Sunday, September 25, 2022

රහසක්

 රහසක්




කැමරාව මත රැදුන දෑතක් 

පන්හිදට පන පොවන සුරතක්

පින්සලක් අත හැරපු සවසක්

අයෙක් වෙත් ඒක තව රහසක්


කෝපි පැහැ ගත් සොදුරු දෑසක්‍ 

ඊ හිසක මෙන් තියුනු බැල්මක් 

මද සිනාවන් පනින දෙතොලක්

ඉද හිටක කැපී යන රැව්ලක්


ජීවිතේ මං කියන තරුවක්

සැමවිටම මා රකිය සුරයක්

හැම මොහොතෙ ලග දැනෙන හැගුමක්

මෙමට ඇත ඒක තව රහසක්


ඉදහිටක නුඹ දකින දවසක් 

වසත් මල් ඇහැ අරින මොහොතක්

මුහුණු පොත මත ලියූ අකුරක්

විඩාවන් නිවන මද සුලගක්


ඉදහිටක ගත රැදෙන සුසුමක්

සීතලෙන් මා වෙලන හැගුමක්

ඔහු නොමැති දින බොහෝ දිගුවක්

ජීවිතය වෙලා ගත් මහ නපුරු අදුරක්


සිසිරයේ හිරු මෙන්ම උණුසුම්

හමන මද පවන මෙන් සැනසුම්

ගිම්කාලෙ මා නිවන තෙපලුම් 

වසත් කල ඔහු කරයි ගෙත්තම්

No comments:

Post a Comment