කදුලු
සදක් නැති අහසකට
තරුත් ඇත ලග ඉන්න
වැසිත් නැති දිනවලට
වැවක් ඇත දිය දෙන්න
මලක් බිම වැටෙන විට
පොළව ඇත සිප ගන්න
නුබත් නැති රෑවලට
කදුලු ඇත ලග ඉන්න
කදුලු
සදක් නැති අහසකට
තරුත් ඇත ලග ඉන්න
වැසිත් නැති දිනවලට
වැවක් ඇත දිය දෙන්න
මලක් බිම වැටෙන විට
පොළව ඇත සිප ගන්න
නුබත් නැති රෑවලට
කදුලු ඇත ලග ඉන්න
ආදරය තියෙන්නෙම එකම එක සෘතුවකද
ආදරය තියෙන්නෙම එකම එක සෘතුවකද
සිසිරයේ සැදෑවක ඩයිඩ්‍රැක්ස් නොපිපේද
සරත් කල අතර මැද හිම පියලි නොවැටෙයිද
ආදරය තියෙන්නෙම වසන්තයෙ විතරයිද
ප්‍රේමයෙන් පිරි කලෙක සිනාවක් පමණමද
උණුම උණු කදුලකට මුව සිබිය නො හැකිමද
ඉදහිටක රණ්ඩු වී යළි බැදෙන්නට බැරිද
වසන්තය නැති කලෙක අපට අප හිමි නැතිද
වැස්සකට පසුව එන දේදුන්න නොපෙනේද
කදුලකම සැගවෙච්ච සෙනහසක් නොදැනේද
මං නුඹට ආදරෙයි එක විටම මුමුණමුද
එකම එක හාදුවක යළි සෙනේ පුරෝමුද
හිටිගමන් දහවලක වැහි අදුර නොවැටේද
වසන්තය අතර මැද මහා වැසි නොවහීද
මිමෝසා පත්‍රයන් දහවලේ නොනිදාද
ඉතින් මේ හැම සෘතුවකම අපේ පෙම දලුදාද
ඉස්සර මම කවි ලිව්වා. බ්ලොග් ලිව්වා. පොත් කියෙව්වා. ෆිල්ම්, ටීවී සීරීස් බැලුවා. පස්සෙ එක දවසක් නැකිටිද්දි හැමදේම අලුපාට වෙලා තිබ්බා. මිමෝසා ගස්වල කටු විතරක්ම පේන්න අරන් තිබ්බා. ට්‍රයිඩැක්ස් මල් ලෝකෙන්ම අතුරුදහන් වෙලා තිබ්බා, මිදි කොලවලට වඩා මේපල් පත්‍රවල හිතුවක්කාරකම ආසා කරපු මට මිදිකොල විතරක්ම පේන්න ගත්තා, රතු ඇපල් නොකෑවත් හලාහල විශ ශරීරගතවෙලා තිබ්බා, ඉදිකට්ටක් ඇගිල්ලෙ ඇනුනෙ නැති උනත් ඇදට ආදරේ හිතෙන්න ගත්තා, අකුරු අමතක වෙලා ගිහින් තිබ්බා, හිම ප්‍රහාරයකට මුහුණ නොදුන්නත් ඒ උදේ හමපු සීතලම සීතල හුලගට අහුවෙලා හදවත ගල් වෙන්න අරන් තිබුනා. රුසියන් සුරංගනා කතා එක්කම ලොකු උන ළමා කාලයක් තිබ්බ මට ඉංග්‍රීසි සුරංගනා කතා විතරක් ම මතක් වෙන්න ගත්තා. ඉතින් එච්චරය
තුවාල
රෝස පාට දවස්, නිල් පාට දවස්, ලේ පාට දවස් වගේම, අලු පාට දවස්වලත්, සුදුම සුදු දවස්වලත්, කලුම කලු පාට අන්දකාර දවස්වලත් මට ඕන ඔයාගෙ අතින් අල්ලන් ඉන්න. ඔයාගෙම විතරක්
මන් කියන්නෙ නැ මන් කවදාවත් ඔයාට රිද්දන්නෙ නෑ කියලා. මොකද මන් දන්නවා මන් අල්ලන් ඉද්දි අත ඇරෙයි කියන බයට මන් තදින් අල්ලයි, එතකොට මගෙ නියපොතුවලට සීරෙයි, තුවාල වෙයි, ලේ ඒවි, සමහර විට ඒ තුවාලවලටම විසබීජ ගිහින් නොදැනුවත්වම ඒවා ලොකු තුවාල වෙයි. මන් තදින් අල්ලන් ඉද්දි මගෙ හිතේ තියෙන්නෙ එකම බය ඔයාව අත ඇරෙයි කියන එක. එතකොට මගෙ ඔලුවට යන්නෙ නෑ ඒ තද කරන විදිහට ඔයාට රිදෙයි කියලා,මගෙම නියපොතු ඔයාව තුවාල කරනවා කියන එක. ඒත් හැමදේම සාමකාමී වෙලා මන් ඔයාගෙ අත දිහා බලද්දි ඒකෙන් ලේ ගලද්දි ඔයාට වඩා මට රිදෙනවා රන්. ඔයා පිලිගත්තත් නැතත් ඔයාට රිද්දන්න කරන හ්ැම දේකින්ම වැඩියෙන් රිදෙන්නෙ මට. මන් පොරොන්දු වෙනවා අනිත් අයගෙන් වන තුවාල වගේම මන්ම කරන තුවාල තුවාලත් මන්ම සනීප කරන්නම්. හිමීට ඔයාට නොරිදෙන්න මන්ම බෙහෙත් දාලා සනීප කරන්නම්
