Tuesday, February 22, 2022

මගෙ සුසුම් ඉදහිටක නුබ ගතේ වදිනවද

 මගෙ සුසුම් ඉදහිටක නුබ ගතේ වදිනවද



මගෙ සුසුම් ඉදහිටක නුබ ගතේ වදිනවද

ඒ සුසුම් මත රැදුනු ආදරේ දැනෙනවද

මුහුනු පොත් පිටු අතර මගෙ මතක තියනවද

නුබ හදේ කොනක හෝ මන් තවම ඉන්නවද



පෙරදාක මා ලියූ කවි තාම තියනවද

කවි අතර හන්ගාපු ආදරේ දකිනවද

නුබ දකින හීනවල මං  තවම ඉන්නවද

අප මතක හීනයන් යැයි ඔබට සිතෙනවද


ඔබේ මිතුරන් ඉතින් මගෙ ගැනත් අසනවද

නුබ එවිට පිළිතුරක් ලෙස කුමක් කියනවද

අපෙ මතක මතක් වී ඔය ඇසුත් තෙමෙනවද

දුරකතනෙ අස්සෙවත් මන් තවම ඉන්නවද

Tuesday, February 15, 2022

ඇය

ඇය

නුබේ ඇස තුළ දිලෙන ආදරේ ඇයටමයි

ඔය හදේ අයිතියත් දැන් ඉතින් ඇයගෙමයි

ඇගෙ පෙමේ අයිතියත් ඈ ලිවුවෙ ඔයාටයි

නමුත් මගෙ හදවතම පතන්නේ ඔයාවයි

Tuesday, February 8, 2022

 



 සුමිතුරේ අසනවද කතාවක් ඇත මට

කියන්නට ආසමුත් කියලාත් බැහැ නුබට

එක්කෝ නොකියාම රකින්නම් පන ලෙසට

මිතුරුබව වටින හැමදේටම වැඩියෙන් අපට


හිත රිදුන හැමතිස්සෙම හිත හැදුවෙ ඔයාමයි

අඩන්නට ඇසක් මට දුන්නෙ ඔයාමයි

ගෙවෙන හැම මොහොතකම ඇස් හෙව්වෙ ඔයාවයි

මගෙ හදේ පිපෙන මල් දැන් ඉතින් ඔයාටයි


මැදියමේ සිහිනවල ඔබමයි

ගෙවෙන හැම මොහොතකම සිත බැදුනේ ඔයාටයි

ලං වුනත් ලං නොවී දුර යන්නෙ ඔයාමයි

උදාවන වසන්තය දැන් අයිති ඔයාටයි

Tuesday, February 1, 2022




කවිකාර සුපෙම්වත සොරෙන් ඉගි බිගි පාන

ජීවිතේ මාවතේ  එහෙ මෙහේ ඇවිද යන

පෙම්වතා නොවේ මම හැකි විටක පෙම් කරන

සුමිතුරා පමනමය හැමදාම ලග රැදෙන

Wednesday, January 5, 2022


 සීතලම මදනලේ හැකිවෙයිද දුර යන්න

මගෙ කදුලු බිදු අරන් දුර ඈත පියඹන්න

නුබේ මතකයම ඇති බිදුන සිත සනසන්න

හැකිවෙයිද මගෙ ලොවට ඉරක් වී පායන්න


Wednesday, December 29, 2021

එතනිනුයි ආදරේ ලියවුනේ නුබ නමට


එතනිනුයි ආදරේ ලියවුනේ නුඹේ නමට



ඔබේ ඔය සිනාවල මගේ නම රැදෙන විට
ගයන හැම ගීකම මගේ ගැන ගැයෙන විට
කියන මං හැමදේම ඔබ හොදින් අසන විට
එතනිනුයි ආදරේ ලියවුනේ නුඹේ නමට

පරිගනක තිරය මත දුරකථනෙ පුරාවට
නුබ එවපු පනිවිඩම එහෙ මෙහෙ දුවන කොට
මගේ හිත එක් කොනක් නුඹේ නම සොයන කොට
එතනිනුයි ආදරේ ලියවුනේ නුඹ නමට

සුන්දරම හීනවල නුඹ සෙමින් රැදෙන කොට
කවිකාර සැදෑවල නුබ ගැනත් හිතෙන කොට
අපේ ගැන මතකයන් මට සිනා ගෙනෙන කොට
එතනිනුයි ආදරේ ලියවුනේ නුඹ නමට

හැම වැඩම මග ඇරන් මා වෙතම රැදෙන විට
සති අන්ත එකින් එක මගෙ නමට ලියන විට
වැටෙන වැහි බිදු වලින් නුබ මාව රකින විට
එතනිනුයි ආදරේ ලියවුනේ නුඹ නමට

Monday, December 13, 2021

Hello December

Hello December  

 



මගෙ දෙසැම්බර් රුචිය

ඔබ නිසාමයි සබද

නොමැති නම් නුබේ දින

මේ පාලු සීතලට

මං ප්‍රේම කරනු කිම


වැසි වැටෙන හැමදාම

මා හදත් ගිලන් වන

වැටෙන වැහි කෝඩුවට

නොතෙමීම සැගව යන


තොල ගාන කිරි කෝපි

රුචි නොවේ කිසිම දින

මැදි වෙච්ච සිගරට් දුමට

පෙම් බදින නුබට මිස

ඒවාට නැත රුචිය


ඉතින් මේ මං කැමති

මේ පාලු රාත්‍රියට

වසරකට වරක් හෝ

ගන්න හැකි ඇමතුමට