපු
උඹයි මෙතන වැරදි
දුල්ශෙයින් උගන්නපු අකුරු
බොහොම හොදින් මතක තියාන
නගරෙට ගිහින් අකුරු අහුලපු
උඹයි වැරදි
දුල්ශෙයින්ගෙන් ආදරේ ඉල්ලලා
ලියුමක් යවපු උඹයි වැරදි
ඒකට උත්තර නොදීපු
දුල්ශෙයින් නෙමේ
උඹයි වැරදි
මනුස්සයෙක්ට ආදරේ නොකර
දෙවියෙක්ට ආදරේ කරපු
උඹයි මෙතන වරදි
දුල්ශෙයින් දෙවියෙක්
ඒත් මනුස්සයෙක් නෙමෙයි
දෙවියන්ට තේරෙන්න නෑ
ගැහැණියකට ආදරේ කරන්න
hmm....අන්තිමේ මමයි වැරදි..?
ReplyDeleteජයවේවා.
බැක්ග්‍රවුන්ඩ් එක පේනව වැඩි නිසා කියවන්න අමාරුයි, ඩිස්ට්‍රෑක්ට් වෙනව කියල හිතෙන්නෙ මට විතරද මන්දා.
සින්ඩි වල ඉන්නවද ඔයා? හොයල බලල දාගන්න මිත්‍රයා.
ස්තූතියි හීන.
Deleteඅමාරුයිද කියවන්න? මන් ඒ ගැන බලන්නම්. සමහර සින්ඩිවල නම් ඉන්නවා. තවත් බලලා දාගන්නම් මන්. ස්තූතියි හීන මතක් කරාට ඒ ගැන
හැබැමයි..
ReplyDeleteඅල්තීනයි වැරදී....
බුද්ඩියෙන් ආදරය දෙස බලන මිනිසුන්ට...
හදවතින් ආදරය කරන හැම ගැහැනියක පරිද්දෙන්ම...
අළු පිළිගන්නවා ඔයාව ගොඩාක් ආදරෙන් මේ පැත්තට.
Deleteඔයාගෙ පිළිතුරු කවියත් ලස්සනයි :)
බුද්ධියයි , හදවතයි එකතු වි සමබර වු ප්‍රාණින් ආදරය විඳිනවා, ජීවිතය විඳිනවා... අනිත් ප්‍රාණින් විඳවන අතරේ මෙලොව සදාතනිකව...නිර්මාණය ලස්සනයි...
ReplyDelete