අහිමි
නුබ නමට මගේ කවි එකින් එක ලියවුනත්
අපි අපට අහිමි බව අපි අපෙන් හැංගුවත්
නුබ මෙමට අයිති බව මා නුබට කියූවත්
ඔය සුරතෙ ඇති මුදුව ඔබ ඇගෙන් ලැබූවක්
මා නුබේ පෙම්වතිය බව ලොවට කියූවත්
ඔහු මෙමට පෙම් කරන බව ඇයට වැසූවත්
හැම දාම ලග ඉන්න හෙටක් ගැන පැතූවත්
නුබෙ ඇගේ අයිතියම නීතියෙන් පිදූවක්
ජීවිතේ හැම හීන කදුලු වී ගැලූවත්
අපි අපිට හැංගෙමින් රෑ පුරා හැඩූවත්
නිදි නොමැති රෑ ගණන් එකතු වී ගෙවූවත්
වසන්තය ඇවිත් යයි මේ ලෙසට වතාවක්
රෑ සිහිනවල හොදින් ජීවිතය මැවූවත්
හීනවල පන ලබා දින ගණන් ගෙවූවත්
ආදරේ නුබට මයි අපි අපට කියූවත්
අවදි වී යා යුතුය එයට ඇත වෙලාවක්
නොමියෙන ආදරේ
නිදි නැතිව රතු වෙච්ච දෙනෙතක
එන තෙක්ම මග බලපු බැල්මක
හිත රිදුනු එක් පුංචි බැනුමක
තිබිය නොහැකිමද ආදරේ නොමියෙන
ඔබ නැතිව තනි වෙච්ච මොහොතක
මට හොරෙන් ගිලිහෙච්ච කදුලක
මුලු ලොවම පාලුවේ යැයි දැනෙන හැගුමක
තිබිය නොහැකිමද ආදරේ නොමියෙන
නුබ කියා සිප ගත්ත රූපෙක
මට පාලුයි යැයි එවූ අකුරක
හුවමාරු කර ගත්ත එක් පුංචි හීනෙක
තිබිය නොහැකිමද ආදරේ නොමියෙන
මධු බදුන පෙරලී බිම වැටුන හවසක
දුම් වැටි අතුරුදන් වන මායාකර්මෙක
මිතුරු හමු අතර මැද එවන ඇමතුමක
තිබිය නොහැකිමද ආදරේ නොමියෙන
වත පුරා මැවුනු නිය රටාවක
ජීවිතය වටහා දුන්න සිපුමක
රාගයම තවරා කරපු සැපුමක
තිබිය නොහැකිමද ආදරේ නොමියන
ඔබ අසල නිරුවත් වෙච්ච දවසක
සැමදේම නුබටමයි කියන මොහොතක
රාගයේ පහසින්ම අප වෙලෙන ක්ෂණයක
තිබිය නොහැකිද ආදරේ නොමියෙන
ඉතින් මා සුපෙම්වත
ඉතින් මා සුපෙම්වත නුබ කොහේ වෙසෙනවාද
පිපෙන මල් වැසි වෙලා නුබේ වත සිබිනවද
මහ නපුරු මේ කාලෙ නුබ හොදින් වෙසෙනවාද
අත ගත්තු ඈ සුවෙන් නුබේ ලග නිදනවාද
මුහුණු පොතෙ වගතුගත් මන් වගේ සොයනවද
මගහැරුනු ඇමතුමට දෙස්දෙවොල් තියනවාද
නුබ දවන ඉකිබිදුම් ඉදහිටක තියනවද
නුබ ඉතින් සිනාසී ඒ හිසත් සිබිනවද
කටුගාපු කුරුටු කවි ඈ හොදින් බලනවාද
නුබ ලියන කතාවල පෙර අපර සොයනවද
අත රැදුන පන්හිදක් ඇයට අගයක් නැද්ද
සයිබරය කිසි තැනක නොලියන්නෙ ඒකමද
මංගල්‍යය දින තිබූ හිනාවන් එහෙමමද
ඇත්තමයි ඇය හොදයි ලස්සනයි නේද
ඇය දකිනවිට මෙමට රිදෙන බව දන්නවාද
ඇගේ රුව මා ඇසින් වසන්නේ ඒකමද
මට ඇවැසි ලෙස එදා නුබ නොඇන්දේ මන්ද
නුබ රජෙක් ඇත්තමයි නොඇන්දත් මුල් ඇදුම
පෙම් බැන්ද රැවුල කොන්ඩය කපා දැමුවේ ඇයිද
පෙර මෙන්ම නුබත් දැන් ඒවාට ප්‍රිය නැද්ද
ඉතින් නුබ පෙර මෙන්ම රෑ අහස බලනවාද
වලාකුළුවල ඉතින් මගේ රුව සොයනවාද
බ්ලොක් කරපු අය අස්සෙ මගෙ නමත් තියනවාද
ඉදහිටක නුබ හොදින් දැයි ඇවිත් කියනවාද
මන් දුන්න කවි පොතේ කවි තාම තියනවාද
ඉදහිටක කවි අස්සෙ මගේ රුව මැවෙනවාද
අපි අපට කල ප්‍රේමෙ මතක් වී රිදෙනවාද
බ්ලොග් එකට නුබ ඇවිත් හොරපාරෙ යනවාද
නිදි නොමැති රෑවලට අපෙ මතක එබෙනවාද
නුබ එවිට වම්පසින් නිදන ඈ දකිනවාද
මා දවන සුසුමක්ම මා වෙතම පා කරලා
ඉතින් ඇය තුරුලට කරන් නුබ යලිත් නිදනවාද